https://www.youtube.com/embed/whHkD_dQnWM?si=kNu8AMuf331qlgXF” title=
Author: Supun
SLFP is in Crisis
https://www.youtube.com/embed/2kzpmPEhX-I?si=bTGq27cgFQKtqQ8m” title=
උත්සව සමයේ ගිනිකෙළි හා මාර්ග අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන්න – සෞඛ්‍ය අංශ
එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උත්සව සමයේ හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර, 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේ අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බවට සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙරට සිදුවන මාරක අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් අධිවේගී මාර්ගවලින් පිටත සිදුවීම හේතුවෙන් රියදුරන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජිත් රණතුංග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මොණරාගල චමෝදිගෙන් විශිෂ්ට පන්දු යැවීමක් – එංගලන්තය පරදා ලංකාව ජයගනී
වයස අවුරුදු 19න් පහළ තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවති තරගය ලකුණු 108කින්
ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය
එහිදී 14 හැවිරිදි චමෝදි මුණසිංහ ප්‍රතිවාදී කඩුලු 05ක් දවාගැනීම විශේෂත්වයක් විය.
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4කදී සියලු ක්‍රීඩිකාවන් දැවී ලකුණු 226ක් රැස් කළහ.
රශ්මිකා සෙව්වන්දි ලකුණු 59යි. සංජනා කාවින්දි ලකුණු 27ක් රැස් කළාය.
පන්දු යැවීමේදී අමූ සුරේන්කුමා සහ සොෆියා ස්මෙල් කඩුලු 02 බැගින් බිඳ හෙළීය.
පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 23යි පන්දු 3කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කරගැනීමට හැකිවුණේ ලකුණු 118ක් පමණකි.
ජෝදි ග්‍රේව් කොක් ලකුණු 26යි. චමෝදි මුණසිංහ ලකුණු 42කට කඩුලු 05ක් දවා ගත්තාය.
චමෝදි මුණසිංහ මොණරාගල, කුඹුක්කන ගම්මානයෙන් 19න් පහළ ජාතික කණ්ඩායමට තේරී පත්වූ ක්‍රීඩිකාවකි.
මෙතෙක් ඉතිහාසයේ එම ප්‍රදේශයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කළ පළමු ක්‍රීඩිකාව වන්නේ ද ඇය වේ.
කෙහෙළියගේ රීට් පෙත්සම ගැන තීරණය අප්‍රේල් 30 වැනිදා
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත් දෙනකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරු වශයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය අප්‍රේල් 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කරනු ලැබීය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ අද (අප්‍රේල් 09 වැනිදා) සලකා බැළුණි.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.
තමා අත් අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බවත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් පවතින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් දෙන තුරු මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම රිට් පෙත්සමේ සඳහන් කර නොමැති අතර එය අධිකරණය හමුවේ කළ කරුණු වසන් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කර සිටියේය.
තමන්ට මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ප්‍රතික්ෂේප වූ අවස්ථාවක ඊට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී එම නීතිමය පියවර අනුගමනය කිරීම මග හැර පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවට පැමිණීම සම්මත නීතිමය පටිපාටිය උල්ලංඝණය කිරීමක් බවත් එය අධිකරණ බලය අවභාවිතයට ලක් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය.
පෙත්සම්කරු නීතිය මගහැර තමාට රිසි අධිකරණ තෝරා මෙවැනි නඩුකර ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
එම අවස්ථාවේදි ප්‍රශ්නයක් මතු කළ විනිසුරු සමරකෝන් “ඔබ මේ අධිකරණයට චෝදනා එල්ල කරනවාද?” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගෙන් විමසීය.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ” ස්වාමීනි…මා කිසිම අවස්ථාවක ඔබ තුමාගේ අධිකරණයට චෝදනා එල්ල කරන්නේ නෑ. මා චෝදනා කළේ පෙත්සම්කරුට. පෙත්සම්කරු නීතිය අවභාවිතයට ලක් කිරීම මැඩ පැවැත්විය යුතුයි .” යනුවෙන් කියා සිටියේය.
මෙම පෙත්සමට අදාළ දිවුරුම් පෙත්සම පෙත්සම්කරු විසින් අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී බව එහි සඳහන් වන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පෙත්සම්කරුට පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වීම සඳහා පමණක් අනුමැතිය හිමි වී තිබෙන බවත් කියා සිටියේය.
