පාළු ලිදේ අවසන් ගමන් ගිය පෙර පාසැල් දැරිය..මරණය ගැන පොලීසියට සැක පහලවෙයි….

https://www.youtube.com/embed/Z6Z-P4WYSlY?si=XhvPSiTt66anp-JG” title=

අධිවේගයේ අනතුරක්:පහකට තුවාලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්න දුව අතර කිලෝමීටර් 92 ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 5 කු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි.

මාතර සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ  මෝටර් රථයේ රියදුරුට නින්ද යාමත් සමගම මැද ආරක්ෂිත යකඩ වැටේ මෝටර් රථය ගැටී  එම දිසාවටම  පිටුපසින් පැමිණි මෝටර් රථය හා ගැටී මෙම අනතුර වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම අනතුරක් සමගම මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති අතර කොළඹ දෙසට ගමන් ගන්නා වාහන මාර්ගය මගහැර එයින් පිටතින් ධාවනය කර නැවත මාර්ගයට ප්‍රවිෂ්ට කර වාහන ධාවනය කරන්නටවු බව පොලිසිය කියයි.

LPL 2024 Final : කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය Jaffna Kings හා Galle Marvels කණ්ඩයම් අතර අද (21) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

අස්වැසුම සඳහා නව අයදුම්කරුවන් 450,000 ක් අයදුම් කරයි

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් විසින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදු කෙරෙන බවයි සඳහන් වෙන්නේ.

මේ වනවිට ප්‍රතිලාභීන් ලක්ෂ 18ක් පමණ ප්‍රමාණයක් සඳහා අස්වැසුම පළමු අදියර යටතේ දීමනා ලබාදෙනවා.

අනාරක්ෂිත වගාලිදකට වැටී සිටි වන අලියාව අනුරාධපුර වන ජීවී නිලධාරීන් ගොඩට ගැනීමට කටයුතු කරයි…..

https://www.youtube.com/embed/97fh17W0OFM?si=cZK9gKFdj-KdsRXA” title=

බිලියන 10 දීලා ජනමත විචාරණ තියන්න ලැහැස්ති ආණ්ඩුවට නීතීඥ මනොජ් නානයක්කාර සැරටම අමතයි….

https://www.youtube.com/embed/446il6RyECs?si=oeR0o7OnBnZSh5Sc” title=

අම්බලංගොඩදී ක්‍රිකට් ක්‍රීඩකයා ඝාතනයෙන් පසුව සැකකරුවන් පැන ගිය අයුරු..

https://www.youtube.com/embed/NoXENU1HReM?si=8mL_tdOoQqnVKhBS” title=

පන්සලේ සැප වාහනය විකුණා ගමට ගිලන් රථ සේවාවක් ආරම්භ කළ උදාර හිමිනමක් කියු සංවේදී කතාව…..

https://www.youtube.com/embed/FimlzktMKhc?si=h39nLDseRToLWajZ” title=