ශ්‍රී ලංකාවේ සාර්ථක ලෙස පවත්වන බෝරා සමුළුව

b284e0f9c6c20247792462963a04d26d_L
බෝරා මුස්ලිම්වරුන්ගේ ගෝලීය සමුළුව (02) ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමත් සමග එය විවිද මතවාදයන්ට ලක් වෙලා. ඊට විශේෂ හේතුව පසුගියදා සිදුවූ පාස්කු ප්‍රහාරය. කෙසේ වුවත් මේ වන විට දිවයිනට පැමිණ සිටින 23,000 කට අධික බෝරාවරුන් වෙනුවෙන් විශේෂ සංචාරක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට ද රජයේ අවධානය යොමු වුණා.
ඒ කොළඹ පැවැත්වෙන බෝරා සමුළුව හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ ඇති තදබදය හේතුවෙන්මු. ඒ අනුව සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග ශ්‍රී ලංකාව කෙරෙහි තියෙන විශ්වාසය තව දුරටත් නාග සිටුවීම මෙය අවස්ථාවක් කොට සලකමින් සංචාරක කර්මාන්තය නගා සිටුවනු වස් සංචාරකයක් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ද දියත් කර බව සදහන් කළා.  ඒ වගේම මේ වන විට මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම හරහා රුපියල් කෝටි නවසීයකට අධික ආදායමක් දැනටමත් මෙරටට ගලාවිත් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා සදහන් කරනවා.
ශ්‍රී ලංකා බෝරා පූජාවේ නියෝජිත ඉම්රාන් ෆකුර්දීන් අදහස් පළ කරමින් සඳහන් කළේ “අපේ ආගමේ අන්තවාදය කියලා දෙයක් නෑ.. එහෙම හිතීමක්වත් නෑ. රටට අපි කොහොමද උදව් වෙන්න ඕනේ, අනෙක් ජාතීන් සමග කොහොමද සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ කියන දේවල් බලාපොරොත්තුවෙන් තමයි මෙම සමුළුව තියෙන්නෙ.” යනුවෙන්.
බෝරා මුස්ලිම්වරුන්ගේ ගෝලීය සමුළුව අද බම්බලපිටිය වෙරළ මාවතේ බෝරා ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ අතර එළැඹෙන සැප්තැම්බර් 12 වැනිදා දක්වා එය පැවැත් වෙන්නේ මෙරටට සැපත්වී සිටින බෝරාවරුන්ගේ ජීවමාන ආගමික නායකයා වන ආචාර්ය සෙයිඩ්නා මුෆද්දල් සයිෆුදීන්තුමන්ගේ ප්‍රධානත්වයෙන්.
සමුළුව අවසාන වීමෙන් පසුව සංචාරක බෝරාවරුන් ගාල්ල,සීගිරිය,බදුල්ල,නුවරඑළිය සහ මහනුවර වැනි ප්‍රදේශ රැසක සංචාරය කිරීමටද සැලසුම් කර තිබෙන බැවින් බෝරාවරුන්ගේ සමුළුව වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් එළැඹෙන සැප්තැම්බර් 12 වැනිදා දක්වා කොළඹ බම්බලපිටිය ප්‍රෙද්ශය ආශ්‍රිතව ක්‍රියාත්මක වන අතර විශේෂ ආරක්ෂක සැලැස්මක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බවත් සදහන් කල යුතුයි.