පාර්ලිමේන්තු පාරේ ඉදගත් බලංගොඩ කස්සප හිමියන් පොලිස් අත්අඩංගුවට පත්වෙයි…..

https://www.youtube.com/embed/HLmmrmcoyt0?si=SxAOwhpAO4IlSAah” title=

ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක් අද (10) සිදුවී තිබෙනවා.

ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික අමාත්‍ය සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Martin Guzman, මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Jayathi Ghosh, එක්සත් ජාතීන්ගේ සහස්‍රක ව්‍යාපෘතියේ හිටපු කලාපීය අධ්‍යක්ෂ Charls Abugre, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Ahilan Kadirgamar ඇතුළු පිරිසක් මෙම හමුව සඳහා එක් වූ බවයි එම පක්ෂය පැවසුවේ.

ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික විධායක සභිකයින් වන ආචාර්ය හරිනි අමරසූරිය, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළු නියෝජිතයින් පිරිසක් හමුව සඳහා සහභාගී වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් සහ ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ බවයි එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේ.

ඩොලරයේ විකුණුම් මිල රු.307.52 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව පසුගිය දින කිහිපය තුළ එක්සත් ජනපද ඩොලරයේ මිල යළි ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද (10) ඩොලරයක ගැනුම් මිල රු.297.93 ක් ලෙස හා විකුණුම් මිල රු.307.52 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

මෙම ඉහළ යෑම ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දක්වා ඇති ආකාරය පහතින්.

6666e38c51285

ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නැහැ – හර්ෂ

ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඊට අදාළ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම්දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්තූතිය පළකරමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් විසින් සිදුකළ එම ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් බවයි.

එසේම එම අවස්ථාවේදී කථානායකවරයා විසින් තමන්ට ජීවිත තර්ජනයක් තිබේද යන්න විමසූ බවත්, එවැන්නක් නොමැති බව තමන් විසින් ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා පොලීසියට දැනුම්දී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහයන්ට මැතිවරණ නැතුව ඉදිරියට යන්න දෙන්න ඕන කියන දේ සමාජයේ තියෙන අදහසක් – සමන් රත්නප්‍රිය

රට ගොඩගන්නා ලද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මැතිවරණ නොමැතිව තවදුරටත් ඉදිරියට යාමට අවස්ථාව ලබාදිය යුතු බවට වන අදහස සමාජය තුළ ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළේ එම අදහස බවත්, එය නිවැරදි අදහසක් බවයි කැස්බෑව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.

මෙය මැතිවරණවලට කුලල් කාගත යුතු අවස්ථාවක් නොවන බවත්, ව්‍යවස්ථානුකූලව මැතිවරණය පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ගණේමුල්ල සංජීව බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග

වීරගුල පොලිසිය භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල සංජීව මේ මස 24 වන දින දක්වා බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කර තිබෙනවා.

ඔහු අද (10) ගම්පහ මහෙස්ත්‍රාත් සිලනි පෙරේරා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී පසුගිය වසරේ සැප්තැම්බර් 13 වන දා අත්අඩංගුවට ගෙන තිබූූ අතර පසුව ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර ලබාගෙන තිබුණා.

ඇදසිටි කමිසයෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක මළසිරුරක් වාද්දුව වෙරලෙන් හමුවෙයි.

ඇදසිටි කමිසයෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක මළසිරුරක් වාද්දුව වෙරලෙන් හමුවෙයි.

ගල්පාත චන්දන පෙරේරා

ඇදසිටි කමිසයෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැකසහිත මළසිරුරක් වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ තිබී හමුව ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය පවසයි.
නිල් පැහැති කලිසමකින් සහ සුදු මේස් බැමියමක් ඇද සිටින පුද්ගලයා වයස අවුරුදු 40 – 45 ත් අතර වියේ පසුවන අයෙකු බවට පොලිසිය සැක කරයි

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර
වාද්දුව පොලිසියද පරීක්ෂණ මෙහෙයවයි.

දුම්රිය රියදුරන්ගේ වර්ජනය අදත් පැවැත්වෙයි

දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනටත් අද (09) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව සඳහන් වෙන්නේ.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට ආරම්භ කර තිබුණා.

මරදන්කඩවල සැකකටයුතු පුද්ගල මරණයක්

24-06-09
කැකිරාව කුෂාන් ජයවර්ධන

මරදන්කඩවල සැකකටයුතු පුද්ගල මරණයක්
අද (09) පස්වරුවේ මරදන්කඩවල පොලිස් වසමට අයත් මාමිණියාව ප්‍රෙද්ශයේ මාර්ගයක තිබී සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලකුගේ මළ සිරුරරක් මරදන්කඩවල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
මාමිණියාව ප්‍රෙද්ශවාසීන් විසින් එම සැකකටයුතු මළ සිරුර සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිස් ස්ථානයට කර ඇති දැනුම් දීමක් අනුව සිදුකළ සෝදිසියකදී එම මළ සිරුර සොයා ගැනීමට පොලිසියට හැකිව තිබේ.
මාමිණියාව වැවේ පිට වාන ආසන්නයේ මාර්ගයේ තිබී එම සැකකටයුතු පුද්ගල මළ සිරුර සොයා ගත් බව පොලිසිය පවසයි.
එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ අාරම්භ කර ඇති අතර සිද්දිය සම්බන්ධයෙන් කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය මඟින් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව පොලිසිය කියයි.
මෙලෙස අභීරහස් ලෙස මිය ගොස් ඇත්තේ මරදන්කඩවල මාමිණියාව, ප්‍රෙද්ශයේ පදිංචිව සිටි පදිංචි වයස අවුරුදු 63ක් වන පුද්ගලයෙකු බව මෙතෙක් සිදු කළ මූලික පොලිස් විමර්ශණවලදී අනාවරණය කරගෙන තිබේ.
සිද්දිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිස් ස්ථානය මඟින් මේ වනවිට වැඩි දුර විමර්ශණ සිදුකරමින් සිටී.

