ජනපතිගේ ධූර කාලය වසර 5 යි, පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා නීතිපති විරෝධතා ඉදිරිපත් කරයි

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවයි අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ.

වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කෙරෙමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබෙනවා.

මේ වනවිට නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත මරුට

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා.

තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 ක් රෝහල් ගත කෙරේ

අතුරුගිරිය නගරයේ මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ සියලු දෙනා මේ වන විට රෝහල් ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ව්‍යාජ මුදල් සමග පුද්ගලයින් දෙදෙනෙකු කළුතරදී අත්අඩංගුවට

මතුගම නගරය හා අවට ප්‍රදේශ රැසකටම ව්‍යාජ මුදල් ලබාදී ගනුදෙනු රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මතුගම හා අවට ප්‍රදේශ රැසකම ව්‍යාජ මුදල් සංසරණය වන බවට කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මතුගම පාන්තිය මංසන්ධියේදී පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් 500 නෝට්ටු දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ.

සැකකරු මතුගම ඉද්දගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 29 ක පුද්ගලයෙකු වන අතර ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග එක්ව මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම් සිදුකර ඇති බවයි.

සැකකරුවන් අද (08) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2022 උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීමට පොලි රහිත ණය

2022 උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීම වෙනුවෙන් පොලී රහිත ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට වරම් නොලබන උසස් පෙළ සමත් සිසුන් සඳහා වන මෙම පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව ක්‍රියාත්මක කෙරෙනවා.

මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් හතක් යටතේ සිසු සිසුවියන් 17,313ක සංඛ්‍යාවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 17ක උපාධි පාඨමාලා 100ක් හැදෑරීමට ණය මුදල් සපයා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

2022 වර්ෂයේ උසස් පෙළ සමත් සිසු සිසුවියන් මෙම ණය යෝජනා ක්‍රමයේ අට වන කණ්ඩායම ලෙස බඳවාගැනීමට නියමිත අතර ඊට අදාළව රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් ලබාදීමට යෝජිත පාඨමාලා සම්බන්ධ යෝජනා ද මේ වන විට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

චෝදනා 18 ම වැරදිකාරියවූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රක්ෂිත බන්ධනාගාරයට රැගෙන ගිය අයුරු……

https://www.youtube.com/embed/_kxReVYJdVs?si=VMKnnnK8d_LrkREs” title=

ගුරුවරු පාසැල් නාවොත් ජනපතිගේ තීන්දුව.. ගුරුවරුන්ට ජනපතිගෙන් රතු එලියක්ද ?

https://www.youtube.com/embed/uUab_iUYZ9Y?si=_NqBXJAWmx9KYVFy” title=

උතුරු මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත්වූ නාවික හමුදා නිළධාරියා පූර්ණ හමුදා ගෞරව සහිතව අවසන් ගමන් ගිය අයුරු.

https://www.youtube.com/embed/tDRQ0hJ4-50?si=04n4bs34RJhcereJ” title=

ජංගම දුරකථන මිලදී ගන්නා මුවාවෙන් සොරකම් කරන විදේශිකයින් දෙදෙනා මීගමුව පොලීසියෙන් සොයයි…..

https://www.youtube.com/embed/wncaXByAXGo?si=xzcVw5csSkn_t_up” title=