ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.
ඒ අනුව ඔහු 2024 ඔක්තෝබර් 01 වනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහා පත්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.
ඒ අනුව ඔහු 2024 ඔක්තෝබර් 01 වනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහා පත්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
වේග පන්දු යවන්නෙකු වන විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව ඔහු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සැප්තැම්බර් 26 වනදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම FIFA ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් 200 වන ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.
පසුගිය කාලයේ පැවති තරඟ රැසකදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්ව තිබුණා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද (20) නම් කර තිබෙනවා.
ඒ අනුව චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 15 ක් ඇතුළත් වනවා.
තරගාවලිය ඔක්තෝබර් 03 වනදා සිට 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අදාළ සංචිතය පහතින්.

අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය හර්ෂිතා මාධවී විසින් දිනාගෙන තිබෙනවා.
ඇය ආසියානු කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මේ සඳහා නිර්දේශවී තිබුණා.
අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා.
ඒ අනුව සුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ දී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මේ සඳහා නිර්දේශවී තිබුණා.
ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරඟාවලියේ තුන්වන වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියා.
ඒ අනුව මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ දින රාත්‍රී 11.10 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ HQ – 468 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඉකුත් 5 වන දින ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම, කාම්බෝජය සමඟ කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරඟයක් මෙම දෙරට අතර කාම්බෝජයේ නොන්පෙන් නුවරදී පසුගිය 10 වන දින පැවැත්වුණා.
එහිදීත් දෙරට 2-2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඬුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4-2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමඟ මෙම ජයග්‍රහණය හිමි කර ගත්තා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 325 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී Ollie Pope ලකුණු 154 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක කඩුලු 3 ක් හා විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර හා ධනංජය ද සිල්වා කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 263 ක් පමණක් වන අතර පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක හා කමිඳු මෙන්ඩිස් ලකුණු 64 බැඟින් ද, ධනංජය ද සිල්වා ලකුණු 69 ක් ලබා ගත්තා.
දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි එංගලන්ත කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 156 ක් පමණක් වන අතර එහිදී පන්දු යැවීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 4 ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
ලකුණු 219 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය අතර, පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක ලකුණු 127 ක් ලබා ගත්තා.
තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 – 1 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.
ඇෆ්ගනිස්තාන තරගාවලියට සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ලංකාව සහ කාම්බෝජය අතර පාපන්දු තරගය මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.
ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට කණ්ඩායම් දෙකම කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට සමත්වී නොමැති බවයි සඳහන් වෙන්නේ.