අවුරුදු සමයේ නීති කැඩූ වෙළඳුන් 700 කට නඩු පැවරීමට පියවර

අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා වැටලීම් 700ක් සිදුකල බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම වැටලීම්වලදී නීතියේ රැහැනට කොටුකර ගත් පිරිසට එරෙහිව ඉදිරියේදී අධිකරණය හමුවේ නඩු පවරන බවයි එම අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ සඳහන් කළේ.

භාණ්ඩ මිලදී ගැනීමේදී මිල වෙනස් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් සහ මිලදී ගන්නා භාණ්ඩයට බිල්පතක් ලබා ගැනීමටද පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කේක් නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව 75% කින් පහළට – බේකරි හිමියන්

මෙම වසරේ කේක් නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව 75% කින් පමණ පහත වැටී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

බිත්තර නිෂ්පාදකයින් අසාමාන්‍ය ලෙස බිත්තර මිල ඉහළ දැමීම මෙම තත්ත්වයට හේතුවූ බවයි එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.

ඒ අනුව බිත්තර ආනයනය නැවැත්වීමක් සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, එසේ නතර කිරීමක් සිදු කළහොත් යළි බිත්තර මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉල්ලුමට සරිලන සැපයුම නොමැති වීම බිත්තර මිල ඉහළ යාමට හේතුවයි – සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය

වෙළඳපොළේ දේශීය බිත්තර මිල යලිත් ඉහළ ගොස් තිබෙනවා.

ඉල්ලුමට සරිලන සැපයුමක් සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බිත්තර මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ.

කුකුල් මස් හා බිත්තර හිඟයක් නොමැති බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී ඒවායේ මිල ගණන් පහත යනු ඇති බවයි සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය දා හොරණ අරමුණාගොල්ල සුරාබදු කාර්යාලය අසලදී සංගීත සංදර්ශනයක් බලා පැමිණෙමින් තිබූ වෑන් රථයක් සහ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි හොරණ පොලිසිය පවසයි.

ගල්පාත චන්දන පෙරේරා

පසුගිය දා හොරණ අරමුණාගොල්ල සුරාබදු කාර්යාලය අසලදී සංගීත සංදර්ශනයක් බලා පැමිණෙමින් තිබූ වෑන් රථයක් සහ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි හොරණ පොලිසිය පවසයි.

මෙසේ අනතුරුට පත්ව ඇත්තේ
වෑන් රථය සහ මෝටර් රථයකි හොරණ නගරයේ තිබූ සංගීතයක් ප්‍රසංගයක් අවසන් වී පාදුක්ක දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථය හොරණ අරමුණාගොල්ල සුරාබදු කාර්යාලය ඉදිරිපිටදී අනතුර සිදු වී ඇත. මෙම අනතුරින් තරුණයින් හතර දෙනකු අනතුරෙන් බරපතල තුවාල ලබා ඇති අතර තරුණයින් සියලු දෙනාම වයස අවුරුදු 17, 18 ,19 වන මොරගහහේන,ඔලබොඩුව ප්‍රදේශයවල තරුණයින් වේ. තුවාල කරුවන් හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.
වෑන් රථය අධික වේගයෙන් පැමිණ වේගය පාලනය කරගත නොහැකි වීමෙන් විරුද්ධ පස හොරණ දෙසට ගමන් කරමින් තිබූ කාර් රථයේ බඳ ප්‍රදේශයේ වැඩි නැවත අසල නිවාසයක ආරක්ෂිත බැම්මට සහ දුරකථන කණුවකද වැදී පාරට දෙසට කැරකී නැවතී ඇත. පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් පැයක පමණ කාලයක් වෑන් රථයේ හිරවීම සිටි තුවාලකරුවන් මහත් පරිශ්‍රමයක් දරා හොරණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ හොරණ රථවාහන ස්ථානාධිපති උ.පො.පා විමල් ආනන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පො.සැ 60503 දිමුතු කො.කො 87785 කුමාර යන නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවයි.

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බැලීමට ජනපති නිරීක්ෂණ චාරිකාවක

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බැලීමට ජනපති නිරීක්ෂණ චාරිකාවක

▶ කඳුකරයට පැමිණෙන සංචාරකයන්ට නවමු අත් දැකීමක් ලබාදිය හැකි ව්‍යාපෘතියක් ලෙස “පිකෝ ට්‍රේල්” මංපෙත සංවර්ධනයට අවධානය

ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකියි – ධාවන උපදේශක මිගෙල් කුනාට්

නුවර එළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.

“පිකෝ ට්‍රේල් (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයකි.

“පිකෝ ට්‍රේල්” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300 ක පමණ කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොඳම රහසිගත මාර්ග වලින් එකක් ලෙස සැළකේ.

“පිකෝ ට්‍රේල්” නම් මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි. ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වේ. මෙම මාර්ගය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලද්දකි.

“පිකෝ ට්‍රේල්” මාර්ගය ඔස්සේ කිලෝමීටර 3.2ක පමණ දුරක් පාගමනින් ඇවිද ගිය ජනාධිපතිවරයා කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරතව සිටින කම්කරු ජනතාවගේ ද තොරතුරු වීමසමින් සුහද කථා බහක නිරත විය.

