නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ධම්මික ජයසුන්දර පත් කෙරේ

නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ධම්මික ජයසුන්දර යළි පත්කර තිබෙනවා.

ධම්මික ජයසුන්දර මහතා 2021 වසරේ සිට වසරක කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කර තිබුණා.

ඉන් අනතුරුව උසස්වීමක් ලද ධම්මික ජයසුන්දර මේ දක්වා කටයුතු කළේ ප්‍රවාහනය අමාත්‍යාංශයේ තාක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2024 සංචාරකයින් පැමිණීම මිලියන 2 ඉක්මවයි

2024 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් ගණන අද (26) මිලියන 2 ඉක්මවා ගොස් තිබෙනවා.

තායිලන්තයේ සිට පැමිණි යුවළක් එම ඉලක්කය සැපිරූ බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

මේ වසරේ ආරම්භයේ සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,966,256ක් ලෙස සටහන්ව තිබුණා.

ආනයනික හාල් නිෂ්කාශන කටයුතු අද සිට යළි අරඹයි

නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශන කටයුතු අද (26) සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඒ අනුව සහල් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයින්ට අද පෙරවරුවේ සිට සිය සහල් නිශ්කාශනය කරගැනීමේ කටයුතු හැකිවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සිවලි අරුක්ගොඩ සඳහන් කළේ.

රට තුළ පවතින සහල් ගැටලුවට පිළියමක් වශයෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට සෘජුවම සහල් ආනයනය කිරීම සඳහා දෙසැම්බර් මස 4වන දින සිට  20 වන දින දක්වා අවසර ලබා දි තිබු අතර එම කාළය තුළ සහල් මෙට්‍රික් ටොන් 67,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබුණා.

අප්‍රේල් මාසයට පෙර පෙරගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ්පතක්

දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙරගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ්පතක් හඳුන්වාදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා පෞද්ගලික ආයතනයක් සමග එක්ව මේ වනවිට වැඩකටයුතු ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ලබන අප්‍රේල් මාසයට පෙර නව කාඩ්පත හඳුන්වාදීමට නියමිත අතර ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට මෙමගින් හැකියාව ලැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සංශෝධනය වූ අස්වැසුම යෝජනා ක්‍රමය ගැසට් කෙරේ

සංශෝධනයට ලක්කරන ලද අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මින් පෙර දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8‍,500 සිට රුපියල් 10, 000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව ද රුපියල් 17,500 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

676b88481f633pdf_page_1 676b88480aef6pdf_page_0

වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

අසිරිමත් නත්තල අදයි

ලෝකවාසී ජනතාව මහත් හරසරින් සමරන නත්තල් දිනය අදයි.

බෙත්ලෙහෙමේදී උපත ලැබු ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ සුවිශේෂි උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වනවා.

නත්තල , ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි.

මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජා ඇල වික්ෂෝප දේවමාතා දේවස්ථානයේදී පැවැත් වුණා.

පසුගිය රජය සමයේ වැඩතහනමට ලක් වූ ලංවිම සේවකයින් 62 ක් යළි සේවයේ පිහිටුවයි

 

ඉකුත් රජය සමයේ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහි උද්ඝෝෂණවලට සහභාගි වී වැඩතහනමට ලක් වු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 62 ක් වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවා තිබෙනවා.

වත්මන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ විශේෂ නියෝගයක් අනුව එය ක්‍රියාත්මක කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බව පවසමින් එහි වෘත්තිය සමිති පසුගිය ජනවාරි මාසයේදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබුණා.

විදුලිය සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර තිබියදීත්, පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරමින් රාජකාරිය සිදුකිරීමෙන් වැළකී සිටි සේවකයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස එවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබූ අතර ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 62 දෙනෙකුගේ සේවය තහනම් කිරීමට කටයුතු කර තිබුණා.

බොරු කියලා ජනපති අනුරව පුටුවේ වාඩි කලේ නැහැ මන්ත්‍රිනී නිලන්ති කොට්ටච්චි දැන් කියන දේ….

https://www.youtube.com/embed/Q2Dh95cfBlA?si=9dHNhGAcumqYwTaZ” title=

රක්ෂිත බන්ධනාගාර සිටි මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙයි යැයි පැවසෙන සලිදු මල්ෂිකට ඇප හිමිවෙයි..

https://www.youtube.com/embed/S8IkmcSeXEE?si=9f6Roj2Gzs23F_u0″ title=