තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රි​යේ සිට වැඩවර්ජනයක

අද (12) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24 ක ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.

සේවක හිඟය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව අකර්මන්‍ය වී ඇති බවයි ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.

ඒ අනුව 13 වනදා උදෑසන සිට රටපුරා සියලු තැපැල් කාර්යාල වසා දැමීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කැකිරාවේ පාසැල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

24-06-12
කැකිරාව කුෂාන් ජයවර්ධන

පාසැල නිමවීමට ආසන්නව තිබියදී එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් ඉහළ කාගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් ඇතුළු 35ක පමණ පිරිසක් ප්‍රතිකාර සදහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
එම විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවු5ත් 10ත් අතර දරුවන් පිරිසක් මෙම බඹර ප්‍රහාරයට ලක්ව තිබේ. විද්‍යාලය අසළ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී එම පාසැල් සිසුන්ට මෙලෙස පහර දීමට පටන් ගෙන තිබේ. බඹර පාසැලේ සිසුන් 30 දෙනෙකු පමණ මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇතැයි එම පාසැල් ආරංචි මාර්ග පවසයි.
බඹර ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඉන් සිසුන් බේරා ගැනීමට කටයුතුකල ගුරුවරුන් කිහිප දෙනෙකු හා අසල්වැසි දෙමව්පියන් කිහිප දෙනෙකු ද මෙහිදී එම බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.
බඹර ප්‍රහාරයට ලක්වූ පාසැල් සිසුන් ගුරුවරුන් හා දෙමව්පියන් කඩිනම් ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කිරීමට එම අවස්ථාවේ ප්‍රෙද්ශවාසීන් යුහුසුළුව කටයුතු කර තිබේ.
ඒ අනුව එම පාසැලේදී බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන්, ගුරුවරුන්, දෙමව්පියන් ඇතුළු 35 දෙනෙකු පමණ මේ වනවිට ප්‍රතිකාර සඳහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් එක් පාසැල් සිසුවකුගේ තත්වය තරමක් බරපතළ බැවින් එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් බලධාරීන් මේ වනවිට පියවර ගෙන තිබේ.
එක් ගුරුවරියක් හා තවත් සිසුන් පිරිසක් කැකිරාව රෝහලේ තව දුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ලැජ්ජයි තුඡ්ඡයි නින්දිතයි සක්කිලියි..නීතීඥ මනෝජ් නානායක්කර ජනපතිට රනිල්ට තරු ‌පෙන්නපු කතාව……

https://www.youtube.com/embed/XjAagZn8YUk?si=1z-IKplkiS6oiIM9″ title=

ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ ණය බර ඩොලර් බිලියන 100 වෙලා- ආචාර්ය වසන්ත අතුකෝරාල……

https://www.youtube.com/embed/dr-iU5Kfh3U?si=UDajxKHgmhfyumsx” title=

නාදුනන මලසිරුරක් වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ තිබී හමුවෙයි. ඝාතනය කර ඇති බවට සැකයක්…..

https://www.youtube.com/embed/F8LNxeHI8zc?si=LUqVnQF1RB_Whpll” title=

ටෙන්ට් රෙද්දකට ආපු බාදාව නිසා උනුසුම් වුන කොටුව ගුරු විරෝධතාවය…

https://www.youtube.com/embed/f0DQ_mquFmQ?si=xM0Oyma6zkc4zDlB” title=

“රටම දන්න විහිළුකාරයා අද මඩ ඌරෙක්ට සමාන කලා” කුප්‍රකට නොකෙරුව විවාදය ගැන විජිත හේරත් කියපු දේ…..

https://www.youtube.com/embed/YA1zCnsevd4?si=iFIm2Gq6T1Jz5DJV” title=

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් වෙනවා – කංචන

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් වන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ආණ්ඩුවේ පාර්ශවකරුවන් සමඟ සෑම සතියකම මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්, දේශපාලන පක්ෂ කාර්යාල කිහිපයක්ද විවෘත කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ආර්ථික අර්බුදයෙන් තවමත් ශ්‍රී ලංකාව එළියට පැමිණ නොමැති බවත්, තවත් වසර කිහිපයක් අසීරු ගමනක් යා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

දැනට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් එම අසීරු ගමන ගෙන යාමට හැකි බවට ඔප්පු කර ඇති නායකයා වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඩොලරයේ විකුණුම් මිල රු.308 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව අද (11) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ මිල යළිත් ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද (11) ඩොලරයක ගැනුම් මිල රු.298.45 ක් ලෙස හා විකුණුම් මිල රු.308.00 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

මෙම ඉහළ යෑම ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දක්වා ඇති ආකාරය පහතින්.

66682bc14fe39