පාසැල් ආරම්භ​ය සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක්

නව පාසල් වාරය ආරම්භ වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා‍‍.

වෛරස් කාණ්ඩයේ ශ්වසන රෝග එලෙස ව්‍යාප්තවිය හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්දන ද සිල්වා සඳහන් කළේ.

සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස ඔහු වැඩිදුරටත් දැනුම් දෙනවා.

යුද හමුදාපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනියි……

යුද හමුදාපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනියි……

වාර්තාකරණය – මංගල කරුණාතිලක

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යථාර්තයක් බවට පත්කිරීම සඳහා යුද හමුදාවේ පූර්ණ දායකත්වය ලබා දෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පවසනවා.

නව හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා දළදා මාලිගාවට ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්වහන්සේ බැහැදකිමින් ආශිර්වාද ලබාගත්තා.

මෙරට 25 වන හමුදාපතිවරයා ලෙස පත් වූ ලුතිතත් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පළමුව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියා.

දළදා වහන්සේ වැඳ පුදාගත් ඒ මහතා ආගමික වතාවත්වල නිරත වුණා.

අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමට ක්‍රියා කළා.

WhatsApp Image 2025-01-04 at 16.25.38

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අතර සාකච්ඡාවක් අද (03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

2025/01/03

මාධ්‍ය නිවේදනයයි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අතර සාකච්ඡාවක් අද (03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර ඇතුලු ක්‍රීඩා අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරී පිරිසක් සහභාගී වූ අතර පාපැදි සම්මේලනයට අනුබද්ධ ආරාධිත සංගම්/සමාජ 66 ට අයත් නිළධාරීන් ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.

පාපැදි සම්මේලනය තුළ පවතින ගැටලු සහ පාපැදි ක්‍රීඩාව තුළ පවතින ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර එම ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට තරුණ කටයුතු සහ ක්‍රිඩා අමත්‍යවරයා, අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වන බව ද අවධාරණය කළේය. එමෙන්ම පා පැදි සම්මේලනයේ සාමාජිකයින් අතර ඇති ගැටලු පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණිය යුතු බවත්, ඉන්පසු පාපැදි කමිටුව පත් කිරීම, ඉන්පසු සම්මේලනය කැඳවා, නිලවරණයට පැවැත්විය හැකි බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. වර්තමානයේ ඇතිවී ඇති අර්බුද හේතුවෙන් ක්‍රීඩාව අඩාල වීමට ඉඩ තැබිය නොහැකි බවත් , පසුගිය කාලය ම සම්මේලනවල, සංගම්වල අර්බුද විසඳීමට වැය වූ බවත්, සංගම් තුළ ඇතිව තිබෙන අභ්‍යන්තර බල අරගල වළින් ක්‍රීඩාවට අයහපතක් මිසක් කිසිඳු යහපතක් සිදු නොවන බැවින් සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාගනිමින් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මගින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදෙන සහයෝගය බෙහෙවින් අගය කරමු.

මෙම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ සමග යොමු කර ඇත.

WhatsApp Image 2025-01-03 at 16.00.41 WhatsApp Image 2025-01-03 at 16.00.04

මාධ්‍ය අංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය.

Pat Cummins හ​ට ශ්‍රී ලංකා සංචාර​ය අවිනිශ්චිත වෙයි

මෙම මස අගදී සිදු කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා තමන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ඔස්ට්‍රේලියානු නායක Pat Cummins පවසනවා.

ඔහු සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ දෙවන දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සංචාරයේදී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය එළඹෙන 29 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව Pat Cummins මෙම සංචාරය සදහා ක්‍රීඩා නොකළහොත්, Steve Smith හෝ Travis Head ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

සිරකරුවන්ට දම්වැල් දමා සතුන් මෙන් අධිකරණයට ගෙන නොඑන ලෙ​ස බන්ධනාගාර අධිකාරිය​ට නියෝග

සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන බන්ධනාගාර අධිකාරියට නියෝග කර තිබෙනවා.

ඒ අනුව දිගු යකඩ දම්වැලක මාංචු දමා සැකකරුවන් එක පෙළට අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දොස් පවරමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු බවත්, මින් ඉදිරියට එලෙස සතුන්ට මෙන් නොසලකන ලෙසටත් බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා විසින් දැනුම් දී තිබෙනවා.

