Lanka T10 Super League: Jaffna Titans කණ්ඩායමට කඩුලු 8 ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස Hambantota Bangla Tigers කණ්ඩායම හා Jaffna Titans කණ්ඩායම් අතර පැවති අතරගයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට Jaffna Titans කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට  Hambantota Bangla Tigers කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 10 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 106 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Hambantota Bangla Tigers කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 51 ක් ලබා ගත්තා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Titans කණ්ඩායම පන්දුවාර 9 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

Lanka T10 Super League: Jaffna Titans කණ්ඩායමට ලකුණු 107 ක ඉලක්කයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය Hambantota Bangla Tigers කණ්ඩායම හා Jaffna Titans කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට  Hambantota Bangla Tigers කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 10 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 106 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Hambantota Bangla Tigers කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 51 ක් ලබා ගත්තා.

ජයග්‍රහණය සඳහා Jaffna Titans කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 107 ක්.

Lanka T10 Super League: තරගාවලියේ ක්‍රීඩා කරන සංචිත

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (11) ආරම්භ වනවා.

ඒ අනුව තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම්වල ක්‍රීඩකයින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට Jaffna Titans, Kandy Bolts, Hambantota Bangla Tigers, Colombo Jaguars, Nuwara Eliya Kings හා Galle Marvels යන කණ්ඩායම් හය තරග වදිනවා.

අදාළ සංචිත පහතින්.

6759656cbfe4d 6759656da0445 6759656ca7a7f 6759656c10c58 6759656b6d3b4 6759656a83d67

SL vs SA 2nd Test : දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 358 කට සීමාවෙයි

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර Gqeberha හීදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 7 ක් දැවී ලකුණු 269 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 358 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 79 කට කඩුලු 4 ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් බිද හෙලුවා.

මේ වනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 19 ක් ලබා සිටිනවා.

SL vs SA 1st TEST: දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191 ක​ට සීමා වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 191 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් නායක Temba Bavuma ලකුණු 70 ක් හා Keshav Maharaj ලකුණු 24 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 3 ක්,  අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් ,විශ්ව ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

WTC ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව යළි පෙරමුණට

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය යළි හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (25) සමත් වුණා.

ඒ අනුව අද ලැබූ ජයත් සමඟ ඉන්දියාව 61.11% ක ලකුණු ප්‍රතිශතයක් වාර්තා කරමින් පෙරමුණ ගෙන ඇති අතර ඔස්ට්‍රේලියාව 57.69% ක ලකුණු ප්‍රතිශතයක් වාර්තා කරමින් දෙවන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

ශ්‍රී ලංකාව 55.56% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින් තවදුරටත් තෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

අදාළ ප්‍රසාද ලකුණු සටහන පහතින්.

67443e8be6fea

IND vs AUS Test : පළමු තරගයෙන් ඉන්දියාවට ලකුණු 295 ක ජයක්

Border–Gavaskar කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 295 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (25) සමත් වුණා.

තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 150 ක් රැස් කළ අතර පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලබා ගත්තේ ලකුණු 104 ක් පමණයි.

අනතුරුව සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 487 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කර තිබුණා.

එහිදී යශස්වි ජයිස්වාල් ලකුණු 161 ක් හා විරාත් කෝලි නොදැවී ලකුණු 100 ක් ලබා ගනිමින් ඉන්දීය දෙවැනි ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා.

ඒ අනුව දෙවැනි ඉනිමේ දී ලකුණු 534 ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 238 ක් පමණයි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 6 වැනිදා ඇඩිලේඩ්හිදී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

SL vs NZ 2nd ODI: ශ්‍රී ලංකාවට ලකුණු 210 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 45 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 209 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Mark Chapman ලකුණු 76 ක් හා Mitchell Hay ලකුණු 49 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජෙෆ්රි වෙන්ඩසේ කඩුලු 3 ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් හා මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය පන්දුවාර ලකුණු 210 ක්.

SL vs NZ 2nd ODI: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය අද (17) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

SL vs NZ 1st ODI: අවිශ්කගෙන් ශතකයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.

එහිදී සිය සිව්වන ශතකය වාර්තා කිරීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර පන්දු 114 කින් වාර්තා කළ ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 9 ක් හා හයේ පහර 2 ක් ඇතුළත් වුණා.