ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායන් පුලුල් ලෙස වැසී යාම, ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙලඳපල ප්‍රවනතා කෙරහි බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි. නාගරික අංශයේ ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය 2019 දී සියයට 52.3 සිට 2023 තුන්වන කාර්තුවේදී සියයට 45.2 දක්වා පහත වැටුනි.

dollar-rupee

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායන් පුලුල් ලෙස වැසී යාම, ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙලඳපල ප්‍රවනතා කෙරහි බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි. නාගරික අංශයේ ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය 2019 දී සියයට 52.3 සිට 2023 තුන්වන කාර්තුවේදී සියයට 45.2 දක්වා පහත වැටුනි. තරුන විරැකියාව, විශේෂයෙන් තරුන වැඩිහිටියන් (වයස අවුරුදු 25-29) අතර, 2023 දෙවන සහ තුන්වන කාර්තුව අතර සියයට 17.7 දක්වා ඉහල ගියේය.

වාර්තාවට අනුව: “නව රාජ්‍ය ආදායම් පියවර ක්‍රියාවට නැංවීම හේතුවෙන් ඇස්තමේන්තුගත ආදායම, දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්කල, 2022 දී සියයට 8.4 සිට 2023 දී සියයට 11 දක්වා වැඩි කරගෙන ඇත.”

ජනාධිපති වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව විසින් නිර්දය ලෙස පනවා ඇති මෙම “ආදායම් පියවරවලට”, සියලුම භාන්ඩ හා සේවා මත පාහේ සියයට 18 ක අගය එකතු කල බද්දක් අය කිරීම හරහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල දැමීම ඇතුලත් වේ; නව ආනයන බදු සහ විශේෂ බදු, සහ කම්කරුවන්ගෙන් අය කෙරෙන ආදායම් බදු වැඩි විය. රාජ්‍ය සහනාධාර කප්පාදු කිරීම මගින් විදුලිය, ඉන්ධන සහ ජලය සඳහා අධික මිල ගනන් ද පොහොර සඳහා ඉහල මිල ගනන් ද ප්‍රේරනය කර ඇත.

ආන්ඩුව රජය-සතු ව්‍යවසායන් පෞද්ගලීකරනය, වානිජකරනය හෝ වසා දැමීම සහ ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී. ශ්‍රී ලංකාවේ දැනටමත් අබලන් වී ඇති මහජන සෞඛ්‍ය හා අධ්‍යාපන පද්ධති ආන්ඩුවේ අරමුදල් කප්පාදුව මගින් අර්බුදයට ඇද දමා තිබේ.

ලෝක බැංකු වාර්තාව ප්‍රකාශ කරන පරිදි: “ඉහල යන වියදම් සමඟ කටයුතු කිරීම සඳහා කුටුම්භවලින් සියයට 17.5 ක් ඔවුන්ගේ අධ්‍යාපන වියදම් (ලිපි ද්‍රව්‍ය සහ නිල ඇඳුම් ඇතුලුව) සීමා කර ඇති බව පෙන්නුම් කෙරෙන අතර, අරමුදල් හිඟකම හේතුවෙන් බොහෝ කුටුම්භ 2022 මාර්තු සිට ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රමවේද වෙනස් කර ඇත.”

2022 දී ශ්‍රී ලංකාව සියයට ඍන 7.3 ක දල දේශීය නිෂ්පාදිත වර්ධන වේගයක් වාර්තා කල අතර, ලෝක බැංකුව එය 2023 දී සියයට ඍන 2.3 දක්වා අඩු වී ඇති බවත් 2024 දී මෙය “ධනාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන” බවත් ප්‍රකාශ කලේය. කෙසේ වෙතත්, “වැඩිදියුනු කිරීම” යනුවෙන් තවමත් අදහස් කෙරෙන්නේ, මේ වසරේ සැබෑ වර්ධනයක් නොමැති බවයි.

අප්‍රේල් 2 දා මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ ෆැරිස් හැඩාඩ්-සර්වොස් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ආර්ථිකය “ප්‍රකෘතිමත් වීමේ මාවතේ” පවතින බවයි. කෙසේ වෙතත්, ඒ සමගම, “දුප්පත් හා අවදානමට ලක්වූවන් මත ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීමට තිරසාර උත්සාහයන්” සඳහා ආන්ඩුවට වැඩකරන ජනතාව මත සමාජ ප්‍රහාර දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය බව ඔහු කියා සිටියේය.

“සාර්ව ආර්ථික ස්ථාවරත්වයට දායක වන ප්‍රතිසංස්කරන පවත්වා ගැනීම” සහ “පුද්ගලික ආයෝජන සහ ප්‍රාග්ධන ගලා ඒම උත්තේජනය කිරීම සඳහා ප්‍රතිසංස්කරන කඩිනම් කිරීම” සඳහා ද්විපාර්ශ්වික උපාය මාර්ගයක් ඉදිරියට ගෙන යා යුතු බව ඔහු පැවසීය. මෙම ඊනියා “ආර්ථික ප්‍රතිසංස්කරන” යන්නෙන් අදහස් කෙරෙන්නේ, වැඩකරන ජනතාවගේ සමාජ තත්වය මත වෙන කවරදාටත් වඩා විශාල ප්‍රහාරයකි.

