ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන්වල අගෝස්තු වාරික මුදල් සෘජුවම ශිෂ්‍යත්වලාභීන්​ගේ ගිණුම් වෙත​ට

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරික මුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කරන බව රජය පවසනවා.

මෙම ශිෂ්‍යත්ව වාරික මුදල් බැංකු වෙත යොමු කිරීමේදී ඒ පිළිබඳව කෙටි පණිවිඩයක් (SMS) මගින් සියලු ශිෂ්‍යත්වලාභීන්ට දැනුම් දෙන බවයි සඳහන් වෙන්නේ.

2022/2023 අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 3000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 17 වැනි වාරිකයද,  2023/2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 6000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 06 වැනි වාරිකය ද අදාළ ගිණුම්වලට බැර කෙරෙනවා.

අදාළ නිවේදනය පහතින්.

66ab642301dd9pdf_page_1 66ab6422e4702pdf_page_0

රනිල් කියන්නේ ආණ්ඩුවට සහයෝගය ලබාදෙන අයට රිසි සේ හොරකම් කරන්න ඉඩ දුන් නායකයෙක් – දයාසිරි

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදෙන්නේ පසුගිය කාලයේ විවිධ වරප්‍රසාද ලබාගත් පිරිස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ අනුව පසුගිය කාලයේ ඇමති මණ්ඩලයට රිසි සේ සොරකම් කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉඩ ලබාදුන් බවයි අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සුරාසැල් බලපත්‍ර 1200 ට වැඩි ප්‍රමාණයක් සහ ගිනි අවි බලපත්‍ර වැනි දේ ලබාදී ඇති බවත්, ගෙවල් හානි වූ අයට විශාල ප්‍රමාණයෙන් මුදල් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා.

රට වැටී තිබෙන අවස්ථාවක කැබිනට් මණ්ඩලයට සහ ආණ්ඩුවට සහයෝගය ලබාදෙන අයට රිසි සේ හොරකම් කිරීමට ඉඩ ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

අවිනිශ්චිතයි කියලා පේන දේවල් කැම්පේන් එකේ කොටස් විදියට එළියට ඒවි – සංජීව එදිරිමාන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට සතියක් හෝ ගත නොවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

ඒ අනුව මේ වන විට යම් අවිනිශ්චිතභාවයන් බවට පෙනෙන දේවල් ජනාධිපතිවරණ කැම්පේන් එකේ කොටස් ලෙස එළියට පැමිණෙනු ඇති බවයි අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

පළාත් පාලන නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු ව​න ලොකු පැටී අත්අඩංගුවට

සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා බෙලරූස්හී දි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔහු ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකුද වනවා.

බිරිදට පුංචි අම්මට කන්න දුන්නට කමක් නැහැ හම්බ කරලා කන්න දෙන්න අජිත් පී පෙරේරා අනුරට කියපු දේ….

https://www.youtube.com/embed/2wIMpfmUjzA?si=2isZQEAfiYt3tulo” title=

නීති ක්‍රියාත්මක කරන්න එන කෙනා පිස්සු කෙලියොත් මාලිමාවෙන් කරන දේ ලාල් කාන්ත කියයි….

https://www.youtube.com/embed/gNTJk5q963g?si=BkyffOyLMPQeyEN7″ title=

ජනාධිපතිරණයේදී පොලිස්පතිගේ භූමිකාව මහින්ද දේශප්‍රිය කියපුදේ….

https://www.youtube.com/embed/BX-zemvpq6k?si=jL2A_CCRdqfYr_O2″ title=

“අතින් වියදම් කරන්න පුරුදු වෙන එක හොදයි” නලින්දගෙන් මෛත්‍රීට උපදෙසක්…..

https://www.youtube.com/embed/iqVdzfAfTHA?si=FhZmyNdZBxDmddtY” title=

තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට දැනුම්දීමක්

2024 ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර elections.gov.lk වෙබ් අඩවියට මේ වනවිට ඇතුලත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අගෝස්තු 05 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

66aa104600b14pdf_page_0