දෙසැම්බර් මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය

දෙසැම්බර් මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඊට අදාළ විදුලිබල මණ්ඩලයේ යෝජනා මහජන උපයෝගීතා කොමිසම විසින් මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින බවයි සඳහන් වෙන්නේ.

එසේම වසර හතරකට වරක් සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය, වසර දෙකකට වරක් සිදුකිරීමේ ක්‍රමවේදයක් ගැනද යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ එම යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේ දී කරුණු සලකා බැලීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් පවසා සිටියේ.

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාරයක් එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය ඔක්තෝබර් 01 වැනිදා ඉරානය විසින් එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර 200කට ආසන්න ප්‍රහාරය ඇතුළුව, ඉරාන පාලනය මාස කිහිපයක සිට තමන්ට එරෙහිව සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය දියත්කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ.

මේ අතර, ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් ද ඝෝෂාකාරී පිපිරීම් කිහිපයක් පිළිබඳ වාර්තා කළ බවයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කර සිටියේ.

ඉරානයේ ටෙහෙරාන් අගනුවරට බටහිර ප්‍රදේශයෙන් මෙම පිපිරීම් හඬ ඇසී තිබෙන බවත්, විශේෂයෙන් ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවත් සඳහන් වෙනවා.

කෙසේ නමුත් ප්‍රහාරවල ප්‍රමාණය සහ ඉලක්ක පිළිබඳව ඊශ්‍රායලය තවමත් පැහැදිලි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ආරම්භ වෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඡන්ද මධ්‍යස්ථාන 48කදී මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර, ඒ සඳහා ඡන්දදායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඡන්ද පෙට්ටි සහ නිලධාරින් ප්‍රවාහනය කිරීම ඊයේ සාර්ථකව සිදු කෙරුණු අතර, ඡන්ද විමසීමේ කටයුතු සඳහා නිලධාරින් 600 දෙනෙකු පමණ යොදවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාගේ වම් අතෙහි සුළැගිල්ල පාට කර තිබීම නිසා මෙම ඡන්ද විමසීමේදී ඡන්දය සලකුණු කිරීමේදී වම් අතෙහි මහපටඟිල්ල පාට කිරීමට තීරණය කර තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්න‍ේ.

“පණිවිඩකාරයාට වෙඩි තියලා වැඩක් නැහැ” ගම්මන්පිල එලියට දාපු වාර්ථා ගැන ඩලස් කියපු දේ…..

https://www.youtube.com/embed/z1YpJ3BQCi0?si=JU0qbqIwRCkLiOv5″ title=

දැන් එක දෙක එලියට එනවා ප්‍රතිඵල බොහොම ලගයි කියන වසන්ත සමරසිංහ…..

https://www.youtube.com/embed/WROO3tORRGI?si=hK3fpWtrPUbEeWcs” title=

Emerging Teams Asia Cup: ශ්‍රී ලංකාවට ලකුණු 136 ක ඉලක්කයක්

නැගී එන කණ්ඩායම් පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 135 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහන් ආරච්චිගේ කඩුලු 4 ක්, නිපුන් රන්සික කඩුලු 2 ක් හා එශාන් මාලිංග කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කයක් ලකුණු 136 ක්.

ලකුණු පුවරුව පහතින්.

671b75c041038 671b75c01ea35

Emerging Teams Asia Cup: කාසියේ වාසිය පාකිස්තාන A කණ්ඩායමට

නැගී එන කණ්ඩායම් පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන A කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

Emerging Teams Asia Cup : ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු අවසන් පූර්ව තරගය අද

නැගී එන කණ්ඩායම් පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරගය අද (25) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර තරගය අද දහවල් 2.30 ට ආරම්භවීමට නියමිතයි.