කාටත් සාධාරණව නීතිය ඉටුවන රටක් හැදිය හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක​ට විතරයි – අනුර

662df34263c4c

රට ගොඩනැගීමට නම් මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ (27) ස්වීඩනයේ ශ්‍රී ලාංකික ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේ වර්තමානයේ රටේ පාලකයන් සිටින්නේ නීතියට වඩා ඉහළින් බවත්, ඒ ආකාරයෙන් රටේ දේශපාලනය ඉදිරියට ගෙන යා නොහැකි බවයි.

උදාහරණ ලෙස, ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීමේ වරදකට අධිකරණයෙන් වැරදිකරු වූ නමුත්, අද ඔහු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක බවද, පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබූ නමුත්, අද ඔහු රටේ රාජ්‍ය අමාත්‍යවරයෙක් බවද, මෙවන් පසුබිමක අපේ රටේ නීතියක් තිබේද යන්න ප්‍රශ්නයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සෑම පුරවැසියෙකුම, බලය ධනය තිබේදයැයි භේදයකින් තොරව පොදු නීතියට යටත් විය යුතු බවද, සැමට සාධාරණව නීතිය ඉටුවන රටක් ගොඩනැගිය හැක්කේ, බේරාගැනීමට ආපරාධකාරයින් හෝ දූෂිතයින් නොමැති, ජාතික ජන බලවේගයට පමණක් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

662df34263c4c 662df3414ba04