SL vs WI 1st ODI : කාසියේ වාසිය කොදෙව් කණ්ඩායමට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගාවලිය අද (20) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

අද ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,\6714c363eb162

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්යෙන් යුත් එක්දින සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 ක් ඇතුළත් වනවා.

එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය 20 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ ටිකට් පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කවුන්ටරයෙන් හෝ පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පිහිටි ටිකට් පත් කවුන්ටරෙයෙන් මිලදී ගැනීමට හැකි අතර Online ටිකට් පත් ලබා ගැනීමට සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

කමිඳු 2024 වස​රේදී දෙවන වරටත් මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගනියි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැප්තැම්බර් මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට හිමිවී තිබෙනවා.

ඔහු එම සම්මානය මේ වසරේ දිනාගත් දෙවැනි අවස්ථාව මෙය ලෙසයි සඳහන් වෙන්නේ.

ඒ අනුව 2024 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාසයේ ක්‍රීඩකයා සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට ඔහු වාර්තා අතරට එක් වුණා.

SL vs WI 1st T20: කොදෙව් කණ්ඩායමට ලකුණු 180 ක ඉලක්කයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 51 ක්, චරිත් අසලංක ලකුණු 59 ක් කුසල් මෙන්ඩිස් ලකුණු 19 ක් හා භානුක රාජපක්ෂ ලකුණු 17 ක් ලබාගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 180 ක්.

ලකුණු පුවරුව පහතින්.

670beaac83631

SL vs WI 1st T20: චරිත්ගෙන් අර්ධ ශතකයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව එම තරගයේදී චරිත් අසලංක අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 08 ක් ඇතුළත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටිනවා.

SL vs WI 1st T20: පන්දුවාර 15 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 132/3

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටිනවා.

පන්දුවට පහර දෙමින් සිටින චරිත් අසලංක ලකුණු 39 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 51 ක් ලබා ගෙන සිටිනවා.

SL vs WI 1st T20: කමිඳුගෙන් අර්ධ ශතකයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව එම තරගයේදී කමිඳු මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 02 ක් හා හතරේ පහර 05 ක් ඇතුළත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටිනවා

SL vs WI 1st T20: පන්දුවාර 10 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 83/3

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය අද (13) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 83 ක් ලබා සිටිනවා.

පන්දුවට පහර දෙමින් සිටින චරිත් අසලංක ලකුණු 03 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 40 ක් ලබා ගෙන සිටිනවා.

කුමාර් සංගක්කාර නැවත ක්‍රිකට් පිටියට

International Masters League 2024 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කර තිබෙනවා.

මෙම තරගාවලිය නොවැම්බර් 17 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, මේ සඳහා ඉන්දීය සත්කාරකත්වය යටතේ රටවල් 06ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් 06 තරග කිරීමට නියමිතව තිබෙනවා.

සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු 2024 ඔක්තෝබර් 01 වනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහා පත්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.