https://www.youtube.com/embed/MJ8ou2ZB6KE?si=_iJKqx7cZY5TjWWg” title=
Author: Supun
බංග්ලාදේශයේ සිසු විරෝධතාවලින් 105ක් මරුට
බංග්ලාදේශයේ ක්‍රියාත්මක සිසු විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 105ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රට පුරා පැතිර ගොස් ඇති නොසන්සුන්තාව හේතුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති අතර, ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් ද කැඳවා තිබෙනවා.
රජයේ රැකියා ලබාදීමේ විශේෂ කෝටා ක්‍රමය අහෝසි කිරීමට ගෙන තිබූ තීරණය යළි සක්‍රීය කරන්නැයි අධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙන් මෙම සිසු විරෝධතා ආරම්භ කළ බවයි සඳහන් වන්නේ.
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබෙනවා.
බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගැනීම, සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වැනි ඇසළ පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවද, තව්තිසා දෙව් ලොවට වැඩම කර මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය පෙන්වා දෙමින් අභිධර්ම දේශනා කිරීමද සිදුකරනු ලැබුයේ අද වැනි පොහොය දිනයකයි.
එසේම දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ ද ඇසළ පොහොය දිනයකදියි.
එමෙන්ම විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේලා ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ සිට වස්වැසීම ආරම්භ කරනු ලබනවා.
ඊයේ (18) රාත්‍රී හඟුරන්කෙත, මතුරට හරහා හමා ගිය දැඩි සුළඟ හේතුවෙන් ගසක අත්තක් කඩා වැටී මතුරට, අම්පිටිගොඩ පදිංචි අවුරුදු (45) හතළිස් පහක් වයසැති අයෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.
ඊයේ (18) රාත්‍රී හඟුරන්කෙත, මතුරට හරහා හමා ගිය දැඩි සුළඟ හේතුවෙන් ගසක අත්තක් කඩා වැටී මතුරට, අම්පිටිගොඩ පදිංචි අවුරුදු (45) හතළිස් පහක් වයසැති අයෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.
මොහු දෛනික රාජකාරී අවසන් කොට නිවස බලා පැමිණ සිටියදී එම අවස්ථාවේ පැවති දැඩි සුළඟට තම නිවස ආසන්නයේම තිබූ ගසක අත්තත් කඩාවැටි මෙම අනතුර සිදුවී ඇත.
එදින රාත්‍රී නිවසට නොපැමිණි බැවින් මොහු පිළිබඳව සොයා බැලීමේදී පසුදින උදේ (19) ඔහු නිවස ආසන්නයේ වැටී සිටි අතර, ඔහුගේ සිරුර මතට ගසක අත්තක් වැටී ඇති බව තම පුතාට දැකගන්නට ලැබුණු බවයි පවසන්නේ.
මේ වන විට මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගිය බවත්, මතුරට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඒ. එල්. කේ. හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි මතුරට පොලිසිය සඳහන් කරන්නේ.
සම්පත් විජේරත්න, රිකිල්ලගස්කඩ
2024 ජූලි 24 වන දින සෙනසුරු චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය
දර්ශාන් ප්‍රනාන්දු
මොරටුව
19.07.2024
දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය 2024 ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන් පසුව( 2024 පූලි 25 වැනි දින පෙ.ව. 00:50 ට) පමණ ආරම්භ වී ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වනු ඇතැයි නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.
ජූලි (25 වැනිදා) පෙරවරු 00.40ට පමණ සඳ දෙස බැලීමෙන් මෙම සංසිද්ධිය නිරීක්ෂණය කළ හැකිය.
දුරේක්ෂයක් හෝ දුරදක්නයක් තිබේ නම්, මෙම සංසිද්ධිය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇතැයි ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ යෙදවුම් අංශය සඳහන් කරයි.
එක් ආකාශ වස්තුවක් තවත් ආකාශ වස්තුවක් ඉදිරියෙන් ගමන් කිරීම නිසා එහිදර්ශනය අවහිර වීමෙන් මෙවන සංසිද්ධියක් සිදුවේ. චන්ද්‍රයා සෙනසුරු ග්‍රහලෝකය ඉදිරියෙන් ගමන් කරන විට එය පෘථිවියට නොපෙනී ගොස්, ආසන්න වශයෙන් පැය එකයි මිනින්තු විස්සක් පමණ චන්ද්‍රයාගෙන් වැසී පවතින අතර මෙම සංසිද්ධිය පෘථිවියේ ඇතැම් ප්‍රදේශවලට පමණක් දැකගත හැකිය. ශ්‍රී ලංකා විවිධ ප්‍රදේශවලට මෙම සිදුවීම දර්ශනය වන වේලාවන් සුළු වශයෙන් වෙනස් වේ.
සෙනසුරු චන්ද්‍රයාගෙන් කොළඹ, යාපනය , වව්නියාව , අම්පාර , ත්‍රිකුණාමලය, අනුරාධපුර , පුත්තලම , මහනුවර , බදුල්ල , බලංගොඩ , මාතර යන ප්‍රදේශයන්හි සෙනසුරු චන්ද්‍රයාගෙන් ආවරණය වීම සහ නිවාරණය වීම දැකගැනීමට හැකි වේ.
නැවත වරක් මෙම සංසිද්ධිය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන්නේ 2037 අප්‍රේල් 24 වැනිදා බව ආතර් සී ක්ලාක් ආයතනය නිවේදනය කරයි.
ඡන්ද ගනින රංගේ බණ්ඩාරගෙන් මාලිමාවේ අළුත්ම දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලයක්….
https://www.youtube.com/embed/S5tjQ7Fc1f4?si=dbJOeE1nR1ihtVtg” title=
අරණායකදී දරුවෙකුට අමානුෂිකව පහර දුන් හා අනුබල දුන් කාන්තාවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරයට….
https://www.youtube.com/embed/V3mWRgRkZdA?si=YiI999DBHyzwhM5a” title=
පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්විමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
“කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය (AI Technology) මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක්ද පැවැත්වීමට නියමිතයි
ජනපතිගේ නියමයෙන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයාගේ නියමය පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
කෙසේ නමුත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊයේ (18) සඳහන් කළේ, අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන ලෙස තමන් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් බවයි.
අදාළ ගැසට් නිවේදනය පහතින්.

ඡන්ද කල්දාන්නෙත් නෑ, පාර්ලිමේන්තුව විසුරවන්නෙත් නෑ – රවී
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිඳු සූදානමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක පවසනවා.
ඒ අනුව ජනමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමේ වැඩපිළිවෙළක් නොමැතිවීම විපක්ෂයට ගැටලුවක් වී ඇති බවයි ඔහු සඳහන් කළේ.
ස්වාධීන නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි රවී කරුණානායක හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
