මහ කන්න‍යේ රජයේ වී මිලදී ගැනීම් අරඹයි : ගොවියාට විශේෂ වරප්‍රසාදයක්

Paddy buying

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව 2019/2020 මහ කන්න‍යේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50ක අවම මුදලකට මිලදී ගැනීම රජය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වනුයේ,ගොවියාට විශේෂ වරප්‍රසාදයක් හැටියට ප්‍රථම වරට තෙතමනය සහිත වී රජය විසින් මිලට ගැනීමයි.

මීට ප්‍රථම කන්න වලදී රජය මඟින් මිලදී ගනු ලැබුවේ තෙතමනය 14% ක් හෝ ඊට වඩා තෙතමනය අඩු වී පමණී.මෙවර උපරිම තෙතමනය 22% දක්වා ප්‍රමිතියෙන් යුතු වී මිලදී ගනු ලැබේ.

පසුගිය වසර වල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රු.38 කට හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රු.41 කට මිලදී ගත් අතර මෙවර සියළුම වර්ගයේ වී සඳහා ඉහල මිලක් ලබාදෙමින් කිලෝ ග්‍රෑම් එකක් රු.50 රජය විසින් මිලදී ගනු ලැබේ.

වගා කර ඇති භූමි ප්‍රමාණය මිලදී ගන්නා උපරිම වී ප්‍රමාණය (Kg)

අක්කර 1 දක්වා 1,000

අක්කර 1 – 3 දක්වා 3,000

අක්කර 1 – 5 දක්වා 5,000