සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන CID යට පැමිණිල්ලක්

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක මෙම අක්‍රමිකතාවන් සිදුවී ඇති බව සඳහන් වෙන්නේ.

විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සූක්ෂම ලෙස භාවිත කරමින් ඊයේ (09) ලබාදුන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ජායාරූප ගතකර වෙනත් පාර්ශ්ව වෙත එය යොමුකර පිළිතුරු ලබාගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ අවස්ථාවේ විභාග මධ්‍යස්ථානවල සිටි නිලධාරීන් විසින් එම ජංගම දුරකථන සිය භාරයට ගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එදා අරලියගහ මන්දිරයට ආපු කිසි කෙනෙක්ගෙ අතේ ආයුධයක් තිබුනෙ නෑ – මහින්ද කහඳගම

2022 වර්ෂයේ මැයි 09 වනදා “ගෝඨාගෝගම” අරගල භූමියට පහර දුන්නේ තම කණ්ඩායම නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම පවසනවා.

පහර දීම ඇරඹූයේ වෙනත් කණ්ඩායමක් බවත්, එම කණ්ඩායමට තම කණ්ඩායමද වැටුනු බව තමන් පිළිගන්නා බවයි අද බේරේ වැව ආසන්නයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

තම කණ්ඩායම නොදැනුවත්ව එසේ කළ බවද, එදින අරලියගහ මන්දිරයට පැමිණි කිසිවෙකුගේ අතේ ආයුධයක් නොතිබූ බවද, එදින ගමේ ජනතාව පැමිණ සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අගමැති ධුරයෙන් ඉවත් නොකර තබන්න යන ඉල්ලීම කිරීමට පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සහ මාතලේ, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවධානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් එහි සඳහන් වනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ පියෙකුට මරු කැදවමින් අහුන්ගල්ලේ රාත්‍රිය දෙවනත් කල වෙඩි තැබීම….

https://www.youtube.com/embed/A6h7CM65fdI?si=PhCD0OLSRXQuUJBw” title=

තේ මණ්ඩලය ඉදිරිපිට තේ වතු හිමියන් සිද්ද කල විරෝධය.. විසි තිස් දෙනෙක්ගේ විරෝධයටත් ජල ප්‍රහාර …..

https://www.youtube.com/embed/mY62tfulYzs?si=Yncrc64kMofCPzEX” title=

විශ්‍රාමික රණවිරුවන් කුලීහේවායන් ලෙස රුසියාවට යවන අයට එරෙහිව ආරක්ෂක ලේකම්වරයාගෙන් දැඩි තීරනයක්….

https://www.youtube.com/embed/eRtZR0SC9NU?si=cOtL4zidCjcGzXfc” title=

මාලයක් කොල්ලකා පලා යමින් සිටි තිදෙනා හබා ගෙස් ඇල්ලූ අගුරුවාතොට පොලීසිය….

https://www.youtube.com/embed/qkTfId0jTzU?si=mJYCgni9uEfTiipx” title=

“මාව මරණයා කියලා පණිවිඩ එවනවා” පොලීසියෙන් සාධාරනය ඉල්ලන නාරම්මලදී අමානුෂික ලෙස පහර කෑ තරුණයා…..

https://www.youtube.com/embed/X_yA5lPh7HA?si=P2gECUfsVNJW3swr” title=

කළුවලගොඩ ප්‍රදේශයේ නිවසකින් හමුවුන අබිරහස් ලෙස මියගිය 50 හැවිරිදි කාන්තාව…..

https://www.youtube.com/embed/JJhbeQA8-uY?si=VnIGFX0dfi9XkcPK” title=