SL vs NZ 1st ODI: කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.

එහිදි සිය සිව්වන එක්දින ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වූ අතර පන්දු 102 කින් වාර්තා කළ ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 12 ක් ඇතුළත් වුණා.

SL vs NZ 1st ODI: අවිශ්කගෙන් අර්ධ ශතකයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව ඒම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර පන්දු 60 කින් වාර්තා කළ ඔහුගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 3 ක් හා හයේ පහර 2 ක් ඇතුළත් වුණා.

SL vs NZ 1st ODI: කුසල් මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව ඒම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වූ අතර පන්දු 64 කින් වාර්තා කළ ඔහුගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.

SL vs NZ 1st ODI: වර්ෂාවෙන් පසු තරගය යළි ආරම්භ වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (13) පැවැත්වෙනවා.

තරගයේ පළමු පන්දුව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය මඳකට නතර කර තිබුණු අතර, මේ වන විට යළි තරගය ආරම්භ වී තිබෙනවා.

වනිඳු හසරං​ග​ට එක්දින තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේ දී පන්දු යවමින් සිටියදී ඔහුගේ වම් පාදයේ සිදු වූ ආබාධය හේතුවෙන් ඔහුට මෙලෙස එක්දින තරගාවලිය අහිමි වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔහු වෙනුවට දුෂාන් හේමන්ත එක්දින සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය හෙට (13) දඹුල්ලේ දී ආරම්භ වනවා.

SL vs NZ 1st T20: ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

සංචාරක නවසීලන්ක කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය කඩුලු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 135 ක් පමණයි

පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Michael Bracewell ලකුණු 27 ක් හා නොදැවී පන්දුවට පහරදුන් Zakary Foulkes ලකුණු 27 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 2 ක්, නුවන් තුෂාර කඩුලු 2 ක්, මතීෂ පතිරණ කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් අවසනායේ කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනුවෙන් කුසල් පෙරේරා හා කමිඳු මෙන්ඩිස් ලකුණු 23 බැඟින් හා, චරිත් අසලංක නොදැවී ලකුණු 35 ක් ලබා ගත්තා.

තීරණාත්මක දෙවන විස්සයි විස්ස තරගය හෙට (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

SL vs NZ 1st T20: කාසියේ වාසිය නවසීලන්තයට

සංචාරක නවසීලන්ක කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා T20 හා එක්දින සංචිත නම් කෙරේ

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස හා එක්දින ක්‍රිකට් තරගාවලි සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිත නම් කර තිබෙනවා.

ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් අතර, කුසල් ජනිත් පෙරේරා යළි එක්දින සංචිතයට කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

එසේම චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් විස්සයි විස්ස සංචිතයට ද ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් කර ඇති අතර කොදෙව්වන්ට එරෙහිව නම් කෙරුණු ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයම මෙවර නම් කර තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දෙරට අතර විස්සයි විස්ස තරග දෙකක් හා එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතව ‍තිබෙනවා.

672b29d043725

Hong Kong Sixes: තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකාවට

Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කඩුලු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 5 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 72 ක් පමණයි.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

Hong Kong Sixes: ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(3) සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 6 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 103 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 5.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද පස්වරු 2:15 ට පැවැත්වීමට නියමිතයි.