Hong Kong Sixes : දෙවැනි තරගයේ ජයත් ශ්‍රී ලංකාවට

Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 18 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 107 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර හය අවසානයේ දී කඩුලු 3 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 89 ක් පමණයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ද ඔවුන් ඕමානය පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ දිවයිනට

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකට සහ එක් එක්දින තරගයකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබන වසරේ ජනවාරි මාසයේදී දිවයිනට පැමිණිමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවට අදාළව ටෙස්ට් තරග දෙක ක්‍රියාත්මක වන අතර, පළමු තරගය ජනවාරි මස 29 වැනිදා ගාල්ලේදී ආරම්භ කිරීමට නියමිතයි.

දෙවැනි ටෙස්ට් තරගය ද ගාල්ලේ පැවැත්වීමට නියමිත අතර එම තරගය ආරම්භ වන්නේ පෙබරවාරි මස 06 වැනිදා යි.

එසේම එක්දින තරගයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එම තරගය පෙබරවාරි මස 13 වැනිදා පැවැත්වීමට නියමිතයි.

67249bb0d3f56

Hong Kong Sixes : පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් අද (01) ඔවුන් ඕමානය පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕමානය කඩුලු දෙකක් දැවී ලකුණු 78 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 4.1 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 82 ක් ලබා තරගය ජය ගැනීමට සමත් වුණා.

අද පස්වරුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව ද තරග වැදීමට නියමිතව තිබෙනවා.

Emerging Teams Asia Cup Final: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ආසියානු නැගී එන කණ්ඩායම් විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) සමත් වුණා.

ඒ අනුව සිංගප්පූරුව සමඟ පැවති අවසන් තරගයේදී තියුණු සටනකින් පසු සිංගප්පූරුව හමුවේ ලකුණු 67 – 64ක් ලෙසින් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා.

ශ්‍රී ලංකාව මෙවර ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා අපරාජිතව පැමිණ තිබුණා.

Emerging Teams Asia Cup: ශ්‍රී ලංකාවට ලකුණු 136 ක ඉලක්කයක්

නැගී එන කණ්ඩායම් පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 135 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහන් ආරච්චිගේ කඩුලු 4 ක්, නිපුන් රන්සික කඩුලු 2 ක් හා එශාන් මාලිංග කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කයක් ලකුණු 136 ක්.

ලකුණු පුවරුව පහතින්.

671b75c041038 671b75c01ea35

Emerging Teams Asia Cup: කාසියේ වාසිය පාකිස්තාන A කණ්ඩායමට

නැගී එන කණ්ඩායම් පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන A කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

Emerging Teams Asia Cup : ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු අවසන් පූර්ව තරගය අද

නැගී එන කණ්ඩායම් පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරගය අද (25) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර තරගය අද දහවල් 2.30 ට ආරම්භවීමට නියමිතයි.

SL vs WI 2nd ODI: ශ්‍රී ලංකාවට ලකුණු 190 ක ඉලක්කයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වෙන් පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 36 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකණු 189 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Sherfane Rutherford ලකුණු 80 ක් හා Gudakesh Motie නොදැවී ලකුණු 50 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හරසංග කඩුලු 4 ක් හා මහීෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 190 ක්.

ලකුණු පුවරුව පහතින්.

ශ්‍රී ලංකාව නියෝජනය කළ Yevan David ට යුරෝ ෆෝමියුලා මෝටර් රථ ධාවන ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර Yevan David ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8 වන අදියරේ ජය හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.

යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8 වන අදියර ඉතාලියේ මොන්සා ධාවන පථයේ පසුගිය සෙනසුරාදා (19) පවත්වා තිබෙනවා.

Yevan David එම තරගයේදී නියෝජනය කළේ ජර්මනියේ මොටෝපාර්ක් කණ්ඩායම වන අතර, මොන්සා ධාවන පථයේ වට 16 ක් පැවති තරගය මිනිත්තු 30යි තත්පර 13කින් නිමකල ඔහු ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගයේ 8 වන අදියර ජයගත්තා.