ලංකාවේ ජන්දෙට මොකද වුණේ ?

SL Elections 2
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයන් පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද පෙරවරු 7 ට ආරම්භ වී පස්වරු 5ට අවසන් විය.
අද පැවැති ඡන්ද විමසීම අතිශය සාමකාමී බව එහි සභාපති මහින්ද දේශපි‍්‍රය අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදීය. කිසිඳු බරපතල සිද්ධියක් මේ දක්වා වාර්තා වී නොමැති බවත් මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ වාර්තා කිහිපයක් කැඳවා ඇති බවත්, කිසියම් හෝ සුළු සිද්ධියක් වාර්තා වී තිබුණද, ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුකරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.
අද (05) පස්වරු 05 ට ඡන්ද විමසීම් කටයුතු නිමා වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 ඉක්මවා තිබුණි. ඒ අනුව, ගාල්ල 70%, මාතලේ 72%, නුවරඑළිය 75%, රත්නපුර 71%, පුත්තලම 64%, මහනුවර 72%, පොළොන්නරුව 72%, හම්බන්තොට 76%, අනුරාධපුරය 70%, මාතර 71%, මඩකලපුව 76%, වන්නි 73%, කළුතර 70%, ත්‍රීකුණාමලය 73% ලෙස සටහන් වේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය දැමීමේ ප්‍රතිශතය 71% දක්වා අඩු වී ඇත.  අනුව කුරුණැගල වැනි දිස්ත්‍රික්ක වල එය 65% දක්වා අඩු වී ඇත. කුරුණැගල ප්‍රතිශතය බෙහෙවින් අඩු වන්නේ බුවනෙකබාහු රාජ මණ්ඩපය ලෙස සැලකෙන පුරාවස්තු විනාශය පිළිබඳව නීතිමය පියවර නොගැනීම නිසා  විමසීමකට පිළිතුරු දෙමින් එහි ප්‍රකාශකයෙක් පැවසිය.
2015 ජනාධිපතිවරණයේ ඡන්දය දැමූ ප්‍රතිශතය 81% වන විට 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේ එම ප්‍රතිශතය 77% දක්වා 4% කින් අඩු විය. නමුත් 2019 ජනාධිපතිවරණයේදි 83% ක් වූ ඡන්දය දැමීමේ ප්‍රතිශතය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී 71% ක් දක්වා 12% කින් අඩුවීම විශේෂ තත්වයකි.
එක් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් එක් එක් ඡන්ද ප්‍රදේශයන් සඳහා නියෝජිතයින් දෙදෙනෙකු බැගින් අද (05) දින රාත්‍රියේ ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍රයේ රැඳී සිටීමට අවසර දෙන බව මැතිවරණ කොමිසම පවසයි. ඡන්ද දායකයින් ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසු ඡන්ද පෙට්ටි රැගෙන යාමට පෙර ඒවා විෂබීජහරණය කිරීම ද විශේෂත්වකි . ඡන්ද පෙට්ටි රැගෙන යාම සිදුවූයේ ද විශේෂ ආරක්ෂාවක් යටතේය.
එබැවින් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ දී, ඡන්ද පෙට්ටි භාරගන්නා අවස්ථාවේ සිට ඡන්දය ගණන් කිරීම අවසාන වන තෙක් ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු යොදා ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේම මනාප ගණන් කිරීමේ අවස්ථාව නිරීක්ෂණය සඳහා අතිරේක නියෝජිතයින් සංඛ්‍යාවක් යෙදවීමට අවසර දී ඇත.
හෙට පෙරවරුවේ ජන්දය ගණන් කිරිම ආරම්භ වන අතර පළමු ප්‍රථිපලය පස්වරු 3.00 පමණ වන විට ලබා දිය හැකි බවත් අවසන් ප්‍රථිපලය හෙට මධ්‍යම රාත්‍රිය වන විටදී ලබාදිය හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විශ්වාසය පළ කරයි.
අද පැවැති මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට උදෑසන 07 ට හෝ 08 ට ආරම්භ කිරීමට නියමිතයි.
මේ අතර මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැති අද දිනයේ මැතිවරණ පැමිණිලි 29 ක් ලැබී ඇත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
අශන්ති වරුනසුරිය