JR ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමාජවාදී කිව්වම ඒකට බය නැත්තං ඇයි මේකට බය? – අනුර

හිටපු ජනාධිපති J.R. ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට “සමාජවාදී” වචනය යොදා තිබීම ගැන කිසිවෙකු බය නොමැති පසුබිමක, තම පක්ෂය සමාජවාදී පක්ෂයක් වීම ගැන පමණක් බය වන්නේ ඇයිදැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විමසනවා.

දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට හඳුන්වන්නේ “ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය” ලෙස බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සමාජවාදයේ මූලික ලක්ෂණය වන්නේ රට නිෂ්පාදනයට යොමු කර ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීමත්, එම නිෂ්පාදනයට ජනතාව හවුල් කරගැනීමත්, එම නිෂ්පාදනය සඳහා ලැබෙන ප්‍රතිලාභයෙන් සාධාරණ පංගුවක් නැවත ජනතාව වෙත ගලා යෑමට සැලැස්වීමත් බවයි ඔහු පැහැදිලි කළේ.

අද ගමේ ජනතාවට ආර්ථිකයට දායක විය හැක්කේ ඉතා අල්ප ව⁣ශයෙන් වන බැවින් ගමට ආර්ථිකයේ ප්‍රතිලාභ ලැබෙන්නේද ඉතා අල්ප වශයෙන් බවද, තමන් බලාපොරොත්තු වන්නේ ආර්ථිකය වර්ධනය කරන අතරම ආර්ථිකය ප්‍රසාරණය කර, ගමේ ජනතාවටද ආර්ථික ක්‍රියාවලියක නිරත විය හැකි පරිදි ආර්ථිකය තල්ලු කිරීම බවද, එවිට ඔවුන්ටද ආර්ථිකයෙන් ප්‍රතිලාභයක් ලැබෙන බවද ඔහු සඳහන් කළා.

සමාජවාදී මූලධර්ම මත ⁣ගොඩනැගුණු තම ආර්ථික ප්‍රතිපත්තියේ මූලික සංකල්පය එය බවයි පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ.

ක්‍රිකට් ක්‍රීඩාව පුද්ගලික ව්‍යාපාරයක් බවට පත් කළ අයගේ පාලනයෙන් මුදාගත හැකි ප්‍රවේශයක් අවශ්‍යයි – අලි සබ්රි

ICC ලෝක කුසලාන 2023 සහ ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ක්‍රිකට් යටිතල ව්‍යුහය තුළ ගැඹුරට මුල් බැස ඇති ගැටලු ඇති බවත් ඒවාට තාවකාලික විසඳුම් ලබා දීමෙන් කිසිදු ඵලයක් නොමැති බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

ක්‍රිකට් ක්‍රීඩාව පුද්ගලික ව්‍යාපාරයක් බවට පත් කළ අයගේ පාලනයෙන් නිදහස් කරන නිර්භීත, වෘත්තීය ප්‍රවේශයක් අවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වාදී තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය සොයා බැලීම සඳහා පත් කළ කැබිනට් අනුකමිටුවේ සභාපතිවරයා ලෙසද විදේශ අමාත්‍ය අලි සබ්රි කටයුතු කරනවා.

අදාළ සටහන පහතින්.

666450fbedcf0

‘EARTHRISE’ ඡායාරූපය ගත් ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් මරුට

අභ්‍යවකාශයේදී ලබාගත් වඩාත් ප්‍රසිද්ධ ඡායාරූපයක් ලෙස සැලකෙන ’Earthrise’ ජායාරූපය ලබාගත් ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් මියගොස් තිබෙනවා.

ඒ අනුව ඔහු පියාසර කරමින් සිටි බීච්ක්‍රාෆ්ට් A A 45 – T-34 කුඩා ගුවන් යානය වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින් වූ ජලයට කඩා වැටීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

මියයනවිට හෙතෙම 90 වන වියේ පසු වුණා.

1069 වසරේ සඳ වෙත ළඟා වූ පළමු කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ ගුවන් ගමන වන ඇපලෝ 8 මෙහෙයුමේ චන්ද්‍ර මොඩියුල නියමුවෙකු වූ ඇන්ඩර්ස් විසින් Earthrise ඡායාරූපය ලබාගෙන තිබුණා.

ලංකා සභාවේ මොරටුව නව ප්‍රාදේශීය නායක සාගර පෙරේරා පියතුමා පත්වේ.

ලංකා සභාවේ මොරටුව නව ප්‍රාදේශීය නායක සාගර පෙරේරා පියතුමා පත්වේ.

