කාල්ට බාර් එක දීලා අනිත් අයට අඩි ගහන්න යන්න කියලා ප්‍රශ්නේ විසදපු ජනපති රනිල්….

https://www.youtube.com/embed/uMLnLXPE4wc?si=0DT8Eczp5f1Ep6Xe” title=

ඉස්කොල වල වගේම ටියුෂන් වැඩ කරන්නෙත් අකුරටද ? ස්ටාර්ලින්ට ආපු ප්‍රශ්නය….

https://www.youtube.com/embed/vLcdWseFjbc?si=mpjWxb_punMcAiqQ” title=

කැකිරාවේ සුපිරි වෙළද සැල ඇතුලේ ප්ලෑන් කරලා කරපු සුපිරි හොරකම….

https://www.youtube.com/embed/9b6uCz74-2s?si=CE8-CCLJmvjSPEk9″ title=

පොහොට්ටුවේ ඇමති ඉන්දිකගෙන්ම එලියට ආපු පොහොට්ටුවේ බෙදිල්ලේ සැර……….

“https://www.youtube.com/embed/HDaOaXrvuoI?si=px3iqKDtih0a9wYB” title=

Women’s T20 Asia Cup : මැලේසියා කණ්ඩායමට ලකුණු 185 ක ඉලක්කයක්

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණෟඩායම හා මැලේසියා කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 184 ක් ලබා ගත්තා.

නොදැවී විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් නායිකා චමරි අතපත්තු ලකුණු 119 ක් ලබාගත් අතර අනුෂ්කා සංජීවනී ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා මැලේසියා කාන්තා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 185 ක්.

Women’s T20 Asia Cup : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණෟඩායම හා මැලේසියා කණ්ඩායම අතර තරගය අද (21) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීම ශී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා, රනිල් පරදිනවා, සාමකාමීව ගෙදර යනවා – අනුර

ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට කිසිඳු බලපෑමක් එල්ල කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව ඔහුට පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් සමාජය ව්‍යාකූලත්වයට පත් කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් ඇති බවයි ජපානයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශ කිරීමට නියමිතව තිබියදී, සමාජය තුළ ඡන්දය පවත්වයිද නැද්ද සම්බන්ධයෙන් යම් දෙගිඩියාවක් මතුව ඇති බවත්, නමුත් දෙගිඩියාව ඇත්තේ ඡන්දය ගැන නොව දෙගිඩියාව ඇත්තේ රනිල්ට බවයි ජන හමුව අමතමින් ඔහු සඳහන් කළේ.
සහතික වශයෙන්ම ජනාධිපතිවරණය පැමිණෙන බව ද, මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව රනිල් පරාජයට පත්වී සාමකාමීව ගෙදර යන බව ද අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පවසා සිටියා.

ජීවන් තොණ්ඩමන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක්

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත්වරිය විසින් නුවරඑළිය පොලීසියට නියෝග කර තිබෙනවා.

පසුගිය මැයි (30) දින අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැලණිවැලි සමාගම යටතේ පාලනය වන නුවරඑළියේ තේ කර්මාන්ත ශාලාවකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විසින් අධිකරණය හමුවේ අද (22) කරුණු වාර්තා කර තිබුණා.

එම අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පවිත්‍රාගේ ගැසට්ටුවට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයෙන් මුදාහරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත්කළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබාදී තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත්කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 12 වනදා පැවැත්වීමට ද අධිකරණය නියෝග කළා.

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අල්ලස් දැලේ

24-07-22
කැකිරාව කුෂාන් ජයවර්ධන

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අල්ලස් දැලේ
=========

ඉඩම් ඔප්පුවක් පිළීයෙල කිරීමට ව්‍යාපාරිකයකුගෙන් රැපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබා ගත් කැකිරාව ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අල්ලස් නිලධාරීන් අද (22) පස්වරුවේ සමත්ව තිබිණ.
කැකිරාව ප්‍රෙද්ශයේ ව්‍යාපාරියකයකු විසින් අල්ලස් නිලධාරීන්ට කර තිබූ පැමිණීල්ලකට අනුව සිදුකළ වැටලීමකදී සැකකාර ඉඩම් නිලධාරීයා අත්අඩංගුවට ගැනීමට අල්ලස් නිලධාරීන් සමත්ව තිබේ.
ඉඩම් ඔප්පුවක් සැකසීම සඳහා සැකකාර ඉඩම් නිලධාරියා විසින් කැකිරාව ප්‍රෙද්ශයේ ව්‍යාපාරිකාගෙන් රැපියල් ලක්ෂ 05ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ අතර එයින් රැපියල් ලක්ෂ දෙකක මුදලක් අද දිනයේ අදාළ ඉඩම් නිලධාරියා විසින් ලබා ගත් අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට ගැනීඹට අල්ලස් නිලධාරීන් සමත්ව තිබිණ. අද පස්වරුවේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේදී එම ඉඩම් නිලධාරීය මෙම අල්ලස් මුදල ලබා ගෙන තිබින.
අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇති එම ඉඩම් නිලධාරියා 33 හැවිරිදි වියේ පසුවන්නෙකි. පොලොන්නරුව දිවුලන්කඩවල කුසුම්පොකුණ ප්‍රෙද්ශයේ ස්ථීර පදිංචිකරුවකු වන ඔහු හබරණ පලුගස්වැව ගල්කඩවල පාර ප්‍රෙද්ශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති අයෙකි.
අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගන්නා ලද සැකකාර ඉඩම් නිලධාරියා අද පස්වරුවේ කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට අල්ලස් නිලධාරීන් කටයුත කරනු ලැබීය. එහිදී සැකකාර නිලධාරියා ලබන අගොස්තු මස 02 වනදා දක්වා රක්ෂීත බන්ධනා ගාර ගත කිරීමට කැකිරාව මහේස්ත්‍රාත් ඩී.පී.එම්.එස්. කරුණාරත්න මහත්මිය විසින් නියෝග කරනු ලැබූ අතර එදිනට සැකකාර නිලධාරියා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධීකරනය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මෙහිදී බන්ධනාගාර අධීකාරීවරයාට නියෝග කරනු ලැබීය.