රුසියාවේ පැවැත්වෙන විශේෂ කලාපිය ආරක්ෂක ද්වීපාර්ෂවික සබදතා පිලිබද සාකජාවක් රුසියානු රජයේ ආරක්ෂක ලේකම් ප්‍රැට්රසොව් හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා සමග රුසියවේදි පැවැත්වුනි.

රුසියාවේ පැවැත්වෙන විශේෂ කලාපිය ආරක්ෂක ද්වීපාර්ෂවික සබදතා පිලිබද සාකජාවක් රුසියානු රජයේ  ආරක්ෂක ලේකම්  ප්‍රැට්රසොව් හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා සමග රුසියවේදි පැවැත්වුනි. මෙම අවස්තවේ කලාපිය රාජ්‍යන් අතර සහය සහ ආරක්ෂාව පිලිබද විශේෂ සකජ්ජාවක් පැවැත්වුනි.

WhatsApp Image 2024-04-27 at 16.44.18 WhatsApp Image 2024-04-27 at 16.44.17 (2) WhatsApp Image 2024-04-27 at 16.44.17 (1) WhatsApp Image 2024-04-27 at 16.44.17

ජනපති හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක්

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සියලු මැතිවරණ කොට්ඨාස සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.

ඉදිරි මැතිවරණවලදී දේශපාලන පක්ෂ වශයෙන් ගනු ලබන තීන්දු තීරණ සහ නිශ්චිත එකඟතාවලට එළැඹීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අද

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අදයි.

ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර කල් තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඊයේ හා පෙරේදා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් රැසක් විවාදයේදී අදහස් පළ කර තිබුණා.

යුධ හමුදා කැබ් රථයක් මාන්කුලමේදී අනතුරට – සෙබලෙක් ජීවිතක්ෂයට

යුධ හමුදා කැබ් රථයක් මාන්කුලමේදී අනතුරට – සෙබලෙක් ජීවිතක්ෂයට

මාන්කුලම, වසන්තනගර් හන්දිය අසලදී යුධ හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් යුධ හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම අනතුරෙන් තවත් සෙබලුන් 09 දෙනෙකුද තුවාල ලබා ඇති බවයි. ඔවුන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුධ හමුදා හත්වන සේවා බලකායට අනියුක්ත, මුරුකණ්ඩි කඳවුරේ රාජකාරි කළ ගල්ගමුව, ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි සැරයන්වරයෙක් බවයි පොලිසි පැවසුවේ.

මාන්කුලම් දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුධ හමුදා සෙබළුන් රැගත් කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
WhatsApp Image 2024-04-26 at 14.42.27 WhatsApp Image 2024-04-26 at 14.42.18

අනුර දිසානායක ස්වීඩනයට

අනුර දිසානායක ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද(25) රාත්‍රීෙය්දී ස්වීඩනය බලා පිටත්වීමට නියමිතය.
ඔහු එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතය.

අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජනහමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කෙරේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායම් නායිකා චමරි අතපත්තුගේ බලා පොරොත්තුව…..

https://www.youtube.com/embed/xm92I5e5NeY?si=31t5FeR0K7IfcpfY” title=

ෆොක්ස්හිල් තරගයේ අනතුර ඇත්තටම සිද්දවුනේ මොකක්ද ? අනතුරට ලක්වුන උපුල් වන් සේරසිංහ කියපු කතාව……

https://www.youtube.com/embed/-i-ixCktKbw?si=GmTwx9JgcjFc411_” title=

මහා විසාල පන්සල් හැදෙනා රටක කුලී නිවසක පවත්වාගෙන යන්නට සිදුවුන පන්සලක්…..

https://www.youtube.com/embed/PEFCMtLdJ9I?si=HOz0qanrRFJ0OKlQ” title=