කේක් නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව 75% කින් පහළට – බේකරි හිමියන්

Butter Cake

මෙම වසරේ කේක් නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව 75% කින් පමණ පහත වැටී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

බිත්තර නිෂ්පාදකයින් අසාමාන්‍ය ලෙස බිත්තර මිල ඉහළ දැමීම මෙම තත්ත්වයට හේතුවූ බවයි එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.

ඒ අනුව බිත්තර ආනයනය නැවැත්වීමක් සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, එසේ නතර කිරීමක් සිදු කළහොත් යළි බිත්තර මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.