ලක්ෂ 11ක වල්ලපට්ටා තොගයක් රේගුව බාරයට

Sri_Lanka_Customs_Service

රුපියල් එකොලොස් ලක්ෂයකට අාසන්න (1185250) වටිනාකමින් යුත් වල්ලපට්ටා කිලෝග්රෑම් 25.9 ක තොගයක්  සමග පුද්ගලයෙක් පෙරේදා (පෙබ 21) කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලාංකික 38 හැවිදිරිදි පන්නල ප්‍රදේශයේ පදිංචි සැකකරු මෙම වල්ලපට්ටා තොගය ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන් තොටුපලේ ආරක්ෂිත පරීක්ෂාවේදී යන්ත්‍ර වලට හසු නොවන ලෙස ඉතා සූක්ෂම අයුරින් මෙම වල්ලපට්ටා තොගය අසුරා තිබූ බව රේගුව සදහන් කරයි.

සැකකරැට රැපියල් ලක්ෂයක දඩමුදලක් පනවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු මේ වන විට පවත්වනු ලබයි.