ලංකා සභාවේ කොළඹ දියෝකීසියේ මොරටුව ප්‍රාදේශීය නායක ලෙස ගෞ. සාගර පෙරේරා පියතුමන් කොළඹ දියෝකීසියේ අතිගරු දුශාන්ත රුද්‍රිගු පියතුමන් විසින් පසුගියදා පත් කරනු ලැබිය . එංගලන්ත සභාවේ මොරටුව ප්‍රාදේශිකයේ 20 වන ප්‍රාදේශීය නායක ලෙස සේවය කළ ගෞ. සාමශාන්ත කොස්තා පියතුමාගේ තෙවසරක සේවා කාලය ඉකුත්වීමෙන් පසුව හිස් වූ පුරප්පාඩුව සඳහා සාගර පෙරේරා පියතුමන් පත්වූ අතර එතුමන් මොරටුව ප්‍රාදේශිකයේ 21 වන ප්‍රාදේශීය නායකතුමා ලෙසින් මෙවර පත්විය.
ප්‍රාදේශීය නායකතුමන් ලෙස පත්වූ සාගර පෙරේරා පියතුමන් මේ වන විට මොරටුව ශු.එම්මානුවෙල් දෙව්මැදුරේ සහය දේවගැතිතුමන් ලෙස සේවය කරනු ඇත.

ගෞ. සාගර පියතුමා එම පළාත්වාසි සිංහල දෙමළ ජනතාවගේ ආදරය දිනා ගෙන කිසිදු ජාති ආගම් බේදයන් නොතකා කිතුනු ආකල්ප පෙරදැරි කරගෙන තම සේවා කටයුතුවල නිරත වන පියතුමෙකු වන අතර එතුමා දඬුගම ග්‍රාමයේ ඉපදී දඬුගම ලංකා සභා විදුහලේ මූලික අධ්‍යාපනය ලබා මාබිම විද්‍යාදීප පිරිවනෙහිද ආදි ශිෂ්‍යයෙකු වේ. ගෞ. සාගර පියතුමා දේව ධර්ම විද්‍යාලයේ පුහුණුවීමෙන් පසු දියාකෝන් පදවියට පත් වූයේ 2002 දෙසැම්බර් 29 වන දිනදීය. 2004/2005 වර්ෂවලදී ගාල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ සේවයේ යෙදී සිටි කාලයේදී එතුමා පූජකවරයෙකු ලෙස ආලේප කරනු ලැබීය.
වර්තමානයේ ගෞ.සාගර පෙරේරා පියතුමා ශු.එම්මානුවෙල් දේවස්ථානයේ සහය පියතුමා ලෙස සේවය කරනු ලබයි.

බිරිඳගේ ත්‍රීරෝද රථයෙන් අනියම් බිරිඳ හමුවීමට යන අතරමගදී තවත් තරුණියක පැහැරගෙන ලිංගික අතවර සිදුකර, අනියම් බිරිදගේ නිවසේ සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් යුදහමුදා සෙබලකු ලබන 12 වනදා දක්වා රක්ෂීත බන්ධනගාරයට