එම ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මහත් හරසරින් පිළිගත් අතර ජනාධිපතිවරයා ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට තම සුබපැතුම් පිළිගැන්වීය.

බ්‍රවුන්ස් වැවිලි සමාගම යටතේ පාලනය වන කෝට් ලොජ් වතු යාය හෙක්ටයාර 264ක් වන අතර මුළු සේවක සංඛ්‍යාව 349කි. එම වතු ජනතාව මුහුණ දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා විශේෂයෙන්ම උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලබන වතු‍ කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළේය.

එසේම වතු ජනතාවගේ නිවාස ගැටළුව පිළිබදව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු විය.

කෝට් ලොජ් වතු යායේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවේ ” ලයිට් බ්‍රයිට් – Light Bright” නම් තේ වර්ගය නිෂ්පාදනය කරනු ලබන අතර එහි ද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා කර්මාන්ත ශාලාවේ සේවක පිරිස සමඟද සුහද කතා බහක නිරත විය.

කඳු නැගීමට පැමිණෙන සංචාරකයන්ට රසවත් නැවුම් තේ කෝප්පයක් රස විදීමට අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳව ද එහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.

අනතුරුව “පිකෝ ට්‍රේල්” හරහා මෙරට කඳුකරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රර්වධනය කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා සොයා බැලීය.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වසර ගණනාවක් පුරා කඳු තරණය කළ, ධාවන උපදේශක මිගෙල් කුනාම් (Miguel Cunat) මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකි බවයි.

” පිකෝ ට්‍රේල් ” මං මාවත ඔස්සේ පා ගමනින් ගොස් ශ්‍රී ලංකාව පුරා විවිධ භුමි ප්‍රදේශ, මෙරට ඉතිහාසය, සංස්කෘතිය, දේශීය ආහාර පාන පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව සැලසේ. පිකෝ ට්‍රේල් ” සංචාරක මාර්ගය අදියර 22 කින් සමන්විත වන අතර එක් දිනක් හෝ දින ගනණාවක් ගත කළ හැකි සංචාරක අත්දැකීමකි.

ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ක්‍රමෝපායන් වෙනුවෙන් සහාය දැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක “පිකෝ ට්‍රෙල්” සඳහා යුරෝපා සංගමයේ (EU) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ද ලැබී තිබෙන අතර තිරසාර පාරිසරික සංවර්ධනය වැනි කරුණු ද ඊට ඇතුළත් වේ.

ත්‍රාසජනක අත්දැකීම් සොයා යන්නන් වැනි නව සංචාරක භූමිකාවක් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම හා සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටු වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ස්තූතිය පළ කළ මිගෙල් කුනාට් මහතා සංචාරක කර්මාන්තයේ නව පරිවතනයක් තුළින් මෙරට ආර්ථිකය නාගා සිටුවීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළද අගය කළේය.

Jaffna, April 15 (Daily Mirror)- A 62-year-old woman who was receiving treatment at the Jaffna Hospital died of Covid-19, hospital sources said. The woman, a resident of Jaffna had arrived from France last week and was admitted to the Jaffna Hospital due to fever. She had died last Friday (12) and the post-mortem report which was received today had revealed that the death was due to Covid-19. Public Health Inspectors (PHIs) have taken steps to trace her close contacts.

Jaffna, April 15 (Daily Mirror)- A 62-year-old woman who was receiving treatment at the Jaffna Hospital died of Covid-19, hospital sources said.

The woman, a resident of Jaffna had arrived from France last week and was admitted to the Jaffna Hospital due to fever.

She had died last Friday (12) and the post-mortem report which was received today had revealed that the death was due to Covid-19.

Public Health Inspectors (PHIs) have taken steps to trace her close contacts.

පැය 24ක් තුළ රිය අනතුරුවලින් මරණ 10 ක් වාර්තා වෙයි

ගතවූ පැය 24 තුළ මාර්ග අනතුරු 08ක් වාර්තාවී ඇති අතර එම අනතුරුවලින් මරණ 10 ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

මෙම අනතුරු 8න් 05ක් සිදුවී ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවයි පොලීසිය සඳහන් කළේ.

බොහෝ මාර්ග අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන බවත් මේ හේතුවෙන් රථවාහන නීති රීති පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අනිද්දා දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මකයි – ලංගම

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අනිද්දා (17) දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, පවතින පෞද්ගලික බස් රථ වලින් 25% ක පමණ බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක්කරන බවයි.

යළි කොළඹට පැමිණෙන ජනතාවට අතිරේක දුම්රිය සේවා යොදවයි

පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ පවසනවා.

ඒ අනුව අද (15) බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8ක් ධාවනයට එක්කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මීට අමතරව හෙට (16) සිට යළි සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ගමන්ද ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අද උණුසුම් කාලගුණය පිළිබඳව අවධානය යොමුකළ යුතු ප්‍රදේශ

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර හා වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

661c7b7773f20 661c7b775ad54