මට රට සහලින් ස්වයංපෝෂිත කිරීමට හැකි වුණා – මහින්ද අමරවීර

රට තුළ කිසිඳු අයුරකින් සහල් හිඟයක් ඇතිවීමේ හැකියාවක් නොමැති බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මෙරට පරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ මෙට්‍රික්ටොන් ලක්ෂ 24 ක ප්‍රමාණයක් බවත්, පසුගිය කන්න දෙක තුළ මෙට්‍රික් ටොන් 30 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව තමන්ට රට සහලින් ස්වයංපෝෂිත කිරීමට හැකි වූ බවයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කුඩු සළිඳු​ට ඇප

සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර නියෝග කර තිබෙනවා.

සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත්, අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කරන ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නඟා තිබුණා.

ඒ අනුව නඩුව යළි පෙබරවාරි 10 කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැත්වූ විශේෂ මහ සභා රැස්වීමේදී (EGM) ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂ සංශෝධනයක් සිදුකිරීමට අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

උත්සව සමයේ ආරක්ෂාව වැඩි කිරීමට පොලීසියෙන් පියවර

එළැඹෙන නත්තල් හා අලුත් අවුරුදු උදාවත් සමග මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සුදානම් කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ පමණක් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,500 කට අධික පිරිසක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

මේ අතර ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ආගමික ස්ථාන හා කඩසාප්පු ආශ්‍රිතව සිටින සොරුන් සහ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500 කට අධික පිරිසක් සේවයට යෙදවීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම කතෝලික දේවස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

තිරප්පනේ මහනාම ප්‍රාථමික විදුහලට වන අලි පනියි කරපු හරිය මෙන්න…..

https://www.youtube.com/embed/d8Az88hlxGw?si=VXtETwrH8wBMMerO” title=

අද ආණ්ඩුවේ විපක්ෂය වෙලා තියෙන්නේ ආණ්ඩුවමයි – පාඨලී චම්පික රණවක……

https://www.youtube.com/embed/M-DbCfFpFjg?si=l93AWSI_pIUVHt7c” title=

රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචනයට කැබිනට් අනුමැතිය

රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීම, ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය රැකීම, විවිධ නියාමන කටයුතු, භාණ්ඩ හා සේවා සැපයීමට අදාළ වෙළෙඳපොළ කටයුතුවලට මැදිහත්වීම, සම්පත් සාධාරණව බෙදාහැරීම, ආපදා කළමනාකරණය සහ සමාජ සුබසාධනය වැනි රජයට පැවරී ඇති ප්‍රධාන කාර්යයන් ක්‍රියාත්මක කිරීම් සඳහා ආරක්ෂක අංශ සහ පොලීසිය හැරුණු විට දෙපාර්තමේන්තු 86 ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යයල 25 ක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 339 ක්, රජයට අයත් ව්‍යාපාර 340 ක් සහ වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115 ක් යම් වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

වත්මන් අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් එම ආයතන යාවත්කාලීන නොවීම, පැවරී ඇති බලතල ප්‍රමාණවත් නොවීම හෝ නොගැළපීම, එම ආයතන වෙත පැවරී ඇති කාර්යයන් පෞද්ගලික අංශය විසින් වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටුකිරීම සහ එකම හෝ සමාන හෝ කාර්යයන් ඉටු කරනු ලබන ආයතන කිහිපයක් පැවතීම වැනි කරුණු හේතුවෙන් රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නිලධාරී කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6764065f562af

සුනඛයෙකුට පහර දෙන විඩියෝවෙහි සිටි සැකකරුවන් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සුනඛයෙකු හට පොල්ලකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ඊයේ (18) දැඩි කතාබහක් මතුකර තිබුණා.

ඒ අනුව පහරදීම හේතුවෙන් සුනඛයා මියගිය බවට හිමිකරුගෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබුණු බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ අක්මීමණ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වීඩියෝවෙහි සිටි සුනඛයාට පහරදුන් සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථය ද සමඟ ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (19) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙරට පොලිසියේ වාහන අවශ්‍යතාව සපුරාලීමට ඉන්දීය රජයෙන් මිලිය​න 300 ක ප්‍රදානයක්

මෙරට පොලිසියේ වාහන අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක මුදල් ප්‍රදානයක් ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.

එම ප්‍රදානය භාවිත කරමින් උතුරු පළාතේ පොලිස් ස්ථානවල රාජකාරි අවශ්‍යතා සඳහා කැබ් රථ ලබාදීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව එකී ප්‍රදානය ලබාගැනීම සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6763e8ce4c648

ලුණු මෙට්‍රික්ටොන් 30,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

රට තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය වෙළෙඳපොළේ ගෘහ සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා වන ලුණු සැපයීමේ හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ සඳහා පිළියමක් ලෙස පවතින තීරු බදු අනුපාතය අනුව, අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000 ක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ලුණු නිෂ්පාදකයින් විසින් ඉල්ලිමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000 ක උපරිමයකට යටත්ව 2025 වසරේ ජනවාරි මස 31 හෝ ඊට පෙර ලංකාවට ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම ලුණු තොගය සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර, දේශීය ලුණු නිෂ්පාදකයින් මඟින් වෙළෙඳපොළට සැපයීමට නියමිතයි.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6763e7914df85