21 සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා මුරලි

murali
ලොව වැඩිම ටෙස්ට් කඩුළු ලාභියා වන මුත්තයියා මුරලිදරන් 21 වන සියවසේ ලොව වඩාත්ම වටිනා ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් නම් කර තිබෙනවා.
CricViz නැමැති ක්‍රිකට් විශ්ලේෂණ ආයතනය සමග එක්ව පළ කර ඇති ක්‍රීඩකයන් 30කින් සමන්විත මේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලාංකික හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්.
මෙම ලැයිස්තුව 2000 වසරේ සිට 2020 දක්වා කාලය ඇතුලටහ් ක්‍රිකට් දත්ත ඇසුවෙන් සකසා තිබෙනවා.
මුරලිගේ ටෙස්ට් කඩුළු 800න් 573ක්ම 2000 ජනවාරි 1 සිට 2010 දක්වා කාලය තුළ තරඟ 85කදී ලබා ගෙන තිබීම විශේෂත්වයක්.
ක්‍රීඩකයන් විසින් තරඟ කෙරේ සිදු කල බලපෑම අනුව මේ ලැයිස්තුව සකසා තිබෙනවා.
මේ පිළිබඳ අදහස් දැක්වූ CricViz විශ්ලේෂකයෙක් සඳහන් කළ ආකාරයට මුරලි සහ ග්ලෙන් මැක්ග්‍රාත් වඩාත් බලපෑම්සහගත පන්දු යවන්නන් වනවා.