මාර්තු 29 වන දින ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (ඩීසීඑස්) ප්‍රකාශ කලේ 2019 වසරේ සිට ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකුට අවම මාසික වියදම සියයට 144 කින් වැඩි වී ඇති බවයි. එම මුදල ගනනය කරනු ලබන්නේ මූලික මාසික අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය දේ පදනම් කරගෙන ය. එක් පුද්ගලයෙකු සඳහා එය 2019 දී රුපියල් 6,966 විය. කුසගින්න යන්තම් නිවා ගැනීමට සමත් මෙම මුදල් මට්ටම දැන් මසකට රුපියල් 17,014 දක්වා ඉහල ගොස් ඇත.

මෙම ගනන් බැලීම් අනුව, පුද්ගලයෙකුට රුපියල් 560 කින් තම දෛනික අවශ්‍යතා සපුරාගත හැකි වෙතැයි උපකල්පනය කරයි; ඇත්ත වශයෙන්ම, වීදියෙන් මිලදී ගන්නා අඩුම ගුනාත්මක බවකින් යුතු බත් සහ ව්‍යංජන සහිත එක් ආහාර වේලක මිල රුපියල් 250 ඉක්මවයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඊනියා දරිද්‍රතා රේඛාවට, වෙනත් අත්‍යවශ්‍ය උවමනාවන් සඳහා වියදම් ඇතුලත් නොවේ.

ශ්‍රී ලංකාව සඳහා වන ලෝක ආහාර වැඩසටහන 2024 පෙබරවාරි මස නිකුත්කල රටේ සංක්‍ෂිප්ත වාර්තාව ප්‍රකාශ කලේ, “කුටුම්බ සියයට 43 ක් ජීවනෝපාය පදනම් කරගත් ක්‍රමෝපායන් ද, සියයට 42 ක් තවමත් ආහාර සමඟ කටයුතු කිරීමේ උපාය මාර්ග ද අනුගමනය කරන බැවින් සැලකිය යුතු ගැටලු පවතින” බවයි. වෙනත් වචන වලින් කිවහොත්, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩක් ඔවුන්ගේ මූලික ආහාර අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීමට අරගල කරයි.

පුද්ගලයන් සඳහා අවම මාසික වියදම තියුනු ලෙස ඉහල ගොස් ඇති අතර, ආන්ඩුව රාජ්‍ය අංශයේ සේවකයින්ගේ මූලික වැටුප් වැඩි කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට එය ජනවාරි මාසයේ දී රුපියල් 5,000 ක සොච්චම් දීමනාවක් සහ මේ මාසයේ තවත් රුපියල් 5,000 ක දීමනාවක් ලබා දී ඇත. ප්‍රධාන වශයෙන් පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප මසකට රුපියල් 5,000 කින් වැඩි කිරීමට, එනම් රුපියල් 17,500 දක්වා ඉහල නැංවීමට මාර්තු 27දා ශ්‍රී ලංකාවේ කැබිනට් මන්ඩලය එකඟ විය.

ලෝක බැංකුවේ සහාය ලබන ජාමූඅ වැඩසටහනේ ප්‍රධාන තෙරපීම වන්නේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නය සහ පොලී ගෙවීම සහ කම්කරු පන්තියෙන් සහ දරිද්‍රතාවයෙන් පෙලෙන මහ ජනතාවගෙන් උපරිම ප්‍රමානය මිරිකා ගැනීමෙන් මහා ව්‍යාපාරිකයන්ගේ සහ ජාත්‍යන්තර ආයෝජකයින්ගේ ලාභ ඉහල නැංවීමයි.

2022 අප්‍රේල් 12 වැනිදා නය පැහැර හැරීම ප්‍රකාශ කරමින් රාජපක්ෂ ආන්ඩුව විදේශ නය ආපසු ගෙවීම නතර කල මුත්, වික්‍රමසිංහ පාලනය ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු බහුපාර්ශ්වික මූල්‍ය ආයතන වෙත ඩොලර් බිලියන 1.3 ක් ආපසු ගෙවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ මාධ්‍ය නිවේදනයක දැක්වේ. තම ආන්ඩුවට වාර්ෂික නය ආපසු ගෙවීම සඳහා ඩොලර් බිලියන 6 ක් වෙන් කිරීමට සිදුවන බව වික්‍රමසිංහ කලින් පිලිගෙන ඇත.

වික්‍රමසිංහගේ පාලක සභාගය සහ විරුද්ධ පක්ෂ—සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජන බලවේගය—පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරනය හා පාර්ලිමේන්තු මැතිවරනයට පෙරාතුව නීච උපාමාරු වල යෙදී සිටිති. මෙම සියලු පක්ෂ සහ වෘත්තීය සමිති ජාමූඅ ම්ලේච්ඡ සමාජ ප්‍රහාරයන් පැටවීමට කැපවී සිටිති.

සියල්ලටමත් වඩා ලාභ පද්ධතිය ආරක්ෂා කරන මෙම සංවිධාන සමඟ බැඳී සිටියහොත් කම්කරු පන්තියට ඔවුන්ගේ රැකියා, වැටුප් සහ සමාජ කොන්දේසි ආරක්ෂා කර ගත නොහැක. තීව්‍ර වන ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තිය සමාජවාදී ඉදිරිදර්ශනයක් මත ඉදිරියට ගෙන ආ යුතුය.

සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ බැංකු, මහා සංගත සහ වතු ජනසතු කිරීම, ඒවා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීම මෙයට ඇතුලත් ය. එවන් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය තුලින් පමනි.

උපුටා ගැනීම – wsws.org