වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් තරුණයා සොයා ගැනෙයි

wellawatta 2

වැල්ලවත්ත ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ අද (20)පස්වරුවේ සිදුකළ මෙහෙයුම් වලදී අදාළ තරුණයාගේ මළ සිරුර සොයාගැනීමට හැකි වූ බවය.

පොලීසිය සහ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ අතිරේක කණ්ඩායම් යොදවා මෙම මෙහෙයුම් කටයුතු අද(20) දිනයේ සිදුකරනු ලැබීය.

පසුගිය 18 වනදා මෙම වැල්ලවත්තතේ පිහිටි ඉදි කෙරෙමින් පවතින ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 21 දෙනෙකු තුවාල ලැබීය.

මේ අතර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය  පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක් මෙම ගොඩනැඟිල්ල පිහිටි ස්ථානය නිරීක්ෂණය කර තිබේ.

මේ අතර වැල්ලවත්ත ප්‍රදේශයේ ඇල රක්ෂිතයේ පිහිටි අනවසර ඉදිකිරිම් මාස තුනක් ඇතුළත කඩා ඉවත් කරන ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා උපදෙස් ලබාදි ඇති බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේය.