මට තනතුරු දෙනවට සමහරු විරුද්ධයි

sarath-fonseka 2

තමාට එක්සත් ජාතික පක්ෂයේ තනතුරු ලබාදීමට ඇතැම් පිරිස් විරෝධය පළ කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ තමාට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර ලබාදෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කාලයකට ඉස්සර දැනුම් දී තිබූ බවයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේය.

පදවියක් තිබුණත් නැතත් තමන් කවුරුන්ද යන්න එක්සත් ජාතික පක්ෂයේ හැමෝම දන්නා බවත්, ඒ නිසා තමන් තනතුරු ඉල්ලමින් පසුපස නොයන බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් නියෝජ්‍ය නායක තනතුර ඇතුළුව තවත් තනතුරු කිහිපයක්ම තමාට දීමට යෝජිතව පැවති බවත්, ඒ නිසාම පක්ෂයේ කිහිපදෙනෙකු පමණක් ඊට එරෙහිව ක්‍රියා කරන බව තමාටද වැටහී ඇති බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේය.