දසවැනි පාර්ලිමේන්තුව මීළඟ සභාවාරය දෙසැම්බර් 03 වනදා දක්වා ජනාධිපතිවරයා විසින් කල් තබා තිබෙනවා.
ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු සභාවාරය දෙසැම්බර් 03 වනදා පෙරවරු 9.30 ට ආරම්භවීමට නියමිතයි.
දසවැනි පාර්ලිමේන්තුව මීළඟ සභාවාරය දෙසැම්බර් 03 වනදා දක්වා ජනාධිපතිවරයා විසින් කල් තබා තිබෙනවා.
ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු සභාවාරය දෙසැම්බර් 03 වනදා පෙරවරු 9.30 ට ආරම්භවීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීම සඳහා මේ වන විට තේරීපත් වූ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙමින් තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
පාර්ලිමේන්තුවේ සජීවී තොරතුරු එසැණ ඔස්සේ බලාපොරොත්තු වන්න.
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
අද (21) පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල සඳහන් කළේ.
එහිදි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම, අදාළ ආයතනවල ක්‍රියා පටිපාටිය පිළිබඳව සාකච්ඡා සිදුකිරීමට නියමිත අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ද අදහස් ලබාගැනීමෙන් අනතුරුව, විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160 ක් සහ හොරොයින් කිලෝග්‍රෑම් 60 ක් සමග පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මාතර, ගන්දර ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
https://www.youtube.com/embed/EqNTXd8bLIU?si=KL5Omo-lJO6JS5ae” title=
https://www.youtube.com/embed/PsY34bBpR4Q?si=XeIpPDQXzngrctld” title=
https://www.youtube.com/embed/d2Yjbr74iGA?si=s7BNq6raLZ8YxVoM” title=
https://www.youtube.com/embed/2nA4hXPtEDs?si=XKZdjFL5nLXm_BIT” title=
2024 අ.පො.ස උසස් පෙළ විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දින දක්වා පැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ.
අදාළ නිවේදනය පහතින්.

කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.
නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කිරීමට නියමිත බවත්, ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද හිමිවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.