පාර්ලිමේන්තුව ජනවාරි 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ජනවාරි 21 සිට 24 වැනිදා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර ජනවාරි 21 වනදා Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ

ගුරුවරියන් ගවුම්වලින් සැරසී පැමිණීමේ සිද්ධියට විභාග දෙපාර්තමේන්තුව මැදිහත් වෙයි

උසස්පෙළ පිළිතුරු ප්‍රශ්න ඇගයීමේ මධ්‍යස්ථානයකට ගුරුවරියන් ගවුම්වලින් සැරසී පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මැදිහත් වී තිබෙනවා.

ඒ අනුව ගැටලු සහගත කණ්ඩායම දෙක විභාග දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කරනු ලබන ඇගයීම් මධ්‍යස්ථානයට කැඳවා එහි සිට පිළිතුරු පත් ඇගයීම් කටයුතු සිදුකිරීමට තීරණය කළ බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථානයට ගුරුවරියන් ගවුම්වලින් සැරසී පැමිණීම හේතුවෙන් මෙම ගැටළුකාරී තත්ත්වය මතුව තිබුණා.

විදුලි ගාස්තු අඩුවන ආකාරය ගැන දැනුම්දීමක්

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු 20% කින් අඩුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0-30 ත් අතර පාරිභෝගිකයින් සඳහා 29% ක අඩුවීමක් හා ඒකක 31-60 අතර කාණ්ඩයට 28% ක් දක්වා අඩු කර ඇති අතර එම කාණ්ඩවල මාසික ස්ථාවර ගාස්තුද පහත දමා ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම ඒකක 61-90 කාණ්ඩය සඳහා 19% ක අඩුවීමක්, ඒකක 91-180 කාණ්ඩය සඳහා 18% ක අඩුවීමක් හා 180 ට වැඩි කාණ්ඩය සඳහා 19% කින් විදුලි ගාස්තු අඩුවන බවයි සඳහන් වන්නේ.

පොදු කාර්ය සඳහා 12% ක විදුලි ගාස්තු අඩුවීමක් හා රාජ්‍ය ආයතන සඳහා 11% ක්, හෝටල් සඳහා 31% ක්, කර්මාන්ත සඳහා 30% ක්, ආගමික හා පුණ්‍යායතන සඳහා 21% ක්, වීථි ලාම්පු සඳහා 11% ක් ලෙස විදුලි ගාස්තු අඩුකර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

678a2a3b67eacpdf_page_0 678a2a3296195pdf_page_0

ගෝඨාභය CID යෙන් පිටව යයි

ප්‍රකාශයයක් ලබාදීම සඳහා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.

කතරගම ප්‍රදේශයේ ජී. රාජපක්ෂ නමින් පිහිටි ඉඩමක විදුලි සම්බන්ධතාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද කැඳවා තිබුණා.

විදුලි ගාස්තු 20% කින් පහතට

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු 20% කින් අඩුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන උපයෝගීතා කොමිසම මේ බව සඳහන් කළා.

විදුලිබල මණ්ඩලය විසින් ගාස්තුවල කිසිඳු සංශෝධනයක් සිදු නොකරන ලෙස මහජන උපයෝගීතා කොමසමට යෝජනා කර තිබූ බවත් අනතුරුව මහජන උපයෝගීතා කොමිසම 11% ක ගාස්තු අඩු කිරීමක් යෝජනා කළ බවත් පසුව මහජන උපදේශනය ලබා ගැනීමෙන් අනතුරුව ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත් කළ බවයි බව මහජන උපයෝගීතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් වැඩිදුරටත් සඳහන් කළේ.

රියැදුරන් විභාග සඳහා සූදානම් වන නිසා සවස දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකි බවට දැනුම්දීමක්

දුම්රිය රියැදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියැදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) උදෑසන දුම්රිය ගමන්වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

ඒ අනුව කෙටි දුරගමන් සේවා දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙම විභාගය 19 වන ඉරිදා පැවැත්වෙන අතර ඒ සඳහා රියදුරන් 80 ක් පමණ පෙනී සිටීමට නියමිත අතර අද පස්වරුවේදීත් දුම්රිය ගමන්වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හිටපු ජනාධිපති ගෝඨාභයට අද CID යෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

Clean Sri Lanka ව්‍යාපෘතිය කියන්නේ නගරවල්, පාරවල් පිරිසිදු කරන එක විතරක් නෙවෙයි – වසන්ත සමරසිංහ

Clean Sri Lanka ව්‍යාපෘතිය යනු නගර සහ පාරවල් පිරිසිදු කිරීම පමණක් නොව මුළු රටම පිරිසිදු කිරීම බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ අනුව රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන චිත්‍රය වෙනස් කිරීම සඳහා ජනතාව සමඟ එක්ව වැඩකළ යුතු බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

හිතාමතා වැරදි සිදුකරන්නේ නම් සමාව දීම සම්බධයෙන් යළි සිතා බැලිය යුතු බවත් වැරදි කරන මිනිසුන් ආරක්ෂා කිරීම හා දඬුවම් නොදීම හමුවේ සමාජයටද බලපෑම් එල්ලවී ඇති බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරත් ප්‍රකාශ කළා.

මෙවර අයවැය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වැඩපිළිවෙලේ පළමු පියවරයි – මහින්ද ජයසිංහ

මෙවර ඉදිරිපත් කරන අයවැය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වැඩපිළිවලෙහි පළමු පියවර බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

එම වැඩපිළිවෙළහි පළමු වසර සඳහා වන වැඩසටහන මෙවර අයවැය තුළ ඇතුළත් වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන විවිධ සැලසුම්ද එහි අන්තර්ගත බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඇල්ල ඔඩිසි දුම්රිය ටිකට්පත් මාෆියාව ගැන CID යට පැමිණිල්ලක්

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය E ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 4‍2 ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන්වීම පසුපස මහා පරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඒ අනුව මෙම ටිකට්පත් ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ ආකාරයෙන් ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2,000 ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයින්ට රුපියල් 16,000 ට අලෙවි කළ අවස්ථා වාර්තා වන බවද ඔහු සඳහන් කළා.

කොළඹ කොටුව, මහනුවර හා ඇල්ල දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරම ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව ගමන් වාරය සඳහා අදාළ දිනයට වලංගු E ටිකට්පත් මාසයකට ඉහත දී අන්තර්ජාලය වෙත මුදාහරින බවත් එසේ මුදාහැර බලාසිටිය දී තත්පර 42 ක් වැනි කෙටි කාලයක දී ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම අඛණ්ඩව සිදුවෙමින් තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.