ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබයි

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව ඇයට සුළු තුවාල පමණක් සිදුව ඇති බවත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ.

ඇය ඊශ්‍රායලයේ Bat Yam ප්‍රදේශයේ සේවය කර ඇති බවයි  ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ ක‍ළේ.

ජනපති දිවයිනට පැමිණෙයි

ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් අද උදෑසන 08.58ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

ජර්මානු ජනාධිපතිවරයාගේ ආරධනයක් අනුව පසුගිය 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජර්මනියේ නිල සංචාරයක නිරතවී තිබුණා.

කළුබෝවිලදී වෙඩි තැබීමක්

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අද (15) අලුයම් කාලයේදී එම වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇති බවයි සඳහන් වෙන්නේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් ජිවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

“හල්දුම්මුල්ලේ ආන්ඩුවට එක් වුන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ” මනෝ ගනේෂන් කියපු කතාව….

https://youtube.com/watch?v=JCd6tLlrz8g%3Fsi%3DIqTWsQq1Qcwl8EwU

“අනීතිකව වැඩි කල විදුලි බිලට එරෙහිව නීතිය ඉදිරියට යනවා” විදුලි පාරිභෝගික සංගමයෙන් ප්‍රකාශයක්…

https://youtube.com/watch?v=cUy2fDi5p_U%3Fsi%3DHzmdJLpwRMpDlq3a

ඉල්ලීම් රැසක් එක්ක ආචාර්ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියන්ගෙන් ජනපතිට සංවේදී කතාවක්….

https://youtube.com/watch?v=Bad-D2NsRDM%3Fsi%3DepPkvcRuAdwtT2K0

Asia Rugby Championship : තියුණු තරගයකින් ශ්‍රී ලංකාව පරදවා දකුණු කොරියාව ජයගනී

ආසියානු රග්බි සංගමය සංවිධානය කරන 2025 ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර තරගය අද (13) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණා.

තියුණු තරගයකින් අනතුරුව මෙම තරගය ජය ගැනීමට සමත්වූයේ දකුණු කොරියාවයි.

එහිදී දකුණු කොරියාව ලකුණු 38 ක් වාර්තා කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව ලකුණු 34 ක් වාර්තා කළා.

එම තරගාවලිය තුළ හොංකොං රාජ්‍යය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගය මෙම මස 22 වැනිදා පැවැත්වීමට නියමිතයි.

2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ අනු ශූරයන් හෝ විය යුතු වනවා.

ජනතාවට එකක් කියලා, IMF එකට එකක් කිව්වහම මේ වගේ අලකලංචි වෙනවා – චරිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එකඟ වූ පසු, ආණ්ඩුවට ඒ අනුව කටයුතු කිරීමට සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

ඒ අනුව ආණ්ඩුව මේ වන විට එම වැඩසටහනට එකඟ වී ඇති නිසා විදුලිබල වැඩි කරන බවට ජනතාවට පැහැදිළිව ප්‍රකාශ කළ යුතු බවයි අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විදුලිබිල සම්බන්ධ ගැටලුවේදී ජනතාව විශාල පීඩනයකට පත්ව ඇති බවද, බුද්ධිමත්ව කල්පනා කර මෙය කළමණාකරණය කරන්නේ කෙසේදැයි පුළුල්ව බැලිය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව වැඩකළ යුතු බවත්, ජනතාවට එකක් පවසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තවත් දෙයක් පැවසීමේදී මෙවැනි අලකලංචි සිදුවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර සිටියේ.

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත් වී තිබෙනවා.

ඒ අනුව බහුතර බලය ලබා ගනිමින් සමගි ජන බලවේගයේ සභාපති ධුර අපේක්ෂකයා වූ රණසිංහ වනිගසේකරලාගේ ධර්මදාස කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වී තිබෙනවා.

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර 07ක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වූ අතර, සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 06ක්, පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 03ක්, පොදුජන එක්සත් පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම් අංක 01 ට එක් මන්ත්‍රී ධුරයක් බැගින් ද හිමි වී තිබුණා.

සාමකාමීව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමුකර සිටින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව දෙරට අතර කටයුතු සාමකාමීව සිදුකරන ලෙසත්, සාකච්ඡාවල නිරතවන ලෙසත්, නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් ඉල්ලා සිටින බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

දෙරටේ තිබෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් දෙරටෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ද කටයුතු කරන බවත් එලෙසම ඔවුන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් දූත මණ්ඩල මඟින් උපදෙස් ලබාදී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images