https://www.youtube.com/embed/2_5WS345_mw?si=NVOZ8GbsPRTkxB3d” title=
Author: Supun
සමාජ මාධ්‍ය වල වයිරල් වෙන වීඩියෝවට හදුන්නෙත්තිගෙන් ප්‍රතිචාර….
https://www.youtube.com/embed/MfIUx3jwbuw?si=UPZJWqHkGZyHNc5T” title=
නිල නොවන සමීක්ෂණ සිද්ද කරන අයට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියපු දේ….
https://www.youtube.com/embed/sT1iUir4ZqU?si=AAUpsXA6l7g820La” title=
හරිනි අමරසූරියගෙන් රනිල් වික්‍රමසිංහට ලැබුන සැර උත්තරය….
https://www.youtube.com/embed/zfoYyHTczQU?si=Q9JPqpEntWIn5i6n” title=
රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද කඩන්න – දයාසිරි ජයසේකර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඡන්ද කැඩීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය ශක්තිමත් කිරීමට අවශ්‍ය නම් රනිල්ට ඡන්දය ලබාදීම නවතා සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබාදෙන ලෙසයි මන්ත්‍රීවරයා ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
සුරුට්ටු කඩයක් හෝ කරපු නැති පිරිසක් බලයට ගෙනැවිත් බංග්ලාදේශයේ ඇතිවූ තතත්ත්වය මෙරට තුළ ඇති නොකරන ලෙසද ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ පාර්ලිමේන්තුවේ ඉන්න තුනෙන් දෙකක් ඊළඟ පාර්ලිමේන්තුවේ නෑ – අනුර
වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට ඉදිරි මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවද ජාඇළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු සඳහන් කළා.
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පවත්වන තෙක් ව්‍යවස්ථානුකූලව රට පාලනය කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
රට ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායම අභියෝගය හමුවේ රට භාරගත් කණ්ඩායමයි – ජනපති
රට ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායම ආර්ථික අභියෝගය හමුවේ රට භාරගත් කණ්ඩායම බවත්, සැප්තැම්බර් 21 වනදා ගැස් සිලින්ඩරය ඉදිරිපස කතිරය ගසා අසීරුවෙන් ගොඩනැගු රටේ ආර්ථිකය බේරා ගන්නා ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ආර්ථික අර්බුදයෙන් රට බේරගත්තේ මෙරට ගොවි ජනතාව මිස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින 38 දෙනා නොවන බවයි යාපහුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
වයඹ ගොවි ජනතාව වෙනුවෙන් වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉතිරි කටයුතු ද කඩිනමින් නිම කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

අරගලය සමයේ උල් සහිත මාර්ග බාධක රඳවා තැබීමට එරෙහි පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
ගාලු මුවදොර “ගෝඨාගෝ ගම” අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල උල් සහිත අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවට හිරිහැරයක් සිදු වී ඇති බව හා ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් සඳහන් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳ විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ පොලිස්පතිවරයා සහ නීතිපතිවරයාට මාර්තු මස 04 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
නීතිඥ සේනක පෙරේරා මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Sri Lanka vs Cambodia: පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකම කිසිඳු ගෝලයක් වාර්තා නොකරයි
ලංකාව සහ කාම්බෝජය අතර පාපන්දු තරගය මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.
ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට කණ්ඩායම් දෙකම කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට සමත්වී නොමැති බවයි සඳහන් වෙන්නේ.
දෙවන දිනය සඳහා තැපැල් ඡන්ද විමසීම අවසන් වෙයි
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු දෙවන දිනය සඳහා මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
අද පෙරවරු 9.00 සිට තැපැල් ඡන්ද විමසීමට පැවැත්වීමට කටයුතු කර තිබුණා.
ඒ අනුව අද දිනයේදී ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව ලබාදී තිබුණා.
