https://www.youtube.com/embed/6AkVSG1ZnNk?si=laW1HJSk16tJgx_M” title=
Author: Supun
මවත් දරුවාත් නූලෙන් බේරුන හොරණ සිදුවූ වෙඩි තැබීම…..
https://www.youtube.com/embed/K-9VnQwaQSk?si=Wp-SwetBEo-AcJrd” title=
පළාත් සභා ගොඩනැගිල්ලක් වටකළ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට
රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබෙනවා.
එහිදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර විරෝධතාකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
Visa ප්‍රමාදය ගැන ගුවන්තොටුපොළේ නිලධාරීන්ට බැන වැදුණු තරුණයා පොලීසියට කැඳවයි
පසුගිය මැයි 01 වැනිදා දින කටුනායක ගුවන්තොටුපොළේ Visa නිකුත් කිරීමේ දී ඇති වු ප්‍රමාදයක් හේතුවෙන් එහි නිලධාරීන්ට දෝෂාරෝපණය කරමින් බැන වැදුනු තරුණයා අද (06) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැඳවා තිබෙනවා.
වෘත්තියෙන් නීතිඥවරයෙකු වන සඳරුවන් කුමාරසිංහ නැමති අදාළ තරුණයා අද උදෑසන 10.00ට පමණ ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ වන විටත් අදාළ තරුණයා ප්‍රකාශයක් ලබාදෙමින් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
දරුවන් දෙදෙනාව ප්‍රාණ ඇපයට ගත් පියෙක් STF අත්අඩංගුවට
හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (05) රාත්‍රී කාලයේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන සිය නිවස වෙත පැමිණ ඇති බව සඳහන් වෙන්නේ.
කෙසේවෙතත් එම අවස්ථාවේ දී කාන්තාව නිවසින් පළාගොස් ඇති අතර අදාළ පුද්ගලයා විසින් ඔහුගේ දරුවන් දෙදෙනා නිවසේ කාමරයක ප්‍රාණ ඇපයට තබාගෙන සිට තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු හංවැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.
පැයක පමණ කාලයකට පසුව දරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකියාව ලැබුණු අතර මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ආධාරක කොටසක් කඩාවැටීමේ සිද්ධිය ගැන විශේෂ විමර්ශනයක්
ඉදිවෙමින් පවතින කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිවන මාර්ගයේ ආධාරක කොටසක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම්දී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර සඳහන් කළේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශයේ කණු මතින් ඉදිවන කොටසේ මාර්ගයේ විශාල කොන්ක්‍රීට් බාල්කයක් පසුගිය දා කඩා වැටී තිබුණා.
අදාළ කොටසේ ඉදිකිරිම් කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කරයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත් වී, ලෙඩ නිවාඩු වාර්තා කරමින්, එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ.
මේ සඳහා ග්‍රාම නිලධාරීන් නියෝජනය කරන සියලු සංගම්වල සහාය ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
O/L විභාගය අද සිට ආරම්භ වෙයි
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වනවා.
අද සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙවර අයදුම්කරුවන් 452,979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අතර ඊට පාසල් අයදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331ක් ඇතුළත්.
ඩාර්ලි පාර් කොලඹ 10 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ට චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනිය පැමිණි අතර වැ.බ. සභාපති නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා, වැ.බ මහලේකම් දුමින්ද දිසානායක මැතිතුමා ඇතුලු පක්ෂ ක්‍රියාකාරීන් සමග පක්ශයේ ඉදිරි දේශපාලන කටයුතු පිලිබදව කෙටි සාකච්චාව ක් මේ අවස්ථාව වේ පැවැත්ත්වේ..
ඩාර්ලි පාර් කොලඹ 10 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ට චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනිය පැමිණි අතර වැ.බ. සභාපති නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා, වැ.බ මහලේකම් දුමින්ද දිසානායක මැතිතුමා ඇතුලු පක්ෂ ක්‍රියාකාරීන් සමග පක්ශයේ ඉදිරි දේශපාලන කටයුතු පිලිබදව කෙටි සාකච්චාව ක් මේ අවස්ථාව වේ පැවැත්ත්වේ..
තිසර ගුණසිංහ – ප්‍රචාරක ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ශය
දෙවියන්ට කන්නලව් කර හරි ආණ්ඩුවට මොලේ පෑදෙන්න ඉල්ලන ග්‍රාම නිළධාරීන්……
https://www.youtube.com/embed/YWxpWj2-E1M?si=CiZ_wa6ufxDLa_eZ” title=
