ඉතිහාසයේ ලක්මව දිනූ වැඩිම පදක්කම් ගණන මෙවර SAG වෙතින්

live-blog-day-6
ක්‍රීඩා උළෙලේ තරඟ පැවැති 8වැනි දිනය වූ ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තවත් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 13ක් හා ලෝකඩ පදක්කම් 11ක් දිනා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට මුළු පදක්කම් 201ක් ලබා ගනිමින් පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී මෙතෙක් දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා තබන්න සමත් වෙලා
Sri.Lanka_.Nepal_
මීට පෙර 2016 වසරේදී පදක්කම් 186ක් හා 2006 වසරේ දී 178ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා
ඉන්දියාව ‍රන් පදක්කම් 110ක්, රිදී පදක්කම් 69ක් හා ලෝකඩ පදක්කම් 35ක් සමගින් සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ ගෙන තිබෙන බවත් අපි මින් ඉහතදී සටහන් කළා
කෙසේ වෙතත් මේ වන විට රන් පදක්කම් 43ක්, රිදී පදක්කම් 34ක් හා ලෝකඩ පදක්කම් 65ක් දිනාගෙන සත්කාරක නේපාලය දෙවන ස්ථානය හිමි කර ගෙන තියෙනවා
5de92e015d486_01
13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය වන අද දිනයේදී ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම රන් පදක්කම සඳහා බංග්ලාදේශය සමගින් තරග වැදීමට නියමිතයි.
ඒ අනුව තවත් රන් පදක්කම් ලංකාවට එකතු වේවියි සැමගේම බලාපොරොත්තු වනවා. සාග් යාමට පෙර සුගතදාස ක්‍රීඩාංගනයේ නැවතී සිටීමෙන් ඩෙංගු උණ රෝගය වලදීම නිසා අසාධ්‍යව සිටින ක්‍රීඩයන්ද සහභාගී වුණානම් තවත් රන් පදක්කම් පහසුවෙන්ම ලබා ගැනීමට හැකියාව තිබුන බවද සදහන් වෙනවා. දැන් සිදුවූ දේට අවඩා පලක් නොමැත. එනිසා මින් පසුද මෙවැනි දේ නොවීමට නිලධාරීන් බලධාරීන් වගබලා ගත යුතුව ඇත