මනුෂ නානායක්කාර ඉල්ලා අස්වෙයි!

manusha
එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම්ට තීරණය කර තිබේ.
ඔහු පසුගිය නොවැම්බර් 01 වන දින ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ලදී.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමා ඉදිරියට කටයුතු කරන බව  පැවසුවද ඔහු ජනාධිපතිතුමාට යැවූ ලිපියේ සඳහන් වන්නේ, කථානායකවරයාගේ ස්ථාවරය පිළිගන්නා තමන්ට රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති නිල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගැනීමට සිදුවන බවයි. ඉන්පසුව ඔහු  අරලියගහ මන්දිරයට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති අතර මාධ්‍යයට ඉදිරිපත් කළ ලිපිය මෙසේය
image