බන්ධනාගාර රෙගුලාසිවලට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකු දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කළ යුත්තේ බන්ධනාගාර නිලධාරිකු ඉදිරිපිට බවත් මෙම නඩුවට අදාල දිවුරුම් පෙත්සම අත්සන් කිරීමේදී පෙත්සම්කරු එම නීතිමය ප්‍රතිපාදනය අනුගමනය කර නොමැති බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කරු බන්ධනාගාර පනත යටතේ වරදක්කර ඇති අතර පාර්ලිමේන්තු වරප්‍රසාද ද අවභාවිතයට ලක් කර තිබෙන බවත් චෝදනා කළේය.
ඒ අනුව අධිකරණය ඉදිරියේ පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් නෛතික පදනමක් එම පෙත්සම තුළ අන්තර්ගත වී නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් සිය පිළිතුරු දේශන ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා පෙත්සම්කරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වැරදි සහගත බවත් ඔහුට එරෙහිව පොලිසිය විසින් පොදු දේපළ පනත යටතේ විධිමත් සහතිකයක් ඉදිරිපත් කර නොතිබූ බවත් සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ නඩුකරයේ සෙසු සැකකරුවන් සදහා ඉදිරිපත් කළ සහතිකය පෙත්සම්කරු සඳහා ද අදාළ කරගන්නා ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු චෝදනා කර සිටියේය.
ඒ අනුව පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොදු දේපළ පනත යටතේ වු සහතිකයක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බව පෙනී යන්නේ යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ මත පදනම්ව නඩුව අවසන් වන තුරු පෙත්සම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීතියට පටහැනි බවත් කියා සිටියේය.
පොදු දේපළ පනත යටතේ විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කරනු ලබන්නේ මහාධිකරණය හමුවේ බවත් මහාධිකරණය හමුවේ එවැනි නඩු විභාගයක් ආරම්භ වී නොමැති අවස්ථාවක මෙම පෙත්සම්කරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අතරමැදි පෙත්සමක්
මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කියා සිටියේ මෙම නඩුකරයට සම්බන්ධ අපරාධමය ක්‍රියාවලිය හේතුවෙන් මහජනතාව අගතියට පත්ව ඇති බවයි.
ඒ අනුව මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන මෙම නඩුකරයට මැදිහත්වීමට ලංකා නීතිඥ සංගමය තීරණය කළ බවත් මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ සියලු මූලික විරෝධතා තමන් පිළිගන්නා බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීම සිදු කර ඇත්තේ ඉන්දියානු ණය ක්‍රමය යටතේ බවට පෙත්සම්කරු ප්‍රකාශ කළත් එය මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් බවට කරුණු අනාවරණය වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් මාතර, මාතලේ, මහනුවර වැනි රෝහල් වල ප්‍රතිකාර ගත් රෝගීන්ට සංකූලතා මතුවී තිබෙන බවත් කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ගත් රෝගියෙකු මියගොස් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
සියලු කරුණු සලකා බලා මෙම පෙත්සම විභාගයට ගැනීමට නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
(උපුටා ගැනීම -BBC සිංහල සේවය )
ජනමාධ්‍ය නිවේදනයයි
ජනමාධ්‍ය නිවේදනයයි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජ ගත කිරීමට උත්සාහ දරමින් ඇති බැවින් ඒ පිළිබඳ සත්‍ය තත්වය පැහැදිලි කළ යුතුව තිබේ.
දෙපාර්ශ්වය අතර විවාදයක් පිළිබඳ පළමු කථාබහ නිර්මාණය වන්නේ අප පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් 2023.01.09 දින හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනේදී රටේ සංවර්ධන මාවත පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට සූදානම් බවට කරන ලද ප්‍රකාශය සමගය. ඒ, සජිත් ප්‍රේමදාස මහතා විසින් විවිධ මාධ්‍යයන්හි ජාතික ජන බලවේගයට එරෙහිව කරුණු දක්වමින් සිටි තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් මතු කරන ලද අදහස්වලට ප්‍රතිචාර ලෙසය.
