ICC T20 World Cup: රටවල් කිහිපයක් T20 සංචිත ප්‍රකාශයට පත් කරයි

t20-world-cup-new-archived

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා රටවල් කිහිපයක් විසින් සිය සංචිත මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්ථානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා ඉන්දියාව යන රටවල් විසින් සිය සංචිත නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ඩෙවෝන් කොන්වේ සහ අත්දැකීම් බහුල වේග පන්දු යවන්නන් වන ටිම් සවුති හා ට්‍රෙන්ට් බෝල්ට්ද සංචිතය සඳහා නම් කර තිබීම විශේෂත්වයක්.

මිචෙල් මාෂ්ගේ නායකත්වයෙන් යුතුව නම් කර ඇති ඔස්ට්‍රේලියා සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර ස්ටීව් ස්මිත් මෙම සංචිතයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

එසේම රෂීඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුත් ඇෆ්ඝනිස්ථාන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර රහ්මනුල්ලාහ් ගුර්බාස්, ඊබ්‍රහීම් සඩ්‍රාන්, නජිබුල්ලාහ් සඩ්‍රාන් හා මොහමඩ් ඉෂාක් යන පිතිකරුවන් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ජොස් බට්ලර්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත සංචිතය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් සහ ජාත්‍යන්තර වරම් දිනා නොමැති වමත් දග පන්දු යවන ක්‍රීඩක ටොම් හාර්ට්ලි ද සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

ඒඩ්න් මාක්‍රම්ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකා සංචිතය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා හා ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් ද නම් කර තිබෙනවා.

මේ අතර රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතය සඳහා යුස්වේන්ද්‍ර චෙහල්, ශිවම් ඩූබේ සහ සංජු සැම්සන් නම් කර තිබීම විශේෂත්වයක්.