 

ළමා රැඳවුම් මධ්‍යස්ථානයක සිටිනා දැරියන් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට මුදලට විකිණු පාලිකාවක් සම්බන්ධයෙන් මඩාටුගම පොලිසිය පරීක්ෂණ අරඹයි.

24-06-09
කැකිරාව කුෂාන් ජයවර්ධන

ළමා රැඳවුම් මධ්‍යස්ථානයක සිටිනා දැරියන් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට මුදලට විකිණු පාලිකාවක් සම්බන්ධයෙන් මඩාටුගම පොලිසිය පරීක්ෂණ අරඹයි.
============
මහනුවර ප්‍රෙද්ශයේ පිහිටි පරිවාස දෙපාර්තමේන්තුවට අයත් ළමා රැදවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින දැරියන් ලිංගික කටයතු සදහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් මුදල් උපයන බව කියන ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

මහනුවර වේරලවත්ත ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්දයෙන් මෙලෙස පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

අධිකරණ නියෝග අනුව පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින දැරියන් අදාළ පාලිකාව විසින් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට එම රැඳවුම් මධ්‍යස්ථානය තුළදී මුදලට අලෙවි කර ඇති බවත් පොලිසිය කියයි.

මඩාටුගම පොලිස් වසමේ ස්ථීර පදිංචි 17 හැවිරිදි දැරියක විසින් ඊයේ(08) රාත්‍රියේ මඩාටුගම පොලිස් ස්ථානයට සිදුකර ඇති පැමිණීල්ලකට අනුව එම සිද්දිය සම්බන්ධයෙන් මෙලෙස පොලිස් විමර්ශණ ආරම්භ කර තිබේ.

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයකට අනුව, මෙම වින්දිත දැරිය ඉකුත් ජනවාරි මාසයේ අවසන් භාගයේ දිනක සිට මහනුවර වේරලවත්ත ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබිමට දඹුල්ල පරිවාස නිලධාරීන් කටයුතු කර තිබිණ. එම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් කිහිප දෙනෙකුම සේවයේ යෙදි සිටින අතර වින්දිත දැරියන් 30ක් පමන එම ළමා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව ද වාර්තා වේ.

මහනුවර වේරලවත්ත ප්‍රෙද්ශයේ පිහිටි එම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් අතර සිටින එක් පාලිකාවක විසින්, අවස්ථා කිහිපයකදී එම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින වින්දිත දැරියන් ලිංගික කටයුතු සඳහා පිරිමි පුද්ගලයන්ට මුදලට අලෙවි කර ඇති බවත්, එම රැඳවුම් මධ්‍යස්ථානය තුළදීම ඔවුන්ට අවශ්‍ය කාමර පහසුකම් ලබා දීමටද මෙම පාලිකාව කටයුතු කර ඇති බවටත්, තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව, අදාළ පාලිකාව විසින් එහි රඳවා සිටි එක් දැරියක් ඉකුත් අප්‍රේල් මාසයේදී යෙදී තිබූ අලුත් අවුරුදු සමයේ මෙලෙස පිරිමි පුද්ගලයින් 06 දෙනෙකුට මුදලට අලෙවි කර මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බවට ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

එම පාලිකාව විසින් වයස අවුරුදු 20ත් 40ත් පමණ වන පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සඳහා මෙම දැරිය අවස්ථා කිහිපයකදී මුදලට අලෙවි කර ඇති බවත්, එම කටයුතු සඳහා ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පිහිටි වෛද්‍ය කාමරය යොදා ගෙන ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.

මෙම දැරියට අමතරව එම රැඳවුම් නිවාසයේ සිටින වෙනත් දැරියන් ද වරින්වර එහි පැමිණෙ පිරිමි පුද්ගලයන්ට අලෙවි කිරීමට එම පාලිකාව කටයුතු කරමින් සිටින බවද පැමිණිලිකාර වින්දිත දැරිය විසින් පොලිසියට ප්‍රකාශකර තිබේ.

පැමිණිලිකාර වින්දිත දැරියගේ ආරක්ෂාව සඳහා එම දැරිය මේ වනවිට මඩාටුගම පොලිස් ස්ථානය භාරයේ රඳවාගෙන සිටින අතර අධීකරණ වෛද්‍ය පරීක්ෂනයක් සඳහා එම දැරිය අද (09) දඹුල්ල මූලික රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීසෙන් අනතුරුව ප්‍රතිකාර සදහා දඹුල්ල මූලික රෝහලටම ඇතුලත් කර ඇති බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
අදාළ ළමා රැදවුම් මධ්‍යස්ථානය තුළදී වින්දිත භාවයට පත් දැරියක විසින් පොලිසියට කර ඇති මෙම පැමිණිල්ලට අනුව, අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව, මඩාටුගම පොලිස් ස්ථානාධීපතිවරයාගේ මෙහෙයවීම යටතේ මඩාටුගම පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධීපතිය ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මූලික විමර්ශණ ආරම්භ කර ඇත.

පැමිණීල්ලට අනුව සිද්දිය සම්බන්ධ වැඩිදුර විමර්ශණ කටයුතු වෙලම්බොඩ පොලිස් ස්ථානය මඟින් සිදු කිරිමට නියමිත බව පොලිසිය කියයි.