අධිකරණය නිවාඩු කාලයක් බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ නමයක නඩු, අංක 03 අධිකරණයේ කැඳවූ අතර, රිමාන්ඩ් දීර්ඝය සඳහා ඉදිරිපත් කළ සැකකරුවන් හතළිහක් පමණ එක දම්වැලක මාංචු දමා අධිකරණ ශාලාවට ගෙනැවිත් තිබුණු බවයි සඳහන් වන්නේ.

අම්පාර දිස්ත්‍රික්කයේ වී මෝල් සහ ගබඩා පරික්ෂා කෙරේ

රටේ පවතින සහල් හිඟය හේතුකොට ගෙන අම්පාර දිස්ත්‍රික්කයේ දැනට පවතින සහල් තත්ත්වය පිරික්සීම සඳහා වී මෝල් සහ ගබඩා පරික්ෂාව සිදුකර තිබෙනවා.

මෙහිදී අම්පාර, සමන්තුරේ, කල්මුණේ සහ අක්කරපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වී මෝල් සහ ගබඩා පරික්ෂාවට ලක් කෙරුණු බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.

මෙම පරික්ෂා කිරීමේ කටයුතු සදහා අම්පාර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානි සාලිය බණ්ඩාර නවරත්න, ප්‍රධාන කාර්යාලය නියෝජනය කරමින් පැමිණි පාරිභෝගික සේවා අධිකාරියේ සබරගමු පළාත් අධ්‍යක්ෂ තාරක විදානගමආරච්චි ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

ජනතාව වැඩියෙන්ම රැවටීමට ලක් කළේ මාලිමාව – ජේ.සී. අලවතුවල

ජනතාව වැඩියෙන්ම රැවටීමට ලක් කළ කණ්ඩායම වන්නේ ජාතික ජන බලවේගය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල පවසනවා.

ඒ අනුව ආණ්ඩු බලය ලබාගැනීමට පෙර සඳහන් කළ ප්‍රධාන කාරණාවලින්, රටේ ජනතාවට ඉටුකර දී ඇති හෝ ඉටුකිරීම ආරම්භ කර ඇති එකම කාරණාවක් හෝ ප්‍රකාශ කරන ලෙස වත්මන් රජයට අභියෝග කරන බවයි අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සමගි ජන බලවේගය ජනතාව සමඟ එක්වී ඉදිරියේදී දැවැන්ත සංවිධානයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Clean Sri Lanka වැනි වැඩසටහන් මහ පොළොවේ පැල කරන්න බැහැ – දිලිත්

Clean Sri Lanka වැනි වැඩසටහන් මහ පොළොවේ පැල කිරීමට නොහැකි වන්නේ යථාර්ථය හා බද්ධ නොවන නිසා බව සර්ව ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.

ඒ අනුව රජය ඉදිරිපත් කරන Clean Sri Lanka සංකල්පය හා ජනතාව අද සිටින තැන අතර පරතරය ඉතා විශාල බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රටම හෙම්බත් වී ඇති බවත්, ජනතාවට අද ලුණුයි බතුයි හෝ නොමැති තත්ත්වයකට පත්ව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේදී

2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.

Quadrantids නමින් හැඳින්වෙන උල්කාපාත වර්ෂාව දෙසැම්බර් 28 සිට ජනවාරි 12 දක්වා අතර කාලයේදී සක්‍රීයව පවතින බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව එහි උපරිම අවස්ථාවට පත්වන්නේ අද දිනයේදී වන අතර හෙට (04) අලුයම 5.00 ට පමණ ඊසාන දිග අහසේ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් දැකගත හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ ක‍ළේ.

2018 වසරෙන් පසු වැඩිම සංචාරක පැමිණීම 2024 වස​රේදී

2018 වසරින් පසු වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය සනිටුහන් කරමින්, 2024 වසර තුළ සංචාරකයින් 2,053,465 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

2018 වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 2,333,796 ලෙස බවයි සඳහන් වෙන්නේ.

2023 වසර හා සැසඳීමේදී 2024 වසරේ සංචාරක පැමිණීමෙහි ලක්ෂ 07 කට ආසන්න, සැලකිය යුතු වර්ධනයක් දැක ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

677793b25e941 677793b247a6a