සමගියේ පිරිසක් පොහොට්ටුවට. 225ට 7452ක් තරඟ බිමට

gotabaya-1 (1)
ලබන බදාදා පැවැත්වෙන මහ මැතිවරණයේ මන්ත්‍රීධූර 225ක් සඳහා අපේක්ෂකයන් 7452ක් තරග කිරීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පිළිගත් දේශපාලන පක්ෂ 25ක අපේක්ෂකයන් 3652ක් සහ ස්වාධීන කණ්ඩායම් 313ක අපේක්ෂකයන් 3800ක් මෙහිදී තරග කිරීමට නියමිත බවයි.
මැතිවරණය සඳහා වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටින අතර එම සංඛ්‍යාව 924ක්. ඒවගේම අපේක්ෂකයන් අඩුම සංඛ්‍යාවක් තරග කරනු ලබන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 152ක්. මෙවර මහ මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමේ මධ්‍යස්ථාන 12894ක් ඇති අතර ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2773ක් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
කොහොමවුනත් ඉදිරියේ කවර පක්ෂයකින් රජයක් පත්වුවත් රටේ සංවර්ධනයේදී විශේෂයෙන් හඳුනාගත් ක්ෂේත්‍ර 5කට ප්‍රමුඛතාව ලැබිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර තිබෙනවා. ඉදිරි අයවැය සකස් කළ යුත්තේද එම ක්ෂේත්‍ර 5 කටයුතු විධිමත් ලෙස පවත්වාගෙන යාමට මූලිකත්වය දෙමින් බව ජනාධිපතිවරයා ස්වකීය ජ්‍යෙෂ්ඨ නිලධරයන්ට උපදෙස් දී අවසන්.
ඒ අනුව රටෙන් පානීය ජල හිඟය තුරන් කිරීම, ඉඩම් අහිමි ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම, පළාත් සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය – පළාත් අධ්‍යාපන සේවාව සැලසුම් සහගත ලෙස සංවර්ධනය කිරීම කුඩු වසංගතය හා පාතාලය මර්දනය ජනාධිපතිවරයා විසින් හඳුනාගත් විශේෂ ක්ෂේත්‍ර 5යි.
මෙම ක්ෂේත්‍ර පහ සඳහා විශේෂයෙන් මුදල් වෙන්කර අවශ්‍ය පියවර ගැනීමට දැනටමත් තීන්දු කර ඇති අතර මෙම ප්‍රමුඛතා හඳුනාගෙන තියෙන්නේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා දිවයින පුරා කරන ලද සංචාරවලදී ජනතාව හමුවී කතාබස් කොට ලබාගත් තොරතුරු වලට අනුව.
එමෙන්ම මේ වන විට සමගි ජන බලවේගය නියෝජනය කර පාර්ලිමේන්තුවට පිවිස රජයට එක්වීම සඳහා පස්දෙනෙකු රජය සමග සාකච්ඡා කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග Boston වෙත පැවසුවා. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය වෙත වාර්තා වීම නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමාවත් සමග ප්‍රසිද්ධ දේශපාලන නායකයන් සඳහා මඩගැසීමට කාන්තාවක් යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස මඩ ප්‍රචාර යැවීමේ සුදානමක් ඇති බවත් මෙම ආරංචි වල සදහන්.
එවැනිම ලබන බදාදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු පත් කෙරෙන අලුත් ආණ්ඩුව අගෝස්තු මස 11දා ස්ථාපිත කෙරෙනු ඇතැයි ද කැබිනට්ටුවට පෙර අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙනු ඇතැයිද මැතිසබය කැඳවීම අගෝස්තු මස 20 වැනි දින සිදුකෙරෙනු ඇතැයි වාර්තා වෙනවා.
By: අශන්ති වරුණසුරිය