ජනපති සටනට 10ක්

image_47ad86a0ad
මේ වන විට ජනපති සටන ඇරඹී තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 07 දෙනෙකු ඇප මුදල් භාරදී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 04ක් සහ ස්වාධීන කණ්ඩායම් 03ක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, අජන්තා විජේසිංහ, සමන්ත පෙරේරා, ගෝඨාභය රාජපක්ෂ සහ ඊයේ දිනයේ අවසන් වරට ආරියවංශ දිසානායක මහතා එලෙස ඇප මුදල් තැන්පත් තැබූවන් වේ.
එමෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තවාදී පක්‍ෂයෙන් රොහාන් පල්ලෙවත්ත මහතා ඉදිරිපත් වන බවට නිල වශයෙන් ඔවුන්ගේ පක්ෂ සම්මේලනයෙන් එළිදැක්වුණා.  ඒ අනුව ඔහුද ඇප මුදල් තැම්පත් කිරීමට නියමිතයි . ජනතා විමුක්ති පෙරමුණෙන් අනුර කුමාර මහතා ඉදිරිපත් වන බවට ද ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් වන බවට ද එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බව ද පැවසුවත් තවමත් ඒ පිලිබදව නිල ප්‍රකාශයක් නිකුත් වී නැහැ
ඒ අනුව මේ වන විට ඉදිරි ජනාධිපතිවරණයට 10 දෙනෙකු සුදානම්ව සිටින බව අනුමාන කල හැකියි.