කෙසේ වුවද සජිත් ප්‍රේමදාස මහතා කවර හෝ හේතුවක් මත එම විවාදය පිළිබඳ අභියෝගය භාර නොගත් අතර පසුව ඒ වෙනුවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය සමග ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයක් කිරීම පිළිබඳ මාතෘකාවක් ඉදිරිපත් කර සිටියහ. දැන් විවාදය පිළිබඳ මුල් සංවාදය යටපත් කරමින් දෙවෙනුව ගෙනා විවාද යෝජනාව පිළිබඳ සංවාදයක් ඉදිරියට ගැනීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් ගන්නා උත්සාහය ඊයේ (09) දින නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මගින් කූට ප්‍රාප්තියට පත්ව ඇති බව අපි නිරීක්ෂණය කරමු.
එම නිවේදනයේ ඔහු ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය විවාදය මඟහරිමින් සිටින බවටත් විවාදය සඳහා පළමුවෙන් යෝජනා කළේ තමන් බවටත් ජාතික ජන බලවේගය අතීතය අමතක කර ඇති බවටත් චෝදනා කරයි. එහෙත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයට ආර්ථිකය පිළිබඳ සිදු කෙරෙන විවාදයක් මඟහැරීමේ අවශ්‍යතාවක් කිසිසේත් නොමැති අතර ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, ලොව දියුණු රටක් බවට ගොඩනැගීමට අදාළ උපායමාර්ගික සැලසුම් හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් එය සතුය. විවාදයක් පිළිබඳව ගොඩනැගුණු මුල්ම සංවාදය අනුවත්, 2024 වර්ෂයේ එලඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙසත් අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම විවාදය පැවැත්වීමේ අවශ්‍යතාව අපි නැවතත් අවධාරණය කරමු. එසේම මේ තත්වය තුළ අතීතය අමතක වීමේ රෝගයෙන් පෙළෙන්නේ කවුදැයි ජනතාවට අතිශය පැහැදිලි වනු ඇතැයිද සිතමු.
මේ සියල්ල සලකා බලමින් අපි පහත යෝජනා සමගි ජන බලවේගය වෙත ඉදිරිපත් කරනු කැමැත්තෙමු.
01. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර රට වැටී ඇති සමස්ත අර්බුදයෙන් ගොඩගැනීමේ මාවත පිළිබඳ විවාදයක් පැවැත්වීමට අප සූදානම්ය.
*02. යම් හෙයකින් එවැනි විවාදයකට සමගි ජන බලවේගය සූදානම් නොමැතිනම් හා ඒ අනුව එවැන්නක් නොපැවැත්වෙන්නේ නම් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය, සමගි ජන බලවේගයේ ඒ හා සමාන නියෝජනයක් දරන කණ්ඩායමක් සමග විවාදයක් පැවැත්වීමට සූදානම්ය. *
මේ තත්වය තුළ විවාදය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස සමගි ජන බලවේගයට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින අතර ඔවුන්ගේ අසත්‍ය තොරතුරුවලින් නොමඟ නොයන ලෙසත් සත්‍ය තත්වය නිවැරදිව තේරුම් ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
වෛද්‍ය නලින්ද ජයතිස්ස
ජාතික විධායක සභික
ජාතික ජන බලවේගය
2024.04.10
සහෝදරත්වයෙන් බැඳුණු එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස නැගීසිටිමු
රාමසාන් දින පණිවිඩය – 2024.04.10
සහෝදරත්වයෙන් බැඳුණු එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස නැගීසිටිමු
ඉස්ලාම් බැතිමතුන් විසින් පුරා මාසයක කාලයක් ආරක්ෂා කර ගත් උපවාස සමයේ අවසානය සනිටුහන් කරන රාමසාන් උත්සවය මෙම අප්‍රේල් 10 වැනි දිනට යෙදී ඇත. එම උත්සවය සැමරීමට එක්වන ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට අපි ජාතික ජන බලවේගයේ සුබ පැතුම් පිරිනමමු.