24-06-07
කැකිරාව කුෂාන් ජයවර්ධන

බිරිඳ ගේ ත්‍රීරෝද රථයෙන් අනියම් බිරිඳ හමුවීමට යන අතරමඟදී අවිවාහක තරුණියකට ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සෙබලෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩබන මහේස්ත්‍රාත් ‍සෙනරත් බංඩාර මහතා අද (07) නියෝග කළේය.
ගල්කිරියාගම පොලිසිය මඟින් සැකකාර සෙබලා අත්අඩංගුවට ගෙන අද(07) අධීකරණයට ඉදිරිපත් කරනු ලැබිණ.
සැකකරු අදාළ තරුණියට ලිංගික අතවර කිරීමට යොදා ගත් බව කියන ත්‍රීරෝද රථයක් ද මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණ.
විවාහක දෙදරු පියෙකු වන සැකකාර හමුදා සෙබලා සිය බිරිඳට අයත් බව කියන ත්‍රී රෝද රථයකින් ඔහුගේ අනියම් බිරිඳගේ නිවසට යමින් සිටින අතරමඟදී මෙම තරුණීය පැහැරගෙනත්‍රීරෝද රථය තුලදී ලිංගික අතවර සිදුකර ඇතැයි පොලිසිය කියයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී පැය 07ක් වැනි කෙටි කාලයක් තුළදී එම සැකකාර යුද හමුදා සෙබලා හා ඒ සඳහා යොදා ගත් ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබීම විශේෂත්වයකි.
සැකකරුගේ පැහැර ගැනීමට ලක්වූ තරුණිය එම අවස්ථාවේ ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයෙන් ඉවතට පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද ඇයගේ තත්වය බරපතල බවද පොලිසිය කියයි.
සැකකාර යුද හමුදා සෙබලා මෙලෙස පැහැර ගෙන ඇත්තේ පලාගල බමුණුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන අවිවාහක තරුණීයකි.
පැහැර ගැනීමට ලක්වූ එම තරුණිය ප්‍රදේශයේ සමාජ සේවා කටයුතුවල යෙදෙමින් දහම්පාසැල් ගුරුවරියක ලෙස කටයුතු කරන බව පොලිසිය කියයි.
පලාගල බලලුවැව ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ආයතනයක සේවයේ නියුතු එම තරුණිය දවසේ සේවය නිමවා නිවසට යමින් සිටියදී පලාගල බලලුවැව ප්‍රදේශයේදී මෙලෙස පැහැර ගැනීමට ලක්ව තිබිණ.
සේවය නිම වී නිවසට යාම සඳහා බස් රථයක් පැමිණෙනතුරු බලලුවැව මංසන්දියේ සිට පා ගමනින් පලාගල දෙසට ගමන් කරමින් සිටියදී ත්‍රී රෝද රථයක් පදවාගෙන පැමිණි යුද හමුදා සෙබලා ඇයව උපක්‍රමශීලීව ත්‍රී රෝද රථයට නංවාගෙන තිබේ. පසුව ත්‍රී රෝද රථය පදවන අතරතුර සැකකරු ත්‍රීරෝද රථයට නංවාගත් එම තරුණීය ලිංගික අතවරයට ලක් කර ඇති බවත් සිදුකළ විමර්ශණවලදී හෙළීව ඇතැයි පොලිසිය කියයි.
සැකකරුගේ ක්‍රියාකලාපයට අනුව තමන් පැහැරගෙන යන බවටත් ලිංගික අතවරයකට ලක්වන බවත් වටහාගත් එම තරුණීය වහා ක්‍රියාත්මකව වේගයෙන් ධාවනය වෙමින් තිබූ එම ත්‍රී රෝද රථයෙන් ඉවතට පැන ගැනීමට කටයුතු කර තිබිණ. පලාගල මිරිහම්පිටිගම ප්‍රෙද්ශයේදී එම තරුණිය මෙලෙස ත්‍රී රෝද රථයෙන් ඉවතට පැන ඇති බව පොලිසිය කියයි.
වේගයෙන් ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයෙන් ඉවතට පනින අවස්ථාවේ දී අනතුරට පත්ව ඇති එම තරුණීය එහිදි බරපතළ තුවාල ලබා තිබිණ..
එලෙස බරපතල තුවාල ලබා සිටි තරුණිය පසුව එම ප්‍රෙද්ශවාසීන් එක්ව රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතර ඇය මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටී. තරුණියගේ තත්වය තරමක් බරපතළ බවත් ඇය ශල්‍ය කර්මයක් සිදුකිරීමට නියමිත බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
ගල්කිරියාගම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාට ලද තොරතුරකට අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධීපති දේශප්‍රිය නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වහා ක්‍රියාත්මකව සැකකරු හා අපරාධයට යොදා ගත් ත්‍රී රෝද රථය ද සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ. මෙය පැහැර ගැනීමක් හා ලිංගික අතවරයක් බවට තොරතුරු ලැබී පැය 07ක් වැනි කෙටි කාලයක් තුළදී සැකකරු හා එම ත්‍රී රෝද රථය ද අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් සමත්ව තිබිණ.
සිද්දියෙන් පසුව ත්‍රිරෝද රථය පලා යන අයුරු ද මාර්ගය අසළ තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර ඒ ඔස්සේ පොලිස් විමර්ශන ආරම්භ කර තිබිණ.
අත්අඩංගුවට පත්ව සිටින සැකකාර හමුදා සෙබලාගේ අනියම් බිරිඳ බව කියන පලාගල මිරිහම්පිටිගම මහයාය ප්‍රෙද්ශයේ පිහිටි කාන්තාවකගේ නිවසේ සැඟව සිටියදී අදාළ සැකකාර හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධයට යොදා ගත් ත්‍රීරෝද රථයද එම කාන්තාව පදිංචි නිවසේ ගරාජයක් තුල දමා රෙදිවලින් ආවරණය කර සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබිණ. එම ත්‍රී රෝද රථයේ හඳුනා ගැනිමේ සංඛේත ලෙස තිබූ ස්ටිකර් කිහිපයක් ද ඒවනවිටත් ගලවා දමා එම රථයේ බාහිර පෙනුම ද වෙනස් කිරීමට සැකකරු කටයුතු කර තිබූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම් අනුව ත්‍රී රෝද රථයෙන් ගලවා ඉවත් කළ ස්ටිකර් කොටස් ද සැකකරු සැඟව සිටි නිවස තුළ පිහිටි කසළ බඳුනක සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකිව තිබිණ.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු යුද හමුදාවේ සේවයේ නියුතු අයෙකු වන අතර ඔහු ඉපලෝගම කලාකරඹෑව මහයායගම ප්‍රෙද්ශයේ පදිංචි 31 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. කාන්තාවක පැහැර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති එම සැකකාර සෙබලා ලක්ෂපාන ප්‍රදේශයේ යුධහමුදා කඳවුරකට අනියුක්තව සේවය කරනු ලබන අයෙකු බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
සිදුකල පොලිස් විමර්ශණවලදී තවදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ ඔහු සිය අනියම් බිරිඳ බැලීමට එම නිවසට යන අතරතුරදී මෙම තරුණීය පැහැර ගැනීමට කටයුතු කර ඇති බවයි.
අනුරාධපුර කොට්ඨාසය භාර උසස් පොලිස් නිලධාරීන්ගේ මග පෙන්වීම යටතේ ගල්කිරියාගම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් අනුව අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා මෙහෙයවීමෙන් යුතුව පොලිස් සැරයන්වරුන් වන 63566- අජිත් 10310-වීරකෝන් 36953-වන්නිනායක ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තොරතුර ලැබි පැය 07ක් වැනි කෙටි කාලයක් තුලදී එම සැකකරු හා ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබිණ.
අත්අඩංගුවටපත් සැකකාර හමුදා සෙබලා අද (07) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබූ අතර එහිදී අධිකරණයෙන් ලත් නියෝග අනුව සැකකාර හමුදා සෙබලා ලබන 12 වනදා දක්වා රක්ෂීත බන්ධාගාර ගත කෙරිණ.
ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් සිද්දිය සම්බන්ධයෙන් වූ විමර්ශණ සිදු කරනු ලබයි.

