https://www.youtube.com/embed/YsWIYc-hYwk?si=CJR9xvtLzUqeAW3A” title=
Author: Supun
ඡන්දේ තියන්නත් කලින් ස.ජ.බේ නියෝමාල් පෙරේරාට ජනපති වුන සජිත්……
https://www.youtube.com/embed/uA4HThiYOG4?si=OabazZwumSJYZxrD” title=
බැසිල්ව හම්බවෙන්න ආපු චීන දූත පිරිස…..
https://www.youtube.com/embed/h3bhFIpB8wg?si=2ESD2LO8yLHVTn0j” title=
කෘෂිකර්ම ඇමතිට මේ දවස්වල තියෙන වැඩගොඩ ගැන කියන නාමල් කරුණාරත්න….
https://www.youtube.com/embed/sX1Rwsvlu6s?si=wDcAjslq65noC64K” title=
පාතාලයටයි කඩේ යනවා කියන අයටයි විරුද්දව ජනතාව එලියට බහියි…..
https://www.youtube.com/embed/o55s5aCIEtk?si=C_uHiqMvGLETCpjg” title=
සජබ හා එක්වූ මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට පොදුජන පෙරමුණ තීරණය කරයි
සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
මෙම මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි පොදුජන පෙරමුණ පවසන්නේ.
පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිතව තිබෙන බවයි සඳහන් වන්නේ.
ඉහත සඳහන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පසුගිය 05 වැනිදා සමගි ජන බල සන්ධානය ලෙස සමගි ජන බලවේගය සමග ගිවිසුමගත වී තිබුණා.
මෛත්‍රිපාලගේ සභාපතිත්වය යටතේ අසාධාරණයට ලක්වූ අය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්
මෛත්‍රීපාල සිරිසේන සභාපතිත්වය දරන කාලයේ අත්තනෝමතික ලෙස ලබා දුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක පවසනවා.
පක්ෂයේ පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධුර කඩිනමින් පිරවීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.
මෛත්‍රිපාල සිරිසේනගේ සභාපතිත්වය යටතේ අසාධාරණයට ලක්වූ අය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය ලසන්ත අලගියවන්න, වීර කුමාර දිසානායක හා නීතිඥ ෆයිසර් මුස්තාපා යන අය එම කමිටුවට පත් කළ බවත්, එහි සභාපතිත්වය තමන් විසින් හොබවන බවත් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
සියළු විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයන් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.
එළෙඹෙන මැයි දෙවැනිදා දහවල් 12 සිට එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි එහි සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත පවසා සිටින්නේ.
2016 වසරේදී අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමේ හේතුව නිසා ගැටළු මතුව ඇති බවත්, පසුගිය කාලයේදී විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූයේ එම වැටුප් ගැටළුව නිවැරදි කරන ලෙසත් බවයි සඳහන් වන්නේ.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 14ක ජල කප්පාදුවක්
අද (27) පස්වරු 5.00 සිට පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 5, කොළඹ 6, දෙහිවල, ගල්කිස්ස, මොරටුව යන නගර සභා බල ප්‍රදේශ ද, ජයන්තිපුර හා පැලවත්ත යන ප්‍රදේශවලට ද අද පස්වරු 5 සිට පසුදින පෙරවරු 7.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි සඳහන් වන්නේ.
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමේ කටයුත්තක් නිසා මේ ආකාරයෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට නීතිඥ සංගමයට ආරාධනයක්
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙම ආරාධනය සිදු කරමින් ලිපියක් යොමු කර ඇත්තේ සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර විසින්.
මෙවැනි විවාද සංවිධාන කිරීම හා සම්බන්ධීකරණය පිළිබඳ ජාත්‍යන්තරව ඇති පුර්වාදර්ශ ද සැලකිල්ලට ගනිමින්, මෙම සම්බන්ධීකරණය සහ අනෙකුත් විධිවිධාන සැලසීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මැදිහත්වන ලෙසයි එම ලිපිය මඟින් ඉල්ලා තිබෙන්නේ.
අදාළ ලිපිය පහතින්.

