පෙර වසරවලට සාපේක්ෂව අවුරුදු අනතුරුවල අඩුවක්

ඊයේ (14) දිනය වන විට විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 162ක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 37 ක් රෝහල් ගතකර ඇති බවත් ගිණිකෙළි අනතුරු කිසිවක් 13 වන දින වාර්තාවී නොමැති බවද ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ.

ඒ අනුව පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු දිනයේ සිදුව ඇති අනතුරුවල අඩුවීමක් වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

හිස තෙල් ගෑමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්….

හිස තෙල් ගෑමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්….

සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවයඅද (15) වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් මෙම ජාතික උත්සවය සංවිධානය කළ අතර පෙරවරු 10.17ට යෙදුණු සුබ නැකතට වත්තල හැඳල පුරාණ රජමහා විහාරාධිපති හිග්ගොඩ චන්දිම නායක හිමියන් අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතාගේ හිස තෙල් ගෑහ.

අනතුරු රාජ්‍ය උත්සවයට එක්ව සිටි ජනතාවගේ හිස තෙල් ගෑම මහා සංඝරත්නය විසින් සිදු කළහ.

එළැඹෙන 18 වෙනිදාට යෙදී ඇති පැල සිටුවීමේ නැකතට සිටුවීම සඳහා අධිපෝෂණීය, ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් මුරුංගා ශාකයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් හැඳල පුරාණ රජමහා විහාර දායක සභාවට පිරිනැමීමද සිදුකෙරිණි.

හිස තෙල් ගෑමේ උත්සවයෙන් බලාපොරොත්තු වන ආකාරයට ජනතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන බව එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

හිසතෙල් ගෑමේ උත්සවය සඳහා අවශ්‍ය නානු සහ සිංහල අලුත් අවුරුදු ලිත දේශීය වෛද්‍යවරුන්ට සහ සියලුම විහාරස්ථාන වෙත ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර,පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, සෞඛ්‍ය ලේකම් පාලිත මහිපාල ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු – සජිත්

අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු යැයි සිංහල දෙමළ අලුත් අවුරුදු දින සුබපැතුම් පණිවිඩය එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස හැඳින්වෙන මෙදින සියලු දෙනා එකම නැකතක සිට එකම කාර්යයක නියැළෙන අතර මෙකී චාරිත්‍රය නිසාම ලෝකයේ සෙසු රටවල් අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉතා ප්‍රචලිතව ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

සියලු ජනතාව මෙදින තමන්ට හැකි උපරිම අයුරින් මෙකී චාරිත්‍ර ඉටු කරන්නේ ඉදිරි වසරේ සෞභාග්‍යය සහ සශ්‍රීකත්වය අපේක්ෂාවෙනි. නමුත් පසුගිය කාලවකවානුව ලක්වාසී ජනතාවට එතරම් හොඳ කාලවකවානුවක් නොවූ බවද ඔහු පෙන්වා දෙනවා.

බදු බර වැඩි වීම, බඩු මිල ඉහළ යෑම, රටේ අභ්‍යන්තර අර්බුද ආදි ගැටලු රාශියකට රට මුහුණදුන් අතර මේ වන විට මැතිවරණ වසරක් ද උදා වී ඇති බවත් මේ වසරේ ජනතාව අපේක්ෂා කරන පාලනයක් රට තුළ බිහි වී නැවතත් අප මාතෘභූමියට සෞභාග්‍යය උදාවනු ඇති බවට තමාගේ විශ්වාසය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉරානයෙන් ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර දියත් කරයි

ඊයේ (13) රාත්‍රී ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ස්ථානවලට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම යුධමය තත්ත්වය පිළිබදව අමෙරිකාව ඇතුළු රටවල් රැසක අවධානය යොමුව ඇති අතර අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් ද කැදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Kristalina Georgieva යළිත් IMF කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට

දෙවන වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකාව ලෙස සේවය කිරීම සඳහා Kristalina Georgieva තෝරාපත් කරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ ඒකමතික තිරණයකට අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව Kristalina Georgieva ට ලබන ඔක්තෝම්බර් 1 වනදා සිට තවත් අවුරුදු 05ක් එම ධූරය හිමි වනවා.

ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙන් – ජනපති

ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙන් බවත් අලුත් අලුත් සිතිවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම, කැලැන්ඩර අවුරුද්දට අලුත් වීම, සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුනට ලැබී ඇති අවස්ථාවන්හි අලුත් වන බවත් මේ හැම අලුත්වීමක් පසුපසම තවත් අතිශය වැදගත් කාරණයක් වන අතර ඒ සමාජ සබඳතාවය සහ සාමුහිකත්වය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මගක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමුහිකත්වය බවයි ජනාධිපතියරයා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කරන්නේ.

661add82278d7

නව ජාතික පුනරුදයක් සඳහා වන ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් – අනුර

රටටත් ජනතාවටත් සැබෑ ජයග්‍රහණ අත්පත් කර දෙන නව ජාතික පුනරුදයක් සඳහා වන ඓතිහාසික ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

පවතින ආර්ථික අර්බුදය තුළ ජනතාවගෙන් බොහෝ පිරිසකට නව අවුරුද්ද තම අපේක්ෂාව අනුව උත්සවාකාරයෙන් සැමරීම පිළිබඳව සිතීම පවා අසීරු වී ඇති බවද, එසේ වී ඇත්තේ චක්‍රයක් සම්පූර්ණ කරමින් අලුත් අවුරුද්ද උදා වූ නමුදු, පැවති හා පවතින පාලනයන් විසින් වසර 76ක් පුරා ලාංකේය සමාජය ජනතා අපේක්ෂා සුන් කරන එකම දුෂ්ට චක්‍රයක ගමන් කරවීම හේතුවෙන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලැබෙන පළමු මොහොතේම පවත්නා දුෂ්ට හා දූෂිත සමාජ ආර්ථික දේශපාලන චක්‍රයෙන් ඉවත් වී, බංකොලොත් වී ඇති රට ඉන් ගොඩගෙන දියුණු හා සාධාරණ සමාජයක් වෙත ඔසවා තබන්නා වූ ජනතාවාදී පාලනයක් තෝරා ගැනීමට එළඹි අලුත් අවුරුද්ද විසින් ඉඩහසර විවර කර ඇති බවද, අලුත් අවුරුද්දේ ඇති කර ගන්නා වූ ප්‍රාර්ථනා සැබැවින්ම ඉටු වනු ඇත්තේ එවැනි තත්වයක් තුළ පමණක් බව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සියලු ජාතිකත්වයන්ට අයත් ජනතාව, භේද දුරලමින් ජනතාවාදී පාලනයක අවශ්‍යතාව සමග පෙළගැසෙමින් සිටින්නේ, එම සුභ නැකත එළඹෙන තුරු බවයි අලුත් අවුරුද්දට සුභාශිංසන එක් කරමින් ඔහු අවධාරණය කරන්නේ.

කැකිරාව PHI වරුන් විසින් අත්අඩංගුවට ගත් රුපියල් ලක්ෂ දෙක හමාරකට වටිනා බිත්තර තොගයක්….

https://www.youtube.com/embed/h39bzdO3XRA?si=4MYOdxLDyrFyBqYN” title=

පවුල් ආරවුලක් නිසා ඌරගස්මංහන්දියේදී කාන්තාවක් ගෙල කපා ඝාතනය කරයි.. සැමියා පොලිස් අත්අඩංගුවට……

https://www.youtube.com/embed/agsoZekihyI?si=YxsFoChjJeUPuDcA” title=