13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර

South-Asian-Games (1)

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංග ශාලා ක්‍රීඩාංගණයේදී ඊයේ(01) පස්වරුවේ ඇරඹුනා.

අද දින සිට ඉසව් 28ක් සඳහා රන් සහ රිදී පදක්කම් 317 ක් මෙන් ම ලෝකඩ පදක්කම් 481 ක් වෙනුවෙන් දකුණු ආසියාතික කලාපය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ වදිනු ඇත.

download (1) (1)

ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු සහ ෆොකරා නගර කේන්ද්‍ර කර ලබන 10 වැනි දා දක්වා පැවැත්වෙනු ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට අධික සංඛ්‍යාවක් මෙවර තරගාවලියට සහභාගී වන වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 560 කට අධික ප්‍රමාණයක් සහභාගී වේ.

download (2) (1)

ඊට මලල ක්‍රීඩකයන් 36 දෙනෙකු හා මලල ක්‍රීඩිකාවන් 29 දෙනෙකු අයත් ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සමාරම්භක උළෙලෙදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව හිමිව තිබුනේ හෙල්ල විසි කිරීමේ ශූරියක වන නදීකා ලක්මාලීටයි.