නේපාල ජනාධිපතිනි වෙසක් එකට ලංකාවට එයි

Nepal president

ජාත්‍යන්තර වෙසක් දින උළලේ සමාප්ති උත්සවයට සහභාගිවීම සඳහා නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බණ්ඩාරි මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

අද(13) පෙරවරු 10.55ට තායිලන්තයේ බැංකොක් සිට පැමිණි යූ.එල් 403 දරණ ගුවන් යානයෙන් නේපාල ජනාධිපතිවරිය දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේය.

නේපාල ජනාධිපතිවරිය සමඟ 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ සමාප්ති උත්සවය හෙට(14) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විමට නියමිතය.

මේ අතර ලෝක මහා සමුළුව අද(13) පස්වරුවේ පවැත්වීමට නියමිත අතර එහි ප්‍රධාන ආරාධික අමුත්තා ලෙස නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බණ්ඩාරි මහත්මිය සහභාගීවනු ඇත.