පොලිස් නිලධාරීන් සීමාව ඉක්මවා බලය පාවිච්චි කළොත් ඒවාට පුද්ගලිකව වගඋත්තර බඳින්න වෙනවා – පොලිස්පති

පොලිස් නිලධාරීන් රාජකාරී කිරීමේදී සීමාව ඉක්මවා බලය පාවිච්චි කළහොත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව වගඋත්තර බඳින්නට සිදුවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් හේතුවෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

මේ වන විට එම සිදුවීමට අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, අදාළ චෝදනාව එල්ල කරන අයද නීතිවිරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ වෙනත් කටයුතු සම්බන්ධව පෙර වැරදි ගණනාවක් ඇති පවුලක අය බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙකු අහංගම ප්‍රදේශයේදී ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ නෝට්ටු මුද්‍රණය කරන ලද කඩදාසි තොගයක් පොලිස් භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු 47 හැවිරිදි ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග

බීමත් රියැදුරෙක් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 5000 ක මුදල් ත්‍යාගයක් ලබා දීමට කටයුතු කරන බව රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි, බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මෙසේ මුදල් ත්‍යාග පිරිනැමීමට පියවර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනයේදී  බීමත්ව රිය පදවන රියැදුරන් හඳුනාගැනීම සඳහා රුධිර පරීක්ෂණ කට්ටල 150,000ක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවත් සඳහන්.

මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 1,500 දෙනෙකු යොදවා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අද හා හෙට කාර්යාල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

අද (13) හා හෙට (14) දිනවල කාර්යාල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් මෙම දිනවල නගරාන්තර දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එසේම විශේෂ කාල සටහනක් යටතේ දුම්රිය ගමන් වාර 06 ක් සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් අධිකරණය මගින් දඩුවම් ලබා සිටි රැඳවියන් 43 දෙනෙකු නිදහස් කිරීම අද (12) කළුතර බන්ධනාගාරයේදී සිදුවිය.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් අධිකරණය මගින් දඩුවම් ලබා සිටි රැඳවියන් 43 දෙනෙකු නිදහස් කිරීම අද (12) කළුතර බන්ධනාගාරයේදී සිදුවිය.
කළුතර බන්ධනාගාරයේ සිරකාරියක ඇතුළුව සිරකරුවන් 43 ක් මුදා හැරේ

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකාරියක ඇතුළු සිරකරුවන් 43 කු අද නිදහස් කරන ලදී
2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අතිගරු ජනාධිපතිවරයා විසින් ලබාදුන් විශේෂ සමාව යටතේ මෙම සිරකරුවන් නිදහස් කරන ලදී.

කළුතර බන්ධනාගාර අධිකාරි රෝහණ ගලප්පත්ති මහතා ඇතුළු නිළධාරීන් නිදහස ලැබූ සිරකරුවන් වෙත සුභ පැතුම් එක්කර බන්ධනාගාරයෙන් පිටත් කරලා හරිනු ලැබීය.

ගල්පාත චන්දන පෙරේරා

තමුන්ගේ එකවුන්ට් එක ගැන රටට කියන්න.. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජාතික ජන බලවේගයට කියපු දේ…..

https://www.youtube.com/embed/QYfXB7fyp6w?si=-_yaF4NyKe7HBb6a” title=

වෙඩි තැබිමක් කල රියදුරෙක්ට එරෙහිව විනාඩියකදී පිටවුන වෙඩි 96 ක්..

https://www.youtube.com/embed/S5wc_SnxqwE?si=Tz5AGs-YNBmyiDU3″ title=

අකුරලදී පැවැත්වූ විදේශික තරුණ තරුණියන්ගේ අපූරු අවුරුදු උත්සවය………

https://www.youtube.com/embed/3bYysTQMfQk?si=yfXvIjTlomHs1Z0A” title=

අද උණුසුම් කාලගුණය පිළිබඳව අවධානය යොමුකළ යුතු ප්‍රදේශ

අද (12) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මෙම තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

6618883b93b2d 6618883b816f1