අගමැතිනිය අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ භාරගනියි

නව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය අද (20) සිය අමාත්‍යංශයේ වැඩ භාරගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හරීන් ඇප මත මුදා හැ​රේ

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය විසින් හිටපු අමාත්‍යවරයා අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.

සුජීවගේ වාහනය ගැන ප්‍රකාශයක් ලබාදීමට ජේ. ශ්‍රී රංගා CID යට පැමිණෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ V8 රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

අනුමත ගාස්තුව වඩා වැඩියෙන් ගාස්තු අය කරන බස් මාෆීයාවක් ගැන මගියෙකුගෙන් ගමනා ගමන කොමිසමට පැමිණීල්ලක්

24-11-19
කැකිරාව කුෂාන් ජයවර්ධන

අනුමත ගාස්තුව වඩා වැඩියෙන් ගාස්තු අය කරන බස් මාෆීයාවක් ගැන මගියෙකුගෙන් ගමනා ගමන කොමිසමට පැමිණීල්ලක්
============

අනුරාධපුර – කොළඹ අංක15 බස් මාර්ගයේ ධාවනය වන ඇතැම් සුඛෝපභෝගී බස් රථවල කොන්දොස්තරවරුන් ඒවායේ ගමන්ගන්නා විදේශිකයන් ඇතුලු මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අය කිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක කරන බවට බස් මගියකු විසින් අද(19) පස්වරුවේ ජාතික ගමනාගමන කොමිසමට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබේ.

පිටකොටුවේ සිට කැකිරාවට යාම සඳහා කොළඹ – අනුරාධපුර අංක 15 මාර්ගයේ ගමන් ගන්නා සුභෝපභෝගී බස් රථයකින් ගමන්ගත් මගියකු විසින් මෙම පැමිණීල්ල ඉදිරිපත් කර තිබේ.

සිද්දියට මුහුණ පෑ මගියා මෙසේ පවසයි.

මම කැකිරාවට යන්න හිතාගෙන කොළඹ පිටකොටුවෙන් ගමන් ඇරඹු Wp Nc 9014 දරණ සුඛෝපභෝගී සේවා බස් රථයට ගොඩවූනා. එහිදී මගේ ගමනාන්තය වූ කැකිරාවට ගමන් කිරීම සදහා රුපියල් 1305ක මුදලක් අය කිරීමට එහි කොන්දොස්තරවරයා කටයුතු කළා. මේ සම්බන්ධයෙන් මට ඇති වූ සැකයක් මත එම අවස්ථාවේ ගමනා ගමන කොමිෂමෙන් මම මේ ගැන විමසීමක් කලා. එව අවස්ථාවේ කොළඹ- කැකිරාව සුභෝපභෝ බස් රථ ගමනාන්තය සදහා කොමිසම අනුමත කර ඇති ගාස්තුව රුපියල් 1040ක් පමණක් බවට කොමිසමේ නිලධාරීන් මට දැනුම් දුන්නා. ඒ අනුව අදාළ බස් රථයේ කොන්දොස්තරවරයා මගේ ගමනාන්තයට අයවිය යුතු මුදල වන රු.1040 ක් වෙනුවට රු. 1305ක් අය කර තිබුණා. ඒ අනුව අදාළ කොන්දොස්තරවරයා මගේ ගමන සදහා රුපියල් 265ක මුදලක් මගෙන් වැඩියෙන් අයකිරීම සම්බන්ධයෙන් මම ගමනා ගමන කොමිසමට පැමිණීලි කිරීමට කටයුතු කලා. අසරණ බස් මගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඊට අදාළ නිලධාරීන් කටයුතු කළ යුතුයි. මේ වගේ මාෆියා වැඩවලින් ජනතාව සූරා කන එක දැන්වත් නවත්වන්න ඕනේ. මේවට නිසි දඩුවම් දිය යුතුයි. එම අවස්ථාවේ මෙම බස් රථයේ විදේශිකයින් දෙදෙනෙකුත් ගමන් කළා එයාලගෙ ගමනාන්තය වුනේ දඹුල්ල. ඒත් මේ කොන්දොස්තරවරයා එම විදේඹිකයන්ගෙන්ද වැඩිපුර මුදල් අයකලා. එයාල ට්‍රැවලින් බැග්දෙකක් කරේ දාගෙන හිටියා. බැගේජ්වලට කියලා දඔුල්ලෙන් බහින ඒ විදේශිකයන් දෙන්නට රැපියල් 1305 බැගින් ටිකට් 03ක් නිකුත් කලා. එම විදේශිකයින් පෝලන්තයේ සිට මෙරටට පැමිණ සිටි අයයි. ඔවුන්ගේ විස්තර මම ළග තියෙනවා. මේ වගේ මාෆියා වැඩවලින් ජාත්‍යන්තරයේ අපේ රට අපකීර්තියට ලක්වෙනවා. ඒක අපේ රටට රටේ සංචාරක ක්ෂේත්‍රයට කලු පැල්ලමක් වෙන්න පුලුවන්

අනික් කාරණාව තමයි බස් රථයකට ගොඩවෙන මගියෙකුට තියෙන අයිතිවාසිකම් මොනවද කියලා මගීන් දැනුවත් කරන්න වගකිව යුතු නිලධාරීන් කටයුතු කළ යුතුයි.

ජාතික ගමනා ගමන කොමිසමට මම කළ පැමිණීල්ල සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ වෙයි කියලා මම බලා පොරොත්තු වෙනවා. මොකද නැත්නම් මම වගේ තව දහස් ගණනක් බස් මගීන් වගේම බස්වල යන විදේශිකයනුත් මේ විදියට බස් මාෆීයාවේ සූරා කෑමට ලක්වෙනවා.

ගමනා ගමන කොමිසමේ නිලධාරීන් විසින් මේ වන විට මෙම සිද්දිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබේ.

WhatsApp Image 2024-11-19 at 21.34.08 (1) WhatsApp Image 2024-11-19 at 21.34.08 WhatsApp Image 2024-11-19 at 21.34.09 (1) WhatsApp Image 2024-11-19 at 21.34.09 (2) WhatsApp Image 2024-11-19 at 21.34.09

“නායකතුමා ඉන්නේ ෆලැට් එකේද ? යාල කැලේද ? මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයෙන් ස.ජ.බ මාධ්‍ය හමුව උනුසුම් වෙයි.

https://www.youtube.com/embed/lXf9DN3R71E?si=qi7ExJBS43cwR8rF” title=

දිවුරුම් දීමෙන් පස්සේ එලියට ආ අළුත් ඇමතිවරු කියපු එක එක කතා…..

https://www.youtube.com/embed/G7RWmhnhGZM?si=NjycChRmBSDRl2hV” title=

බලය තිබුනට බලයේ සීමාවන් අපිට තිබෙනවා ජනපති නව ඇමති මණ්ඩලයට දුන් පනිවිඩය…….

https://www.youtube.com/embed/nqxy-xtBgxQ?si=XoQiTiV_Qx31PcX7″ title=

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා එක් නමක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරයි

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා එක් නමක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සමගි ජන බලවේගයට මෙවර මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 5 ක් හිමිව තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

673c9535207b3pdf_page_0

වසන්ත සමරසිංහ වෙළෙඳ අමාත්‍ය ධූරයේ වැඩ භාරගනියි

නව රජයේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා අද (19) එම අමාත්‍යංශයේදී වැඩ භාරගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම්වරයා සහ අමාත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.