දෛනික ජීවිතයේ දුෂ්කරතා ඉවසීමෙන් දරා ගනිමින් මාසයක කාලයක් පුරා ආරක්ෂා කරගන්නා උපවාස ශීලය තුළ ඉතිරි කර ගත් ධනය තම සහෝදර ජනයාට උදව් උපකාර කිරීම සඳහා ප්‍රයෝජනයට ගැනීම රාමසාන් උත්සවයේ අරමුණයි. රාමසාන් වත්පිළිවෙත් වර්තමාන දූෂිත සමාජ ක්‍රමය විසින් මිනිසුන් අතරින් බලහත්කාරයෙන් ඈත් කරවමින් තිබෙන මනුෂ්‍යත්වය හා පරාර්ථකාමය ආදී ගුණාංගයන් නැවත ජීවිත තුළට කැඳවීමට ගන්නා උත්සාහයකි.
වසර හැත්තෑහයක දූෂිත දේශපාලනය විසින් රටත් ජනතාවත් ඇද දමනු ලැබ ඇති ආර්ථික සහ සමාජීය ව්‍යසනය අපි අත්දකිමින් සිටිමු. එසේම බලලෝභී දේශපාලන වුවමනාකම් වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය මත මිනිසුන් බෙදා වෙන් කර තැබීමේ දුෂ්ට ප්‍රවණතා සහ ඒ වෙනුවෙන් මහපොළොව ලෙයින් පෙඟී ගිය ආකාරයද අපි දැක ඇත්තෙමු. කෙසේ වුවද මෙම දුෂිත බලලෝභී දේශපාලන සංස්කෘතිය සහ එහි දුෂ්ට වුවමනාකම් මේ වන විට මුළුමහත් ජන සමාජය විසින් දැනුවත්ව ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට පැමිණීම සතුටට කරුණකි. දූෂිත පාලකයින් බිය ගෙන සිටින්නේ මෙම ජන මතයටය. සියලු ජනතාවන්ට තමන් අයත් ජාතිකත්වය ඉක්මවා සහෝදරත්වයෙන් බැඳුණු එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස නැගීසිටින්නට සහෝදරත්වය මත පදනම් වූ රාමසාන් උත්සවය විසින් ලබා දෙන මඟපෙන්වීම අපි අගය කරමු.
ශ්‍රී ලාංකේය දේශය නව පුනරුද යුගයක් අරඹන්නට සූදානමින් සිටින ඓතිහාසික වසරක, රාමසාන් සමරන ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට සහෝදරත්වයේ නාමයෙන් එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අත්වැල් බැඳගැනීමට අපි ආරාධනා කරමු.
අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.04.10
සුභාශිංසන
සුභාශිංසන
අනාදිමත් කාලයක සිට ඉස්ලාමීය ජනතාව රාමසාන් කාල සීමාවේදී තම ආගමික වතාවන් හා ප්‍රාර්ථනා අගය කරමින්, අන් අයටද උපකාර කරමින් රට තුළ පවතින සංස්කෘතික හා ආගමික විවිධත්වයට ආදර්ශමත් අරුත් ලබා දෙයි.
ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව රටේ පාලන ක්‍රියාවලියට, ව්‍යාපාර ක්ෂේත්‍රයට, අධ්‍යාපන හා විවිධ වෘත්තීය ක්ෂේත්‍රවලට, ක්‍රීඩා හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබාදෙන සක්‍රීය දායකත්වය උදෙසා කෘතවේදීත්වය පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.
අප මේ වනවිට පසු කරමින් සිට ජයගෙන සිටින අතිශය අසීරු ඉලක්ක තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාම සඳහා මුස්ලිම් ප්‍රජාව කළ කාරුණික කැපවීම ඔබ සඳහා සුවිශේෂී වූ මේ කාලපරාසයේ තව දුරටත් අපේක්ෂා කරමි.
සුබ ඊදුල් ෆීතර් උත්සවයක් වේවා !
දිනේෂ් ගුණවර්ධන (පා.ම),
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2024 අප්‍රේල් 11 දින
ජනපති ඒ්කාලේ උඩරට නැටුම් නටපු හැටි ගැන කියපු විදිහ….
https://www.youtube.com/embed/3wLnSO2jmJw?si=2JmXEy8gaYyxIRZ-” title=
කටුපොත කැනීම් කරන්න ගිය පුද්ගලයින් දෙදෙනෙකුට කටුපොත පොලීසිය……
https://www.youtube.com/embed/xlIn82cMM1c?si=hbeo5ZCDXge2TUxj” title=