WhatsApp Image 2024-06-07 at 22.05.06 (8) WhatsApp Image 2024-06-07 at 22.05.06 (5) WhatsApp Image 2024-06-07 at 22.05.06 (6) WhatsApp Image 2024-06-07 at 22.05.06 (7) WhatsApp Image 2024-06-07 at 22.05.06 (4) WhatsApp Image 2024-06-07 at 22.05.06 (3) WhatsApp Image 2024-06-07 at 22.05.06 (1) WhatsApp Image 2024-06-07 at 22.05.06 (2) WhatsApp Image 2024-06-07 at 22.05.06 WhatsApp Image 2024-06-07 at 22.05.05 (2) WhatsApp Image 2024-06-07 at 22.05.05

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී තමන් මුහුණ දෙන බවට ප්‍රකාශ කළ තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක්

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී තමන් මුහුණ දෙන බවට ප්‍රකාශ කළ තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  බාර දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කරයි

කාටවත්ම බය නැහැ කියපු චමින්ද මහත්තයා අන්තිමට හිටියේ මෙහෙමයි……

https://www.youtube.com/embed/1qJD6kqmqaM?si=Rlr0zM8lmf3UnSb4″ title=

පාර්ලිමේන්තු වටරවුමේ සිවිල් සංවිධාන විරෝධතාවයේදී සිද්දවුනේ මොකක්ද ?

https://www.youtube.com/embed/xUDgd6ft21U?si=24aZ8iCzBGS7Rkff” title=

කැකිරාව ජනතාව හා නිළධාරීන් අතර උනුසුම් තත්වයක්… ගැටළුව පරීභෝජනයට නුසුදුසු මස් බැහැර කිරීමක්….

https://www.youtube.com/embed/wFXy6sRlkv0?si=8lc4jQfL13mASvRX” title=

ගල්පාත ආරාමකන්ද ප්‍රදේශයේදී දිය නෑමට ගොස් අතුරුදන්වූ පාසැල් සිසුවාගේ සිරුර සොයාගනියි…..

https://www.youtube.com/embed/RvkbY5kB0mU?si=Pp_RjvkenetKfsfP” title=