ජනාධිපතිවරණය ජය ගන්න රාජ්‍ය දේපළ ඉතාම නරක අන්දමින් භාවිතා කරනවා – පැෆරල්

rohana-hettiarachchi-press

පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විටත් තාක්ෂණික වශයෙන් ක්‍රියාත්මකව ඇති බැවින් එම ආයතනවලට අදාළව පත්වීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් සිදුකිරීමට ආණ්ඩුවට නොහැකි බව පැෆරල් සංවිධානය පවසනවා.

පළාත් පාලන ආයතනවල සේවකයින් 8,400 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීම පිළිබඳව පසුගියදා පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අවධානය යොමුවී තිබූ අතර දාළ සේවකයන්ට කඩිනමින් ස්ථිර පත්වීම් ලබාදීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර එම රැස්වීමෙන් අනතුරුව සඳහන් කළේ.

මේ වන විට පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවා ඇති බවත් එම මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම මූලික කටයුතු ආරම්භ කර තිබූ පසුබිමක ආණ්ඩුව මුදල් ලබා නොදීම හේතුවෙන් එම මැතිවරණය තාවකාලිකව යටපත්වීමක් සිදුව ඇති බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා රාජ්‍ය දේපළ හා රාජ්‍ය බලය ඉතාමත් නරක අන්දමින් භාවිතා කරන ස්වරූපයක් පෙනෙන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.