සංචාරකයින් සඳහා e-Visa ක්‍රමය අද සිට ක්‍රියාත්මකයි

visa

සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට e-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ආරම්භයේදී භාෂා පහකින් e-Visa අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ.

මාර්ගගත ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීම් www.srilankanevisa.lk වෙබ් අඩවිය හරහා සිදු කෙරෙන බවද සඳහන්.

නව ක්‍රමවේදය හරහා සංචාරක වීසා මාස 6ක කාලයකට ලබා ගත හැකි බවයි හර්ෂ ඉලුක්පිටිය වැඩිදුරටත් සඳහන් කළේ.