අගමැති ධුරය බාරගන්න මට කිසිම ආරාධනාවක් ලැබු​නේ නෑ, ඒක සම්පූර්ණ බොරු කතාවක් – අනු​ර

අරගලය සමයේ අග්‍රාමාත්‍ය ධුරය බාරගැනීමට තමාට කිසිඳු ආරාධනයක් කිසිඳු ලෙසකින් නොලැබුනු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

එය ගොතන ලද අසත්‍ය කතාවක් බවද, ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ඔවුන් සතුව තිබූ බලය තමන් අතට ලබා දේයැයි කියා සිතන්නටවත් හැකිදැයි ඔහු පෙන්වා දෙනවා.

එපමණක් නොව, තමා කොන්දේසි සහිතව අග්‍රාමාත්‍ය ධුරය බාරගැනීමට සූදානම් බව 2022 මැයි 13 ලිඛිතව දැනුම්දුන් නමුත්, එම ලිපියට අඩු තරමේ පිළිතුරක් හෝ නොලැබුනු බවද ඔහු සඳහන් කළා.

මෙම බොරුව මනූෂ නානායක්කාර සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් දිගින් දිගටම පැවසුවද, එය සම්පූර්ණ අසත්‍ය කතාවක් බවයි ඊයේ (06) තුලාව වැඩසටහනට එක්වෙමින් ඔහු අවධාරණය කළේ.

Courtesy: ITN තුලාව

වැඩවර්ජනය හේතුවෙන් සව​ස දුම්රිය ගමන්වාර අවලංගු වීමේ අවධානමක්

දුම්රිය ධාවනාගාර රියදුරු වැඩ වර්ජනය හේතුවෙන් අද දින මේ දක්වා දුම්රිය ගමන්වාර 32 ක් අවලංගු වී තිබෙනවා.

ඒ අනුව සවස කාලය වන විට එම ප්‍රමාණය මීට වඩා වැඩිවීමට හැකියාවක් ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උසස් වීමේ ගැටලුවක් සහ බඳවා ගැනීමේ ගැටලුවක් මුල් කරගමින් දුම්රිය රියදුරු සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.

මාසයක කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකියි – ජාතික ඩෙංගු මර්දන ඒකකය

මාසයක කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මෙම කාලය තුළ ඩෙංගු මරණ 09ක් වාර්තා වී ඇති නමුත් අධි වසංගත තත්ත්වයක් දක්වා රෝග ව්‍යාප්තිය වර්ධනය වීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සංවිධානය කර තිබූ ඩෙංගු මර්දන වැඩසටහන් සියල්ල කල් දැමීමට සිදුවී ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමණසේන සඳහන් කළා.

කොළඹ නුවර මහා මාර්ගයේ මාවනැල්ල පහල කඩුගන්නාව ප්‍රදේශය උදෑසන 10 සිට සවස 6.30 දක්වා මාර්ගය විටින් විට වසා දමයි

කොළඹ නුවර මහා මාර්ගයේ මාවනැල්ල පහල කඩුගන්නාව ප්‍රදේශය අනතුරු දායක ගස් අතු ඉවත් කිරීමටත් අනතුරු දායක ගල් ඉවත් කිරීමටත් හෙට දින උදෑසන 10 සිට සවස 6.30 දක්වා මාර්ගය විටින් විට වසා දමන බව දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ පවසයි.. හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටත් ඉල්ලීම්….

මොරටුමුල්ල මෙතොදිස්ත සභාවේ දෙව්මැදුරේ මුහුණ පොතට සයිබර් ප්‍රහාරයක් එල්ලවී වි ඇතැයි මොරටුමුල්ල මීසම භාර පියතුමා සදහන්‌ කරයි.

මොරටුමුල්ල මෙතොදිස්ත සභාවේ දෙව්මැදුරේ මුහුණ පොතට සයිබර් ප්‍රහාරයක් එල්ලවී  වි ඇතැයි මොරටුමුල්ල මීසම භාර පියතුමා සදහන්‌ කරයි.මේ වන විට එය හැක් කර ඇති බවත්,මේ වනවිට ඓය යතා තත්වයකට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පියතුමා වැඩිදුර සදහන්‌ කරන ලදි.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බවත් තීන්දුවේ සඳහන් වුණි.

ඊට අමතරව මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රුපියල් ලක්ෂ 10 වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් නියෝග කෙරුණි.

මේ අතර, අගතියට පත් තරුණියගේ මවට සහ පියාට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවන ලෙසත් මෛත්‍රිපාල සිරිසේන මහතාට තවත් නියෝගයක් නිකුත් කළේය.

මෙම ක්‍රියාව තුළින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාවිතව උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට විදේශගතව සිටින අදාළ විත්තිකරු දේශීය හා ජාත්‍යන්තර සම්මුතින් උපයෝගී කරගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් නීතිපතිවරයා නියම කළේය.

එම විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය බලරහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කළහ.

දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය පවසනවා.

දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ගැටලුවලට විසඳුම් දීම මඟහැරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණවීමට සිදුවූ බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කළා.

බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) දහවල් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරතවෙමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ගංවතුරට හසුවූ නිවාස පිරිසිඳු කරගැනීමට රජයෙන් රු 10,000 ක් ලබාදීමට තීරණයක්

ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (06) මේ බව සඳහන් කළා.

Starlink සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlink වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබාදී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

SpaceX ආයතනය මඟින් ලොවපුරා කක්ෂගත කළ Starlink චන්ද්‍රිකා දැනටමත් ශ්‍රී ලංකාවට ඉහළින් පෘථිවි කක්ෂයේ ගමන් කරන අතර, එම චන්ද්‍රිකා ජාලය හරහා මෙරටට අන්තර්ජාල සේවා සැපයීමට නියාමන අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව 2019 වර්ෂයේ සිට Starlink වෙබ් අඩවිය සඳහන් කර තිබුනා.

පහත් පෘථිවි කක්ෂයේ (LEO) තත්පරයට කිලෝමීටර් 7.8ක වේගයෙන් නිරන්තරයෙන් පෘථිවිය වටා පරිභ්‍රමණය වන චන්ද්‍රිකා 6000 කට වැඩි ප්‍රමාණයක් හරහා Starlink අන්තර්ජාල සේවාවන් ලොවපුරා සැපයෙන අතර, එක් එක් රටවල නියාමන අනුමැතිය මත පමණක් එම රටවලට සේවාව භාවිතා කිරීමේ හැකියාව සීමා වී තිබෙනවා.